
මේ වසරේ මුල් මාස 6 තුළදී ඇමෙරිකා පුරවැසියභාවය හිමි පුද්ගලයින් බොහෝ දෙනෙක් එම පුරවැසිභාවය ඉවත්කර ගෙන ඇති බව පර්යේෂණ වාර්තාවක දැක්වේ.මෙම පර්යේෂණය කර ඇත්තේ "බැම්බ්‍රිජ් එකවුන්ට්ස්" නම් ආයතනයය. ඉකුත් වසරවලට සාපේක්ෂව පුද්ගලයින් මෙලෙස ඇමෙරිකාවේ පුරවැසිභාවය ඉවත් කර ගැනීම ඉහළ ගොස් ඇතැයිද එම ආයතනය නිකුත් කළ පර්යේෂණ වාර්තාවේ සදහන් වේ.
එම වාර්තාව අනුව 2020 මුල් මාස 6 තුළදී ඇමෙරිකානුවන් 5,800 දෙනෙකු සිය පුරවැසිභාවය ඉවත් කරගෙන ඇත. නමුත් 2019 වසරේ එම කාල සීමාවේදී සිය පුරවැසිභාවය ඉවත් කරගෙන ඇත්තේ ඇමෙරිකා ජාතිකයින් 2,072 ක් පමණකි.
"මේ අතරින් බොහෝ දෙනෙක් මේ වන විටත් අමෙරිකාවෙන් ගිහිල්ලා. ඔවුන්ට හිතිලා ඇති දැන් ඇති කියලා, අපිට පෙනෙන විදියට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ක්‍රියාකලාප, කොරෝනා වසංගත තත්ත්වය හසුරුවන ආකාරය සහ අමෙරිකාවේ වර්තමාන දේශපාලන ප්‍රතිපත්ති ගැන ජනතාවට ඇතිවෙලා යැයිද බැම්බ්‍රිජ් එකවුන්ට්ස් ආයතයේ ප්‍රකාශකවරයෙක් එන්.බී.සී පුවත්සේවයට වෙත අදහස් දක්වමින් කියා සිටියේය.
ඉදිරියේදී තව තවත් පුද්ගලයින් ඇමෙරිකානු පුරවසිභාවයෙන් මිදීමට ඉඩ ඇති බව එම පර්යේෂණ ආයතනය පවසයි.
(එන්.බී.සී වෙබ් අඩවිය ඇසුරෙනි)
125

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දේ ඉල්ලන්ට වෙන්ටැති..
දැන් අපේ සර්ලා නම් ඕවා ඉවත් කරගන්නේ නැහැ. 2/3 තිබෙන නිසා ව්‍යවස්ථාව වෙනස් කරාවි... එතකොට ප්‍රශ්නයක් නැහැ.