IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඇමෙරිකාවේ සුරතල් බළලුන් දෙදෙනෙකුට කොරෝනා

අමෙරිකාවේ නිව්යෝක්හි නිවසක ඇති කළ සුරතල් බළලුන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

ඒ අනුව සුරතල් සතුන්ට වෛරසය ආසාදනය වූ බවට අමෙරිකාවෙන් වාර්තා වන මුල්ම අවස්ථාව මෙය වේ.

නිවැසියන්ගෙන් හෝ අසල්වැසියන්ගේ මෙම සතුන්ට වෛරසය ආසාදනය වන්නට ඇතැයි විශ්වාස කෙරේ.

කෙසේ වෙතත් මේ හේතුවෙන් කලබල විය යුතු නැති බවත් සුරතල් සතුන්ගෙන් වෛරසය මිනිසුන්ට ආසාදනය වන බවට සාක්ෂි සොයාගෙන නොමැති බවත් එරට වෛද්‍ය විශේෂඥයෙකු වන ඇන්තනි ෆවුසි මහතා පවසයි.

නිව්යෝක්වලින් වෙන්ව පිහිටි ප්‍රදේශවල සිට මෘදු ශ්වසන රෝග සහිත බළලුන් පැමිණෙන බව හඳුනාගෙන තිබේ.

කොරෝනා වෛරසය සතුන්ට ආසාදනය වූ අවස්ථා කිහිපයක් පසුගිය දිනවල වාර්තා විය.

නිව්යෝක්හි පිහිටි බ්‍රොන්ක්ස් සත්වෝද්‍යානයේ සිටි ව්‍යාඝ්‍රයින් පස් දෙනෙකුට හා සිංහයින් තිදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි සත්වෝද්‍යානය පවත්වාගෙන යනු ලබන වන ජීවී සංරක්ෂණ සමාජය ප්‍රකාශ කළේය.

හොංකොංහි පොමරේනියන් සුනඛයෙකුට ද වෛරසය ආසාදනය වූ බවට මීට පෙර තහවුරු වූ අතර එම සුනඛයාගේ හිමිකරු වෛරසය ආසාදිත පුද්ගලයෙකි.

හොංකොංහි ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ සුනඛයෙකුට ද වෛරසය ආසාදිත බවට තහවුරු කර ගත් අතර එම සුනඛයාගේ හිමිකරු ද වෛරසය ආසාදිත තැනැත්තෙකි.



(බීබීසී ඇසුරෙනි)


-226-



අදහස් (0)

ඇමෙරිකාවේ සුරතල් බළලුන් දෙදෙනෙකුට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 325 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 205 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site