නිරිතදිග ඇෆ්ගනිස්තානයේ නිම්රොස් පළාතේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් කිහිපදෙනකු පෙරේදා(14) එල්ල කළ ප‍්‍රහාරයකින් 41දෙනකු ජීවිතක්ෂයට පත්ව 130 දෙනකු තුවාල ලබා ඇතැයි ඇෆ්ගන් ආරක්ෂක අංශ සඳහන් කරයි.
මෑතකාලීනව නිම්රොස් පළාතේ සරන්ජ් ප‍්‍රදේශයෙන් වාර්තා වූ දරුණුතම සිද්ධිය මෙය බව සඳහන් කරන එරට ආරක්ෂක අංශ කියා සිටියේ ප‍්‍රහාරය සඳහා ප‍්‍රදේශයට පැමිණි සටන්කාමීන් 11 දෙනා ස්ථාන කිහිපයකදී බෝම්බ ප‍්‍රහාර එල්ල කර ඇති බවයි. මෙම ප‍්‍රහාර එල්ල වූයේ මුස්ලිම් බැතිමතුන් රාමසාන් කාලය අවසන් කිරීමට සූදානමින් සිටින අවස්ථාවකදීය.
මෙසේ පැමිණි බෝම්බකරුවන්ගෙන් දෙදෙනකු පෙරේදා රාති‍්‍රයේදී පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කරන ලද බවත් බෝම්බ පුපුරුවා හැරීමට පෙර තවත් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් නිම්රොස් පළාතේ පොලිස් ප‍්‍රධානී මුජිබුල්ලා ලටිෆි පැවැසීය.
බෝම්බකරුවන් තිදෙනකු විසින් බෝම්බ පුපුරුවා හරින ලද බවත් එම ස්ථානයේම සිටි අනෙක් සටන්කාමීන් තිදෙනාට පොලිසිය විසින් වෙඩි තබන ලද බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ප‍්‍රහාරයෙන් මියගිය අය අතර සිවිල් වැසියන් සහ ආරක්ෂක අංශ සාමාජිකයන් සිටින බව සරන්ජ් ප‍්‍රදේශයේ ආණ්ඩුකාරවරයා පැවැසීය.
මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරවල වගකීම මෙතෙක් කිසිදු පාර්ශවයක් විසින් බාරගෙන නොමැති බව වාර්තා වේ. පසුගිය කාලයේ සිවිල් වැසියන් සහ ආරක්ෂක අංශ සාමාජිකයන් ඉලක්ක කරගෙන ඇෆ්ගනිස්තානය තුළ ප‍්‍රහාර දියත් කළේ තලෙයිබාන් සටන්කාමීන්ය.
මේ වන විට තලෙයිබාන් සටන්කාමීන්ට එරෙහිව සටන් කිරීමට 130,000ක පමණ නේටෝ භට පිරිසක් ඇෆ්ගනිස්තානයේ රැුඳී සිටින අතර 2014 වසරේදී ඔවුන් රටෙන් ඉවත්වීමට නියමිතය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවදාවත්ම බර්මියන් ශාපයෙන් නම් ගැළවෙන්න ලැබෙන්නේ නැහැ. (නි)
හොද පුවතක්.. අහන්න ආසයි..!!(නු)
මධූ ..ඔබ හරියටම හරි..ඔහොම යන් .. (ස)
මේ කරන වැඩවලට ළගදීම දඩුවම් ලැබේවි. (නි)
තලේබාන්වලත් අතීතයේ බෞද්ධයන් තමයි ඉදලා තියෙන්නෙ..!!(නු)
ඒක තමයි අල්ලා දෙවියන්ගේ කැමැත්ත. (නි)
ලෝකයේ තියෙන එපාම කරපු රට. කිසිම අනාගතයක් නැහැ. අල්ලා දෙවියන්ගේම පිහිටයි! (නි)
ඔව් ඔව් අපේ ලංකාව ලෝකෙ උතුම්ම රට.. 88, 89 මතක නැතිව ඇති..!(නු)
ආගම් වාදියනෙ.... ඔට භේදෙ නවත්තපල්ලා... හැම දෙයක්ම මේ ආගම් දෙස බම නවත්තපල්ලා... අවුරුදු 30 යුද්ධ කාලේ ඔය භේදෙ නිසා... කවදද ඔහෙලා පාඩමක් ඉගෙන ගන්නෙ. (ස)
අනේ නිමල්, එහෙනම් ඔයා වද නොදී ඇෆ්ඝනිස්තානයට යන්නකෝ ඔයාගේ පවුලේ කට්ටියත් එක්ක. (නි)