IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඇමරිකාව රුසියාවට පැනවු සම්බාධක වෙළඳ යුද්ධයක් ප්‍රකාශ කිරිමක් - අගමැති දිමිත්‍රි

ඇමෙරිකා එක්සත් ජනපදය පැනවූ නව සම්බාධක රුසියාවට එරෙහිව මහා පරිමාණ වෙළෙඳ යුද්ධයක් ප්‍රකාශ කිරීමක් යැයි එරට අගමැති දිමිත්‍රි මෙද්වදෙව් ප්‍රකාශ කරයි.
 
ඇමෙරිකා එක්සත් ජනපදය කොංග්‍රසය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නොසලකා හරිමින් රුසියාවට සම්බාධක පැනවීමේ පනත ගෙනා බවත් එයින් ට්‍රම්ප් ජනාධිපතිවරයාට අවමානයක් වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රුසියානු අගමැති දිමිත්‍රි මෙද්වදෙව් පැවැසීය.
 
ව්‍යවස්ථාව ඉක්මවා යමින් කටයුතු කරන බවට ද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක් අවස්ථාවකදී කොංග්‍රසයට චෝදනා ද එල්ල කළේය.
 
ඉකුත් 2016 වසරේ පැවැති ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයට රුසියාව මැදිහත් වූ බවට කෙරෙන චෝදනා සහ රුසියාව යුක්රේනය තුළ කරන මැදිහත්වීම් යන කරුණු සැලකිල්ලට ගනිමින් ඇමෙරිකාව රුසියාවට එරෙහිව මෙලෙස සම්බාධක පැනවීය. මීට අමතරව ඇමෙරිකාව ඉරානයට සහ උතුරු කොරියාවට ද සම්බාධක පනවා තිබේ.
 
නව සම්බාධක සමඟ න්‍යෂ්ටික ගිවිසුම උල්ලංඝණය වන බව ඉරානය ඇමෙරිකාවට චෝදනා කර තිබේ. ඇමෙරිකාව පැනවූ සම්බාධක සම්බන්ධයෙන් සුදුසු පියවර ගනිමින් ප්‍රතිචාර දැක්වීමට කටයුතු කරන බව ද ඉරානය ප්‍රකාශ කර ඇත. කෙසේ නමුත් සම්බාධක පැනවීම සම්බන්ධයෙන් උතුරු කොරියාව මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නැත.
 
ඒ.එෆ්.පී/රොයිටර් 055



අදහස් (0)

ඇමරිකාව රුසියාවට පැනවු සම්බාධක වෙළඳ යුද්ධයක් ප්‍රකාශ කිරිමක් - අගමැති දිමිත්‍රි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site