IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකා - රුසියා විදේශ ඇමැතිවරු සාකච්ඡාවක

ඉරානය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී විඩියෝ තාක්ෂණය ඔස්සේ සමුළුවක් පැවැත්වීමට රුසියාව යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ මේ සම්බන්ධයෙන් දුරකතන මාර්ගයෙන් සාකච්ඡාවක් ද පවත්වා ඇත.

වසර 2015 දී අත්සන් තබන ලද ඉරාන න්‍යෂ්ටික ගිවිසුම සම්බන්ධයෙන් විඩියෝ තාක්ෂණය ඔස්සේ සමුළුවක් පවත්වමු යැයි යෝජනා කරන ලද්දේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ය. ඉරාන න්‍යෂ්ටික ගිවිසුමට අත්සන් තැබුණේ බැරැක් ඔබාමා ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හොබවන විටදී ය. ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානයට අමතරව ලෝක බලවතුන් ද එම ගිවිසුමට අත්සන් තැබීය.

ඉරානය න්‍යෂ්ටික ගිවිසුමේ කොන්දේසි උල්ලංඝනය කරන බව කියමින් ඇමෙරිකාවේ වත්මන් ජනාධිපති ට්‍රම්ප්, ඇමෙරිකාව එම ගිවිසුමෙන් ඉවත් කරගත්තේ ය.

ගිවිසුමේ ඉතිරි පාර්ශව සමඟ සාකච්ඡා කරමු යැයි රුසියානු ජනාධිපතිවරයා ඉකුත් දා කීය. බ්‍රිතාන්‍ය, ප්‍රංශය, චීනය සහ ජර්මනිය ඉරාන න්‍යෂ්ටික ගිවිසුමේ අනෙක් පාර්ශවකරුවන් ය.

තවදුරටත් ‘‘ඝට්ටන සහ ආරවුල්’’ ඇති වීම වැළැක්වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී ඉරානය සම්බන්ධයෙන් සාකච්ඡා කරමු යැයි රුසියානු ජනාධිපතිවරයා යෝජනාව වී තිබේ.

රොයිටර්

055



අදහස් (0)

ඇමෙරිකා - රුසියා විදේශ ඇමැතිවරු සාකච්ඡාවක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 783 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 382 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site