මාසයකට වැඩි කාලයක් තිස්සේ සෝමාලි මුහුදු කොල්ලකරුවන්ගේ ප‍්‍රාණ ඇපයේ සිටි ඉරාන ධීවරයන් 13 දෙනකු බේරා ගැනීමට ඇමෙරිකා නාවික හමුදාව පෙරේදා (7) සමත් විය. ධීවරයන් කණ්ඩායම බේරා ගැනීමට හැකිවූයේ ඇමෙරිකා නාවික හමුදාවේ යූ.එස්.එස්. ජෝන් සී ස්ටෙයින්ස් නමැති ගුවන් යානා ප‍්‍රවාහන යුද නැවේ නාවික භටයන්ය. යූ.එස්.එස්. ජෝන් සී ස්ටෙයින්ස් යුද නැව ඉරානය අසල මුහුදට සමීප වී සිටින්නේ ඉරානය, හෝමූස් සමුද්‍ර සන්ධියේ පැවැත්වූ නාවික යුද අභ්‍යාසයෙන් පසුවය. ඇමෙරිකාව යූ.එස්.එස්. ජෝන් සී ස්ටෙයින්ස් යුද නැව ඉරානය අසල මුහුදේ ස්ථානගත කර ඇත්තේ යම් හෙයකින් හෝමූස් සමුද්‍ර සන්ධිය වැසීමට ඉරානය පියවර ගත්තොත් ඉරානයට පහර දීමක් කිරීමටය. කොල්ලකරුවන්ගේ ග‍්‍රහණයෙන් බේරා ගත් ඉරාන ධීවරයන් 13 දෙනා යළි ඉරානයට යැවීමට කටයුතු කළේයැයි ඇමෙරිකාව පවසයි. දෙරට අතරේ නොහොඳ නෝක්කඩු තිබුණ ද ඇමෙරිකා නාවික හමුදාවේ එම කි‍්‍රයාව ඉතා ප‍්‍රසංශනීය යැයි ඉරානය පවසයි.
1
නියාමනයෙන් පස්සේ ත්‍රීරෝද රථ ධාවනයේදී පරණ සෙල්ලම් බෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd