ඇෆ්ගනිස්තානයේ දේවස්ථානයකට එල්ලවූ ප්‍රහාරයකින් 14 දෙනකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
කාබුල් නුවර නැගෙනහිර බල්ක් පෙදෙසේ ශියා මුස්ලිම්වරුන්ගේ දේවස්ථානයක් ඉලක්ක කර පිපිරවූ බෝම්බය හේතුවෙන් අශෝරා උත්සවය සමරමින් සිටි බැතිමතුන් 36 දෙනෙක් තුවාල ලබා ඇත.
තුවාල ලැබූ අය අතරින් බොහෝ පිරිසක් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවද කියති. ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකු වගකීම භාරගෙන නැති බවද කියති.
කාබුල් නුවරදී ශියා මුස්ලිම් බැතිමතුන්ට එල්ල වූ වෙඩි ප්‍රහාරයකට දිනකට පසු මෙම සිදුවීම වාර්තාවෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd