IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඇමෙරිකාව සිරියාවට පනින හැඩයි

සිරියාවේ ඩැමස්කස් නුවර සමීපයේ විසවායුව සහිත බෝම්බ හෙළා කුඩා දරුවන් සහ කාන්තාවන් ඇතුළු දහස්ගනනක් මරාදැමීම ගැන සිරියා පාලකයින්හට චෝදනා නඟන ඇමෙරිකාව කොයි මොහොතක හෝ සිරියා හමුදා වෙත ප්‍රහාර එල්ලකිරීමේ උත්සාහයක නිරතව සිටී.

සමහරවිට මෙම වාර්තාව පළවන අවස්ථාව වනවිටත් ඇමෙරිකා සහ බ්‍රිතාන්‍ය හමුදා සිරියා රජයට එරෙහි හමුදා මෙහෙයුම් ආරම්භකර තිබෙන්නටත් බැරි නැත.

අද සිරියාවේ විස බෝම්බ ප්‍රහාර හෙළා දකින ඇමෙරිකාව මීට ටික කාලයකට කලින් ඉරාකයේ බලසම්පන්න පාලකයාව සිටි එවකට ඇමෙරිකාවේ අඹ යහළුවකුවූ සදාම් හුසේන් ඉරානයට එරෙහිව ඇරැඹු යුද්ධයේ තීරණාත්මක අවස්ථාවකදී රසායනික විස බෝම්බ ප්‍රහාරයන් එල්ලකිරීම සඳහා උඩගෙඩි දුන් බව ඇමෙරිකාවේ පළ කැරෙන " ‘ෆොරින් පොලිසි" සඟරාව කියා සිටී. 

එම වාර්තාව පෙන්වාදී ඇත්තේ 1980-1988 දී ඉරානයට එරෙහිව සදාම් හුසේන් යොදාගත් රසායනික විස බෝම්බ අද සිරියානු හමුදාවන් සතු විෂ බෝම්බ වලට වඩා දහස් ගුණයකින් බලසම්පන්න බවයි.

1988 ඇවිළිගිය ඉරාන ඉරාක යුද්ධයේදී ඇමෙරිකාව සිටියේ සදාම් හුසේන්ගේ පැත්තේය. යුද්ධය තීරණාත්මක අවස්ථාවකට පත්වසිටි අවස්ථාවක ඇමෙරිකා රහස් ඔත්තුසේවා චන්ද්‍රිකා මඟින් ලබාගත් තොරතුරු නිරීක්ෂණය කිරීමේදී ඉරාණ හමුදාවන් උපායශීලීව විශාල ඉරාක හමුදා කණ්ඩායමක් කොටුකරගැනීමට ගන්නාලද උත්සාහයක් සොයාගැනීමට සමත්වී ඇත.

ක්ෂණයකින් ඇමෙරිකා රහස් ඔත්තු සේවාව මෙම තොරතුරු ඉරාක හමුදානායකයින්හට ලබා දුන්නේ ඉරාක හමුදාවන්ට එම උගුලෙන් ගැලවිය හැකි එකම මාර්ගය විස බෝම්බ පාවිච්චි කිරීම බව හොඳින්ම දැන දැනම බව එම සඟරාව ඉස්මතුකර දක්වා ඇත.

ඇමෙරිකා රහස් ඔත්තුසේවා ඉරාක හමුදා නායකයින්වෙත සපයනලද සවිස්තරාත්මක තොරතුරුවලට ඉරාන ගුවන් හමුදා ක්‍රියාකාරකම්, පාබල හමුදා, යුධ ටැංකි සහ කාලතුවක්කු ඇති ස්ථාන,පණිවුඩ හුවමාරු මෙන්ම ගුවන් ඡායාරුප සහ සිතියම් ඇතුලත්විය.

