මැදපෙරදිග කලාපයේ දැවෙන ප‍්‍රශ්නය ලෙස සැලකෙන ඊශ‍්‍රායල පලස්තීන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ඊයේ(23) ඊශ‍්‍රායලයට පැමිණියේය.
රාජ්‍ය ලේකම් ධූරයට පත් වීමෙන් පසු කෙරී ඊශ‍්‍රායලයේ සංචාරය කරන සිවු වැනි අවස්ථාව මෙය වේ. ඊශ‍්‍රායලයට පැමිණි රාජ්‍ය ලේකම්වරයා එරට අගමැති බෙන්ජමින් නෙතන්යාහු හමුවීමට නියමිත අතර ඉන් අනතුරුව රාමල්ලා නුවරදී පලස්තීන ජනපති මහමුද් අබ්බාස් හමුවීමට ද නියමිතය.
ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඊශ‍්‍රායලයේ සංචාරය කිරීමට තීරණය කළේ පසුගියදා ජොර්දානයේදී සිරියා අර්බුදය විසඳීම සඳහා ‘සිරියාවේ මිතුරෝ’ නමැති කණ්ඩායමට අයත් විදේශ ඇමැතිවරුන් හමුවීමෙන් අනතුරුවය.