IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඇමෙරිකාවට හොරෙන් භාණ්ඩ ගෙනගිය දිගම උමඟ සොයාගනී

නීති විරෝධී ලෙස භාණ්ඩ ගෙනයෑම සඳහා යොදාගනු ලැබූ මෙතෙක් හමුවූ දිගම උමං මාර්ගය මෙක්සිකෝ දේශ සීමාවෙන් සොයාගත් බව ඇමරිකානු නිලධාරීහු පවසති. 

අඩි 4309ක් දිග මෙම උමං මාර්ගයේ දුම්රිය මාර්ගයක්, ජලනල පද්ධතියක්, වායු පද්ධතියක්, අධි වොල්ටීයතා විදුලි රැහැන් සහ උමං මඟ දිගේ විහිදෙන සෝපානයක් සකස් කර ඇත.

උමගේ අඩි 70ක ගැඹුරකින් පිහිටා ඇති අතර උස අඩි 5.5ක් සහ පළල අඩි දෙකක් වන බව ඇමෙරිකානු රේගු හා දේශසීමා ආරක්ෂණ ආයතනය පවසයි.

වැඩ නිම නොකළ අතුරු මාර්ගයක් ද උමගේ තිබී හමුවී ඇත.

මෙම උමං මාර්ගය මෙක්සිකොවේ කර්මාන්ත පුරයක් වන ටිජුවානා සිට ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන් දියාගෝ ප්‍රදේශය සම්බන්ධ කරමින් විහිදේ.

සැකකටයුතු කිසිවකු අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බවත් මත්ද්‍රව්‍ය කිසිවක් සොයාගැනීමට නොහැකි වූ බවත් බලධාරීහු පවසති.

තොරතුරු අනාවරණය වීමෙන් පසුව පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට ‍මෙම උමඟ සම්බන්ධව විමර්ශන සිදුකළ බව ද ඔවුහු පවසති.

මෙක්සිකෝ කැලිෆෝනියා දේශ සීමාවේ මෙවන් නවීන උමං දුසිමකට වඩා සොයාගෙන ඇති අතර අඩි 2966ක් දිග උමගක් ද 2014 වසරේදී සොයාගෙන තිබිණි.

ලෝකයේ විශාලම මත්ද්‍රව්‍ය ජාවාරම් සංවිධානයක් වන මෙක්සිකෝවේ සිනාලෝවා කණ්ඩායම ක්‍රියාත්මක වන්නේ මෙම ප්‍රදේශයේ ය. එම සංවිධානයේ නිර්මාතෘ හා දිගු කාලීන නායක එල් චැපෝ ඇමරිකාවේ බන්ධනාගාරයක ජීවිතාන්නය දක්වා සිර දඬුවම් විඳිමින් සිටියි.

(බීබීසී ඇසුරිණි - 085)

 



අදහස් (2)

ඇමෙරිකාවට හොරෙන් භාණ්ඩ ගෙනගිය දිගම උමඟ සොයාගනී

මුණසිංහ Thursday, 30 January 2020 07:57 AM

තවත් රටවල් කීයක් යා කර මෙවැනි දේ සිදු කර ඇතිද?

:       1       3

රවින් Thursday, 30 January 2020 09:03 AM

එහෙනම් ලෝකෙට පුරසාරම් දෙඩුව කෙනාටත් ටික කාලෙකට හරි කොකා පෙන්නලා නේද ? කාගේ වැඩක්ද?

:       30       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 282 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site