ඇමරිකාවේ ගිණිකොණදිග ප්‍රාන්ත හරහා මේ දිනවල දැඩි හිමකුණාටු ඇතිවන බව වාර්තා වේ. සිදුවූ අනතුරු වලින් එක් පුද්ගලයෙකු මියගොස් ඇති අතර අතුරුදන් වූ අයෙකු සොයා මෙහෙයුම් ආරම්භ කර ඇත.
ප්‍රදේශයේ බොහෝ ස්ථාන වල විදුලිය විසන්ධි වී ඇති බවද පැවසේ.
සති අන්තයේ වාර්තාවූ අඩි 18ක පමණ හිමපතනය හේතුවෙන් උතුරු කැරොලිනා ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත්කර ඇත.
කලාපය හරහා සැලසුම් කර තිබූ ගුවන් ගමන් දහස් ගනනක් අවලංගු කර ඇති බව බලධාරීහු පවසති.
මහා මාර්ග හිමෙන් වැසීම හේතුවෙන් රිය අනතුරු ද බෙහෙවින් වැඩි වී ඇතැයි පොලිසිය පවසයි.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd