IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


ඇමෙරිකා අයවැය අර්බුදයෙන් ආසියාවට බලපෑමක් නෑ

ලබන වසර සඳහා අය වැය සම්මත කරගත නොහැකිව ඇමෙරිකාවේ හටගත් මූල්‍ය අර්බුදයෙන් ආසියාවට කිසිදු ආකාරයක බලබෑමක් සිදුනොවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී, ඊයේ (10) බෲනෙහි පැවැත්වුණු ‘ආසියාන්’ රාජ්‍ය නායක සමුළුවේදී

සමුළුව අතරතුරේ ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී තායිලන්ත අගමැතිනී යිංග්ලක් ෂිනවාත‍්‍රා සමඟ

අවධාරණය කළේය.

අග්නිදිග ආසියානු රටවල රාජ්‍ය නායක සමුළුව මෙවර පැවැත්වෙන්නේ 23 වැනි වරටය. එම සමුළුව අතරතුරේ, 8 වැනි නැගෙනහිර ආසියානු රාජ්‍ය නායක සමුළුව ද පැවැත්වෙයි. කලාපීය වෙළෙඳ සහ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් රාජ්‍ය නායකයන්ගේ අදහස් හුවමාරු වන්නේ මෙම සමුළුවේදීය.

සමුළුවට සහභාගී වීමට නියමිතව සිටියේ, ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමාය. එහෙත් හටගත් අර්බුදය හේතුවෙන් ඔබාමා සිය සියලූම විදෙස් සංචාර අවලංගු කර දැම්මේය.

ඔබාමා පරිපාලනය මුහුණ දුන් එම අර්බුදය ‘සුළු පසුබෑමක්’ බවත්, ආසියානු කලාපය කෙරෙහි ඇමෙරිකා රජය දක්වන උනන්දුව කිසිසේත්ම අඩු වී නැති බවත් රාජ්‍ය ලේකම් ජෝන් කෙරී යළිත් වරක් අවධාරණය කළේය.

ඇමෙරිකා ජනපති ඔබාමා සමුළුවට සහභාගී නොවීම නිසා, සමුළුවේදී නව ආයෝජන අවස්ථා රැසක් ඇති කර ගැනීමට රුසියාව සහ චීනය සමත් වීම කැපී පෙනුණු සිදුවීමක් විය.

ඇමෙරිකාවට අයවැය සම්මත කර ගැනීමට නොහැකි වී ඇත්තේ, ඇමෙරිකාවේ ඇමෙරිකාවේ මහජන නියෝජිත මණ්ඩලය සහ කොංග‍්‍රස් මණ්ඩලය අතර මත ගැටුමක් මුල්කර ගනිමිනි.

අයවැය සම්මත කර ගැනීම ඉකුත් 30 වැනිදා මැදියම් රැයින් අවසන් විය. ඒ අනුව ඉකුත් පළමු වැනිදා සිට, ඇමෙරිකාවේ මූල්‍ය කටයුතු අඩපණවූ අතර, රාජ්‍ය ආයතනවලින් කොටසක් වසා දැමීමට ද පියවර ගෙන ඇත.

මහජන නියෝජිත මණ්ඩලය සහ කොංග‍්‍රස් මණ්ඩලය අතර මත ගැටුමක් නිර්මාණය වූයේ, ජනපති බැරැක් ඔබාමාගේ සෞඛ්‍ය ආරක්ෂක පනත මුල්කොට ගනිමිනි. ප‍්‍රතිවාදී රිපබ්ලිකන්වරුන් කියා සිටින්නේ, එම පනත සංශෝධනය විය යුතු බවය.

ඇමෙරිකාවේ මහජන නියෝජිත මණ්ඩල බහුතර බලය ඇත්තේ ඔබාමාගේ ඩිමොක‍්‍රටික් පක්ෂයට නොව ප‍්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂයටය.
අර්බුදය විසඳා ගැනීම සම්බන්ධයෙන් ජනපති ඔබාමා සහ ප‍්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂ කතා නායක ජෝන් බූනේ අතර,  ඊයේ (10) දිනයේ දී ද සාකච්ඡුා පැවැත් වුණු බව ඇමෙරිකානු පුවත් සේවා වාර්තා කළේය.

ඉකුත් පළමු වැනිදා සිට එසේ වසා දමා ඇති රජයේ ආයතන වන්නේ, රජය යටතේ පවතින උද්‍යාන මෙන්ම වෙළෙඳ සහ මූල්‍ය ආයතනය. ආරක්ෂක සේවා සහ සෞඛ්‍ය සේවා ආදී අත්‍යාවශ්‍ය සේවා දිගටම කි‍්‍රයාත්මක වෙයි.

