IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඇමෙරිකා තානාපති නිලධාරීන් 60ක් රුසියාවෙන් පිටුවහල්

රුසියාව   ඇමරිකානු තානාපති නිළධාරීන් 60 දෙනෙකු එරටින් පිටුවහල් කිරීමට තීරණය කර තිබේ . 
 
මේ අනුව එම නිළධාරීන් හට අප්‍රේල් පස්වැනිදා වනවිට එරටින් පිටවන ලෙස දන්වා ඇතැයි විදෙස් මාධ්‍ය සදහන් කරයි. මෙම පිටුවහල් කිරීම ඇමරිකාව විසින් රුසියානු තානාපති නිලධාරීන් 60 දෙනෙකු එරටින් පිටුවහල් කිරීමට මෙම සතිය මුලදි ගත් තීරණයට ප්‍රතිචාර වශයෙන් සිදුකළ ක්‍රියාවකි.
 
රුසියානු විදේශ අමාත්‍යාංශයේ නිවේදනය අනුව මින් නිලධාරීන් 58 දෙනෙකු මොස්කව්හි ඇමරිකානු තානාපති කාර්යාලයේ අය වන අතර අනිත් දෙදෙනා එරට යෙකයෙරින්බර්ග් නුවර ඇමරිකානු කොන්සල් කාර්යාලයේ නිලධාරීහු වෙති.
 
මීට අමතරව රුසියාව විසින් එරට ශාන්ත පීටරස්බර්ග් නුවර ඇති ඇමරිකානු කොන්සල් කාර්යාලය සදහා ලබාදී තිබූ අවසරයද අවලංගු කර ඇත. මෙනිසා එම කාර්යාලය වසාදැමීමට සිදුවනු ඇත. තවද රුසියාව එරට ඇමරිකානු තානාපති ජොන් හන්ට්ස්මන් හට ඇමරිකාවේ ප්‍රකෝපකරවන සුළු ක්‍රියාපටිපාටියට විරෝධය දක්වා ලිපියක්ද බාරදී ඇතයි වාර්තාවේ.
 
මේ සම්බන්ධ  ප්‍රවෘත්ති සාකච්ඡාවක් වොෂින්ටන් D.C හී කැඳවමින් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා හීතර් නොවර්ට් කියාසිටියේ මෙම ක්‍රියාවලියෙන් පෙනී යන්නේ මෙම ප්‍රශ්නය සාකච්ඡා මගින් විසඳාගැනීමට රුසියාවේ ඇති අකමැත්ත බවයි. ඇය තවදුරටත් ප්‍රකාශ කළේ ඇමරිකානු ක්‍රියාමාර්ග රුසියාව විසින් බ්‍රිතාන්‍යය පුරවැසියන් හට බ්‍රිතාන්‍යයේදී ප්‍රහාර එල්ල කිරීමට එරෙහිව පමනක්ම බවයි. එසේම රුසියානු ක්‍රියාමාර්ග සාධාරණීකරනය කළ නොහැකි බවද ඇය කියාසිටි බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.
 
මෙම සිද්ධියට හේතුව වී ඇත්තේ රුසියානු හිටපු ද්විත්ව ඔත්තුකරුවකු වූ සර්ජි ස්කර්පල් සහ ඔහුගේ දියණියට බ්‍රිතාන්‍යයේදී වස දී ඝාතනය කිරීමට උත්සාහ කිරීම රුසියාවේ ක්‍රියාවක් බවට බ්‍රිතාන්‍යය සැක කිරීමයි. මෙම චෝදනා රුසියාව ප්‍රතික්ෂේප කරයි. සර්ජි ස්කර්පල් සහ ඔහුගේ දියනිය වු යුලියා ස්කර්පල් මේ වනවිට බරපතළ තත්වයෙන් බ්‍රිතාන්‍ය රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටී.

(255)



අදහස් (0)

ඇමෙරිකා තානාපති නිලධාරීන් 60ක් රුසියාවෙන් පිටුවහල්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 674 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site