IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඇසෑම්-මිසෝරාම් ප්‍රාන්ත ගැටුම ඔඩුදුවයි

ඉන්දියාවේ ඇසෑම් සහ මිසෝරාම් යන ප්‍රාන්ත අතර දශක ගණනාවක් තිස්සේ පවතින ප්‍රාන්ත සීමා සම්බන්ධ ගැටුම් මේ වනවිට යළි ඇවිලීමට පටන්ගෙන තිබේ.

පසුගිය සඳුදා (26) ඇසෑම් පොලිස් නිලධාරීන් සහ මිසෝරාම් ප්‍රාන්ත පොලිස් නිලධාරීන් අතරේ ප්‍රාන්ත සීමාවේ වෙඩි හුවමාරුවක් පැවැතිණි. එයින් 60 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.

මිසෝරාම් ප්‍රාන්තයෙන් එල්ල වුණු වෙඩි ප්‍රහාරයට හසුවීමෙන්, ඇසෑමයේ පොලිස් නිලධාරීන් 6 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව ද පැවැසිණි. එම ගැටුමින් පසු, ප්‍රාන්ත සීමාවට ආරක්ෂාවට ඉන්දීය කොමාන්ඩෝ සෙබළුන් 6,000 ක් යෙදවූ බව ඇසෑම් ප්‍රාන්ත මහ ඇමැති හිමන්තා බිස්වා සර්මා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පැවැසීය. සර්මා නියෝජනය කරන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයයි.

මිසෝරාම් ප්‍රාන්තයේ බලයේ සිටින 'මිස්රෝ ජාතික පෙරමුණ' භාරතීය ජනතා පක්ෂය සමඟ හවුල් වී සිටී. මිසෝරාම් මහ ඇසැති සොරම්තංගා ඇසෑමයට චෝදනා කර ඇත්තේ, ඇසෑමය තමන්ගේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගනිමින්, ගම්වැසියන්ට කරදර කරන බවටය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

ඇසෑම්-මිසෝරාම් ප්‍රාන්ත ගැටුම ඔඩුදුවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 650 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 316 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site