විකිලීක්ස් සංස්කාරක ජුලියන් ඇසන්ජ් ඇමෙරිකාවේ අත්අඩංගුවට පත්වුවහොත් ඔහුට නිසැකවම මරණ දඬුවම හිමිවනු ඇතැයි එක්වදෝර ජනාධිපති රෆායෙල් කොරයා බිය පළ කරයි. ඇසන්ජ් සම්බන්ධයෙන් ඇමෙරිකාව සාධාරණ නඩු විභාගයක් නොපැවැත්වෙනු ඇති බවත්, තම රටේ රාජ්‍ය සහ හමුදා රහස් හෙලි කිරීමේ වරදට ඇසෙන්ජ්ට මරණ දඬුවම නියම කරනු ඇති බවත් ලතින් ඇමෙරිකානු රටක් වන එක්වදෝරයේ ජනපතිවරයා වැඩි දුරටත් කියා සිටී. ස්වීඩනයට බාර දීමෙන් වැලැකී, ඕස්ටේ‍්‍රලියානු ජාතිකයකු වන ඇසෙන්ජ් (41) මේවනවිට බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර එක්වදෝර් තානාපති කාර්යාලයේ ආරක්ෂාව ලැබ සිටී. ඔහුට එක්වදෝරයේ දේශපාලන රැුකවරණ ලබා දීමට එරට ජනාධිපති රෆායෙල් කොරයා කැමැත්ත පළ කර ඇත. ඇසෙන්ජ් ස්වීඩනයට බාරදීමට සූදානම් වන්නේ බි‍්‍රතාන්‍ය රජයයි. ඇසෙන්ජ් ස්වීඩනයේ සිටිද්දී කාන්තාවන් දෙදෙනක අපහරණයට ලක් කළේ යැයි චෝදනා එල්ල වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ස්වීඩනයේ නඩු විභාගයක් පැවැත්වෙයි. එම නඩු විභාගයට පෙනී සිටීමට ඇසෙන්ජ් තම රටට එවන්නැයි ස්වීඩනය ඉල්ලා ඇති අතර ඇසෙන්ජ් ස්වීඩනයට බාර දීමට බි‍්‍රතාන්‍ය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත. ඇසෙන්ජ් බි‍්‍රතාන්‍යයේ සිටිද්දී, රාජ්‍ය සහ හමුදා රහස් ලොවට හෙළි කිරීමේ වරදට දඬුවම් දී ඔහුගෙන් පළි ගැනීමට ඇමෙරිකාවට නුපුළුවන්ය. ස්වීඩනයට පැමිණියහොත් ඇමෙරිකා රජය තමා අත්අඩංගුවට ගෙන ඇමෙරිකාවට ගෙන්වා ගැනීමට හැකි වනු ඇතැයි ඇසෙන්ජ් පවසයි.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ඔය එන්ජීඕ සහ මාධ්‍ය ව්‍යාපාරවලට ඇයි බැරි ඇමරිකානු තානාපති කාර්යාලට ඉදිරිපිට විරෝධතා පාන්න... මාධ්‍ය නිදහසට අත නොතබනු... කියලා.. එහෙම උනොත් එයාලගෙන් ලැබෙන දේවල් නැති වෙන නිසා නේද?(නු)
එලි කරන්න ඔනේ දේවලුත් තියනවා එපා දෙවලුත් තියනවා....(නු)
ඇමරිකා අත්අඩංගුවට පත්වුණොත්නේ ඒ..!!(නු)
මේවාට මානවහිමිකම් සංවිධාන බලපාන්නේ නැද්ද?(නු)
ජනතාවට සත්‍ය සැපයීම තමයි මෙයා කළ වරද මරණ දඩුවමට ලක්වීමට...!!(නු)
මාධ්‍ය සංවිධාන මොහුව ආරක්ෂා කළ යුතුයි..!!(නු)
ජුලියන් අසන්ජ් වරදකරුවෙක් නොවෙයි..ඔහු සිදුකර අත්තේ ලොක් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය සුරුකීමයි..අප ඔහු ආරක්ෂා කළ යුතුයි..!!(නු)