අර්බුදය කඩිනමින් විසඳා ගෙන අයවැය සම්මත කර ගැනීමට නොහැකි වුවහොත්, එම ආයතනවලට ද බලපෑම් එල්ල වීමේ අවදානමක් පවතින බව ජනපති ඔබාමා ජනතාවට පවසා ඇත.
 



අදහස් (0)

ඇමෙරිකා අයවැය අර්බුදයෙන් ආසියාවට බලපෑමක් නෑ

ආරියසේන Monday, 14 October 2013 08:35 AM

මේ අය වැය සම්මත කරගන්න බැරි හේතු කිහිපයක් තිබෙනවා.තම රටට අහිතකර යෝජනා,ඒවා හකුලා ගන්නාතුරු මේක සම්මත කරගන්න නොහැකිවයි ඉන්නේ.හේතුව ඒ රටෙත් ඉන්නවා තම රටට ආදරය කරන පිරිසක්. ඒ අය හිතන්නේ ඒ යෝජනා රටට අහිතකරයි කියලා.ළගදීම ඒවා ඉවත් කර නැවත ඉදිරිපත් කිරීමෙන් වැඩි ඡන්දයෙන් අනුමත කර ගත හැක. (නි)

:       0       0

ශලිනි Monday, 14 October 2013 08:58 AM

ආර්ථිකයේ ප්‍රධාන ශක්තිය පුද්ගලික අංශය නිසා තවම ආසියාවට ගැටලුවක් නැහැ. (නි)

:       0       0

ආරියසේන Monday, 14 October 2013 09:29 AM

මාගරි ,මේ ලෝකයේ ආර්ථිකය රඳා පවතින්නේ ධනවත් රටවල් කිහිපයකින්. ආසියාවේ සිටින ලොකුම බලවතා, ධනවතා කැමති නැහැ ඒ ධනවත් රටේ ආර්ථිකය කඩා වැටෙනවට. මොකද ඒ ආසියාවේ ධනවත් රටට බලපාන නිසා. අපි වාගේ කුඩා රටවල් වල ආර්ථිකයට ඒක බලනොපානවා කියලා ආර්ථික විශේෂඥයෝ කොහෙවත් විග්‍රහ කරලා නැහැ. (නි)

:       0       0

රොහාන් Saturday, 12 October 2013 10:23 AM

බලන්නකෝ බලා ඉන්න හැටි... (නි)

:       0       0

ජෝන් Sunday, 13 October 2013 01:38 PM

තායිලන්ත අගමැතිනි ලස්සනයි.(නදී)

:       0       0

මාගරී Saturday, 12 October 2013 11:09 AM

ධනවත් රටවල ආර්ථික කඩා වැටීම් අනෙකුත් රටවල ආර්ථික පරිහානි වලට හේතු වෙනවා කියලා ආර්ථික න්‍යායක් හදාගෙන තියෙන්නේ ධනවත් රටවල්. මොකද අනෙකුත් රටවල් වලට ආර්ථික බියක් ඇති කර තමන්ගේ රටවල් ආරක්ෂා කර ගැනීමට. කෙටිකාලීනව යම් පසුබෑමක් ඇති වුණත් දීර්ඝ කාලීනව දුප්පත් රටවලට ධනවත් ආර්ථික කඩා වැටීම හොදයි. (නි)

:       0       0

මාගරී Monday, 14 October 2013 10:57 AM

ආරියසේන,ආර්ථික විශේෂඥයෝ එහෙම නොකියන එක ගැන තමා මම කිව්වේ.බටහිර රටවල ආර්ථික විද්‍යාව ඉගෙනගත් අපේ රටේ අයත් ඔවුන්ගේ න්‍යාය ඒ ලෙසම පවසනවා. (නි)

:       0       0

ඉන්දු මෙල්බන් Friday, 11 October 2013 11:31 AM

අයවැය අර්බුදයෙන් නම් බලපෑමක් නැතුව ඇති. නමුත් කරන අනෙක් වැඩ වලින් තමයි බලපෑම් තිබෙන්නේ. (නි)

:       0       0

ලක්ෂිත Saturday, 12 October 2013 01:11 AM

නුඹලාට මොනවා වුණත් මට කමක් නැහැ මගේ පුංචි රටට කරදරයක් නැත්නම් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 672 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 851 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 367 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site