IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඇමෙරිකන් තලේබාන් සාම නියෝජිතයා ඉල්ලා අස්වෙයි

ඇමෙරිකානු තලේබාන් සාම නියෝජිතයා ලෙස කටයුතු කළ සැල්මේ කලිල්සාද් සිය තනතුරින් ඉල්ලා අස්විය. තමන් තම තනතුරින් ඉල්ලා අස්වන්නේ, දැඩි සිත් තැවුලෙන් සහ කලකිරීමෙන් යැයි සැල්මේ කලිල්සාද් පවසා තිබේ.

තමන් අපේක්ෂා කළ අන්දමින්, සාමකාමී තිරසාර දේශපාලනික විසඳුමකට යෑමට හෝ තලේබාන් සංවිධානය සමඟ සාමකාමී වැඩපිළිවෙළක් සකස් කර ගැනීමට හෝ නොහැකි වුණු බවත්, ඒ නිසා ඇෆ්ගන් සිවිල් වැසියන් දැඩි ලෙස පීඩාවට පත් වූ බවත් ඒ ගැන තමන් දැඩි ලෙස කනගාටු වන බවත් සැල්මේ කලිල්සාද් මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත.

කලිල්සාද් මෙසේ සිය තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කළේ ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානනයෙන් ඉවත්වී, තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කරගෙන මාස දෙකක් ගත වෙද්දීය. ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානනයෙන් ඉවත් වූයේ පසුගිය අගෝස්තු මාසය අවසානයේදීය.

කලිල්සාද් සිය තනතුරින් ඉවත් වෙද්දී, කලිල්සාද්ගේ දෙවැනියා ලෙස කටයුතු කළ තෝමස් වෙස්ට් තලේබාන් සාම නියෝජිතයා ලෙස කටයුතු කරනු ඇතැයි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පවසා තිබේ.

කලිල්සාද්, තලේබාන් සාම නියෝජිතවරයා ලෙස පත් කළේ වත්මන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ට පෙර, ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරය හොබවද්දීය. ඇෆ්ගනිස්තානයට සාමය උදා කිරීමට සුදුස්සා කලිල්සාද් ඔහු එම තනතුරට පත් කරමින් ට්‍රම්ප් එදා පෙන්වා දුන්නේය.

බයිඩන් ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව, ඉදිරියට ගෙන ගියේ අගෝස්තු මාසයේ දී ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කර ගැනීමත් සිදු කළේ ට්‍රම්ප් පරිපාලනය ඇෆ්ගනිස්තානය සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යමිනි.

(රොයිටර්)



අදහස් (0)

ඇමෙරිකන් තලේබාන් සාම නියෝජිතයා ඉල්ලා අස්වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 585 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site