ඇමෙරිකා එක්සත් ජනපද උප ජනාධිපති මයික් පෙන්ස් ඉන්දියානා ප්‍රාන්තයේ සවුත් බෙන්ඞ්හි නොට්‍රිඩෑම් විශ්ව විද්‍යාලයේ උපාධි උත්සවයක් අමතමින් සිටියදී සිසුන් පිරිසක් උප ජනාධිපතිවරයාට විරෝධය පළ කරමින් නැගිට ගියහ. 

“වී ස්ටෑන්ඞ් ෆෝ” නැමැති ශිෂ්‍ය ක්‍රියාකාරී සංවිධානයේ සිසුන් පිරිසක් මෙලෙස උප ජනාධිපතිවරයාගේ කතාව අතරතුරදී නැගිට ගොස් තිබේ. ආගම, ජාතිය හා ලිංගිකත්වය පදනම් කරගනිමින් වෙනස් කොට සැලකීම යනාදියට හා ට්‍රම්ප් පරිපාලනයේ ප්‍රතිපත්තිවලට විරෝධතාව පළ කරමින් එම සිසුන් පිරිස නැගිට ගොස් ඇත. 

සිසුන් 150කට වැඩි පිරිසක් සමඟ ඔවුන්ට සහාය දක්වමින් පීඨවල පිරිස් හා පවුල්වල සාමාජිකයන් උප ජනාධිපතිවරයාගේ කතාව අත-රතුර නැගිට ගොස් තිබේ. 

නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති බාධාව, මර්දනය හා ප්‍රචණ්ඩත්වය විශ්ව විද්‍යාල තුලින් අතුගා දැමිය යුතු බව උපාධි උත්සවය අමතමින් උප ජනාධිපති මයික් පෙන්ස් කීවේය. 
 


රොයිටර් ඇසුරිනි - 055