ඇන්ටාක්ටික් මහාද්වීපයේ පාවෙන හිම කුට්ටි එක්සත් අරාබි එමීරයේ වෙරළට ඇදගෙන ඒමේ පරිසර නියමු ව්‍යාපෘතියක් ලබන වසරේ සිට ආරම්භ කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලධාරීන් තීරණය කර ඇත.
හරිත ආර්ථිකයක් කරා යන එරට නිර්මාතෘවරයා සිහිකිරීම වෙනුවෙන් මේ වසරේ සිට ක්‍රියාත්මත ‘ සයේඩ් වර්ෂය ‘ වෙනුවෙන් ක්‍රියාත්මක මෙම නියමු ව්‍යාපෘතියට ඇමරිකානු ඩොලර් මිලියන 60ත් මුදලක් ආයෝජනය කිරීම විශේෂත්වයකි.
මෙම ව්‍යාපෘතිය මැදපෙරදිග ජල හිඟයට පිළියමක් ලෙස භාවිතා කිරීමට එමීර් ජාතික උපදේශන කාර්යාංශ බලධාරීහු බලාපොරොත්තු වෙති. මෙම පරිසර නියමු ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් 2020 වසරේ මුල භාගයේ සිට විශාල හිම කුට්ටි එමීර් රාජ්‍යයට රැගෙන ඒමටයි සැලසුම් කර තිබේ.
නියමු ව්‍යාපෘතියේදී ඇන්ටාක්ටිකා අයිස් පළමුවෙන්ම ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරට හෝ දකුණු අප්‍රිකාවේ කේප් තුඩු වෙරළට රැගෙන ඒමට නියමිතයි.
දැවැන්ත හිම කුට්ටි සිය වෙරළේ රඳවා තැබීමෙන් උතුරු හෝ දකුණු ධ‍්‍රැව වෙත නොගොස් සංචාරකයන්ට ඒවා දැක ගැනීමට ද අවස්ථාව සැලසෙන බව එමීර් බලධාරීහු ප්‍රකාශ කරති.
කලීජ් ටයිම්ස් ඇසුරෙනි.
125
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයිස් මිදෙන උෂ්ණත්වය!!! ලොවටම වටිනා බල ශක්තිය යොදවලා අධි ශීතකරණයක් ඇතුළත තමා මේ අයිස් කුට්ටිය තියන්න වෙන්නේ. වැයවෙන බලශක්තිය යොදවලා " රිවෙර්ස් ඔස්මොසිස් " ක්‍රමයට මුහුදු ජලය හා භූගත ජලය පිරිසිදු කළානම් ආයෝජනයෙන් වැඩි ප්‍රයෝජන ලැබේවි...
අයිස් කුට්ටි ඔය විදියට සමකය ආසන්නයට අදින්න ගත්තම වෙන්නේ, ඕවා දියවෙලා මුහුදු මට්ටම වැඩි වෙන එකයි.
අරාබියට එනකොට කඹේ විතරක් ඉතුරු වෙයි...