IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඇමෙරිකානු සම්බාධක නොතකා උතුරු කොරියානු විදේශ ඇමැති ඉරානයේ සංචාරයක

සෝල්හිදීය/රොයිටර් (රොයිටර්)

එක්සත් ජනපදය විශ්වාස කළ නොහැකි යැයි ඉරාන ජනාධිපති හසන් රොව්හානී උතුරු කොරියාවේ විදේශ අමාත්‍යවරයා හමුවෙමින් පවසා ඇතැයි ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි. 

උතුරු කොරියානු විදේශ අමාත්‍ය රි යොන්ග් හෝ ඇමෙරිකා එක්සත් ජනපද සම්බාධක නොතකා ඉරානයේ සංචාරයක නිරත වී සිටි. ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අඟහරුවාදා (7) ඉරානයට නව සම්බාධක පැනවීමය.

වසර 2015 දී ‘ඉරාන න්‍යෂ්ටික ගිවිසුම’ අත්සන් කිරීමෙන් පසු ඉරානයට පනවා තිබූ සම්බාධක කිහිපයක් ඉවත් කිරීමට එවකට ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා පියවර ගත්තේය. එහෙත් ඉරානය න්‍යෂ්ටික ගිවිසුම උල්ලංඝනය කරන බවට චෝදනා කරමින් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඇමෙරිකාව ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් කරගත්තේය.

ඉන් අනතුරුව ඉරානයට නව සම්බාධක පැනවීමට ඇමෙරිකා ජනාධිපතිවරයා පියවර ගත් අතර ඉවත් කරන ලද සම්බාධක ද නැවත පැනවීය. 

ඉරානය සමඟ ගනුදෙනු කරන කිසිවකු  සමඟ තමන්ගේ ගනුදෙනුවක් නැතැයි ද සම්බාධක පැනවීමෙන් පසු ඇමෙරිකා ජනාධිපතිවරයා පැවැසීය. එවැනි තත්ත්වයක් මධ්‍යයේ උතුරු කොරියානු විදේශ අමාත්‍යවරයා මෙලෙස ඉරානයේ සංචාරයක නිරත වී සිටී. 

“ඇමෙරිකා එක්සත් ජනපදයේ මෑතකාලීන හැසිරීම බලද්දි ඇමෙරිකා එක්සත් ජනපදය විශ්වාස කළ නොහැකි රටක් බවට පත්වෙලා. පසුගිය කාලයේදී ඔවුන් ඔවුන්ගේ වගකීම් කිසිවක් ඉටු කළේ නැහැ” හසන් රොව්හානි උපුටා දක්වමින් ඉරානයේ අයි.ආර්.එන්.ඒ පුවත් සේවය වාර්තා කර තිබිණි. 

“වත්මන් වාතාවරණය තුළ මිත්‍ර රටවල් ජාත්‍යන්තර ප්‍රජාව තුළ සබඳතා සහ සහයෝගීතාව වර්ධනය කළ යුතුයි. එමෙන්ම බොහෝ ප්‍රශ්න සම්බන්ධයෙන් ඉරානයටත් උතුරු කොරියාවටත් තිබෙන්නේ එකම අදහසක්” යැයි ද හෙතෙම පවසා ඇත.   

ඉරානය සමඟ තිබෙන සබඳතා තවදුරටත් පුළුල් කරගැනීම තම උපායමාර්ගික ප්‍රතිපත්තිය යැයි එහිදි උතුරු කොරියානු විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ. 

055

 



අදහස් (0)

ඇමෙරිකානු සම්බාධක නොතකා උතුරු කොරියානු විදේශ ඇමැති ඉරානයේ සංචාරයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 58 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 722 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site