IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


‘ඇපල් ඩේලි’ පුවත්පත නවතා දැමීමට පියවර

හොංකොංහි ප්‍රජාතන්ත්‍ර හිතවාදී පුවත්පතක් වන ‘ඇපල් ඩේලි’ පුවත්පත නවතා දැමීමට පියවර ගෙන ඇත.

‘ඇපල් ඩේලි’ පුවත්පත වසර 26ක් මුළුල්ලේ මුද්‍රණය කෙරුණු පුවත්පතකි. චීනයේ නව ජාතික ආරක්ෂක නීති යටතේ මෙම පුවත්පතට සහ එය අයත් සමාගමේ වත්කම් අත්හිටුවීමට පියවර ගැනීමත් සමඟ මෙලෙස පුවත්පත මුද්‍රණය කිරීම නවතා දමා තිබේ.

‘ඇපල් ඩේලි’ පුවත්පතේ හිමිකරු වන්නේ මේ වනවිට අත්අඩංගුවේ පසුවන ජිමි ලායි ය. හෙතෙම නිරන්තරයෙන් චීන පාලනය විවේචනය කරන්නෙකි.

හොංකොං ප්‍රජාතන්ත්‍ර හිතවාදී කණ්ඩායම්වලට සහාය දක්වමින් ඒවායේ පුවත් පළ කරමින් කටයුතු කරන ලද පුවත්පතක් ලෙස ‘ඇපල් ඩේලි’ පුවත්පත ප්‍රකට ය. ඒ අතර ප්‍රකට පුද්ගලයන්ගේ විස්තර ද වාර්තා කළ අතර බලයේ සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශනාත්මක ලිපි ද පළ කළේය.

බලයේ සිටින පුද්ගලයන්ගේ අක්‍රමිකතා සම්බන්ධයෙන් වාර්තා කළ මෙම පුවත්පත නිරන්තරයෙන් චීනය විවේචනය කළේය.

ජිමි ලායි අත්අඩංගුවට පත්වූයේ ඉකුත් වසරේ අගෝස්තු මාසයේ දී ය.

පුවත්පතේ මුද්‍රණය නරත කිරීමත් සමඟ එහි පාඨකයන් බෙහෙවින් කනස්සල්ලට පත්වූ අතර පුවත්පතේ අවසන් මුද්‍රණයේ අවසන් පිටපත් කිහිපයට ලබාගැනීමට ඔවුහු පොලීම්වල සිටියහ.

පුවත්පතේ මුද්‍රණය නවතා දැමීමට ගත් තීරණය සම්බන්ධයෙන් පුවත්පතේ සහ කාර්යමණ්ඩලයේ ඇතැම් අය බෙහෙවින් කෝපයට පත්ව සිටි බව ද වාර්තා විය.

“අදින් පස්සේ හොංකොංවල භාෂාණයේ නිදහසක් නැහැ. මාධ්‍ය නිදහසක් නෑ. හොංකොංවලට අනාගතයක් නැහැ” යැයි පුවත්පතේ නිර්මාණ ශිල්පියෙක් පැවැසීය.

‘ඇපල් ඩේලි’ පුවත්පත සිය අවසන් මුද්‍රණය වෙනුවෙන් පිටපත් මිලියනයක් මුද්‍රණය කර තිබිණි. එය ඔවුන්ගේ සාමාන්‍ය මුද්‍රණය මෙන් දස ගුණයකි.

‘ඇපල් ඩේලි’ පුවත්පත තවදුරටත් මුද්‍රණය කිරීම නවතා දැමීමට හොංකොං හි මාධ්‍ය නිදහසට එල්ල වූ දරුණු පහරක් යැයි ද නිදහස් සහ විවෘත නගරයක් ලෙස ප්‍රසිද්ධව තිබූ හොංකොං හි කීර්තිනාමයට මෙමඟින් විශාල බලපෑමක් එල්ල වනු ඇතැයි ද පැවසේ.

හොංකොං ගෝලීය මූල්‍ය කේන්ද්‍රස්ථානයක් ලෙස පිළිගැනේ.

චීනය හොංකොං වෙත ඉකුත් වසරේ දී ඔවුන්ගේ නව ජාතික ආරක්ෂක නීතිය හඳුන්වා දුන්නේ ය.

හොංකොං යනු බ්‍රිතාන්‍ය කොලනියක් ලෙස පැවැති ප්‍රදේශයකි.

චීනයේ මෙම නීතිය විරුද්ධවාදීන් මර්දනය කිරීමට යොදාගන්නා බව එම නීතිය විවේචනය කරන පාර්ශව පෙන්වාදෙති.

හොංකොං හි පිරිස් එල්ල කරන චෝදනා චීනය ප්‍රතික්ෂේප කරයි.

තමන් මාධ්‍ය නිදහස පිළිගන්නා සහ ඊට ගෞරව කරන නමුත් එය නියතයක් නොවන බව හොංකොං හි සිටින බලධාරීන් සහ චීනය අවධාරණය කරයි.

හොංකොංහිදීය (රොයිටර්ස්)



අදහස් (0)

‘ඇපල් ඩේලි’ පුවත්පත නවතා දැමීමට පියවර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site