IMG-LOGO

2025 දෙසැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


ඇන්ටාක්ටික් අයිස් කුට්ටි අරාබියට


ඇන්ටාක්ටික් මහාද්වීපයේ පාවෙන හිම කුට්ටි එක්සත් අරාබි එමීරයේ වෙරළට ඇදගෙන ඒමේ පරිසර නියමු ව්‍යාපෘතියක් ලබන වසරේ සිට ආරම්භ කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලධාරීන් තීරණය කර ඇත.
 
හරිත ආර්ථිකයක් කරා යන එරට නිර්මාතෘවරයා සිහිකිරීම වෙනුවෙන් මේ වසරේ සිට ක්‍රියාත්මත ‘ සයේඩ් වර්ෂය ‘ වෙනුවෙන් ක්‍රියාත්මක මෙම නියමු ව්‍යාපෘතියට ඇමරිකානු ඩොලර් මිලියන 60ත් මුදලක් ආයෝජනය කිරීම විශේෂත්වයකි.
 
මෙම ව්‍යාපෘතිය මැදපෙරදිග ජල හිඟයට පිළියමක් ලෙස භාවිතා කිරීමට එමීර් ජාතික උපදේශන කාර්යාංශ බලධාරීහු බලාපොරොත්තු වෙති. මෙම පරිසර නියමු ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් 2020 වසරේ මුල භාගයේ සිට විශාල හිම කුට්ටි  එමීර් රාජ්‍යයට රැගෙන ඒමටයි සැලසුම් කර තිබේ.
 
නියමු ව්‍යාපෘතියේදී ඇන්ටාක්ටිකා අයිස්  පළමුවෙන්ම  ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරට හෝ දකුණු අප්‍රිකාවේ කේප් තුඩු වෙරළට රැගෙන ඒමට නියමිතයි. 

දැවැන්ත හිම කුට්ටි සිය වෙරළේ රඳවා තැබීමෙන් උතුරු හෝ දකුණු ධ‍්‍රැව වෙත නොගොස් සංචාරකයන්ට ඒවා දැක ගැනීමට ද අවස්ථාව සැලසෙන බව එමීර් බලධාරීහු ප්‍රකාශ කරති.
 
කලීජ් ටයිම්ස් ඇසුරෙනි. 


125



අදහස් (4)

ඇන්ටාක්ටික් අයිස් කුට්ටි අරාබියට

රවින් Tuesday, 03 July 2018 01:00 PM

අයිස් මිදෙන උෂ්ණත්වය!!! ලොවටම වටිනා බල ශක්තිය යොදවලා අධි ශීතකරණයක් ඇතුළත තමා මේ අයිස් කුට්ටිය තියන්න වෙන්නේ. වැයවෙන බලශක්තිය යොදවලා " රිවෙර්ස් ඔස්මොසිස් " ක්‍රමයට මුහුදු ජලය හා භූගත ජලය පිරිසිදු කළානම් ආයෝජනයෙන් වැඩි ප්‍රයෝජන ලැබේවි...

:       2       6

අචලා Tuesday, 03 July 2018 01:53 PM

අයිස් කුට්ටි ඔය විදියට සමකය ආසන්නයට අදින්න ගත්තම වෙන්නේ, ඕවා දියවෙලා මුහුදු මට්ටම වැඩි වෙන එකයි.

:       30       41

abaran Wednesday, 04 July 2018 01:49 AM

අරාබියට එනකොට කඹේ විතරක් ඉතුරු වෙයි...

:       2       226

NuwanThursday, 05 July 2018 10:18 AM

ඇත්තට නේද බලන්නකෝ මොවුන්ට ඔය දේ තේරුනේ නැති හැටි . අනේ හලෝ මේ මිනිස්සු යමක් කිවොත් ඒක කරනවා අයේ දෙකක් නැහැ, රජයේ වංචා දුෂණ 0% , මමත් වැඩකරන්නේ අරාබි එක්සත් එමීර් රාජ්‍යයේ වසර 10ක් විතර, අපේ රටේ වගේ කටින් බතල හිටවන්නේ නැහැ මේ මිනිස්සු.

:       57       3

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්





“කන්න දීප අත සපා කෑ අලියා“
2025 නොවැම්බර් මස 19 6121 2

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 314 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 344 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1278 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site