මෙම තොරතුරු ලැබුණු විගසින් ඒවායේ දැක්වෙන සියලුම ඉරාණ හමුදා ස්ථාන වලට රසායනික විස බෝම්බ දැමීමට සදාම් හුසේන් අනුමැතිය දුන්නේය. ඇමෙරිකාව දැනසිටි, ඇමෙරිකා ඔත්තු භාවිතාකර ක්‍රියාත්මක කරන ලද  ඉරාක රසායනික විෂ බෝම්බ ප්‍රහාර නිසා ඉරාන හමුදා භටයෝ 20,000 කට වැඩි සංඛාවක් ජීවිතක්ෂයට පත්වුහ.

එම සිද්ධියෙන් පසු නම්බුව රැකගෙන සාකච්ඡා මාර්ගයකින් මෙම ගැටලුව විසඳාගැනීම සඳහා කැමත්ත දීමට ඉරාණ රජයට සිදුවිය. 

ඇමෙරිකා රහස් ඔත්තු සේවය 1983 සිට සදාම් හුසේන්ගේ හමුදාවන් රසායනික විෂ බෝම්බ භාවිතා කරන ලද බව දැනගෙන සිට ඇති බවද එම වාර්තාවේ සඳහන්වෙයි. මේ පිළිබඳව ඉරාන රජය එක්සත් ජාතීන්ගේ මහ සමුළුව වෙතද තොරතුරු ඉදිරිපත් කිරීමට උත්සාහ ගෙන ඇත.

 



අදහස් (0)

ඇමෙරිකාව සිරියාවට පනින හැඩයි

නිසාන් Wednesday, 28 August 2013 01:59 AM

මේවා ඔක්කොම බයට හලෝ.(නදී)

:       0       0

ඩෑම් Wednesday, 28 August 2013 05:29 AM

"ඇයි මේ වතුර ගැල් පිරෙන්න අරගෙන...? ඕවා විසි කරන්න" යැයි නෙලුම් මල් අතින් ගත් යක්ෂයා අප පෙරුම් පුරන බෝසතාණන්ට පැවසීය.එසේ නොකළ හෙතෙමට මද දුරක් ඔබ්බෙන් ඇටකටු ගොඩවල් හමුවිය. ඇමරිකාව වනාහි මස් බුදින යක්ෂයෙකි.දෙවරක් නොසිතුවහොත් අපද එවැනි උගුලකට හසු විය හැකිබව මෑත ඉතිහාසය පැහැදිලිවම කියයි. (නි)

:       0       0

ලහිරු Tuesday, 27 August 2013 06:59 PM

ඒ දෙගොල්ලන්ටම හොද නම් අපට කමක් නැත (නි)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 27 August 2013 07:29 PM

මේ ප්‍රශ්නයට අදාල නැතත් විසදා ගතයුතු හිතට ගැටළුවක් වූ ප්‍රස්නයක් තියෙනවා. දන්නා කව්රු හරි උත්තරයක් දුන්නොත් තුති වෙනවා. වසර දෙක තුනකට උඩදී පුත්තලමේදී නිරායුද පොලිස් නිලදාරියෙක් නිල ඇදුමින්ම රාජකාරියේ යෙදෙද්දී ග්‍රීස් යකා ආවේශ වුනු සන්විදානාත්මක මැර පිරිසක් ප්‍රසිද්දියේ කපල කොටලා මරල දැම්මා. මේ සිදුවීමට වගකිව යුත්තන්ට මොකද උනේ? ..කට්ටියව අත් අඩංගුවට ගත්තද .නඩු ඇහුවද. දඩුවම් ලැබුනද.. කිසිම මාධ්‍යයක මේ ගැන තොරතුරක් එම සිදුවීමෙන් පස්සේ දැක්කේ නැති නිසයි අහන්නේ (අ)

:       0       0

පිටිගල Tuesday, 27 August 2013 07:56 PM

සිරියාවේ තෙල් සම්පත් හොඳ නම් ඇමෙරිකාවට අනුකම්පාව පහලවේවි. (අ)

:       0       0

පිටිගල Tuesday, 27 August 2013 09:53 PM

මගේ කල්‍යාන මිත්‍ර සදාම් හුසේන් දකිනකොට හිතට එන ආවේගය පාලනය කර ගන්න අමාරුයි. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site