චිකාගෝ නදිය හරහා හා මරීනා සිටි ටවර්ස් නිවාස සංකීර්ණයන් අතර අඩි ගණනක් ඉහළින් ඇද තිබූ කම්බි මත යමින් ඇමරිකා ජාතික නික් වැලෙන්ඩා ලෝක වාර්තා 2 ක් පිහිටුවූවේය.
අඩි 500 ක් උසින් චිකාගෝ නදිය හරහා ඇද තිබූ කම්බිය මත ඔහු එක් පසෙක සිට අනෙක් පසට ගමන් කළේ දෑසද ආවරණය කරගෙනය.දෙවන අවස්ථාවේදී අඩි 600 ක් උසින් මරීනා නිවාස සංකීර්ණයේ කුලූනු අතර අඩි 19 ක තියුණු නැග්මක් ඇති වන සේ ඇද තිබූ කම්බියක් මතින් ඔහු ගමන් කළේය.
අභියෝගයන් ජයගත් ඔහුට ලොව මේ දක්වා වාර්තාවී තිඛෙන වැඩිම උසකින් ඇද තිබූ කම්බියක් මතින් දෑස් වසාගෙන ගමන් කළ පුද්ගලයාට හිමි වාර්තාවත් වැඩිම නැග්මකින් යුතු කම්බියක් මතින් ගමන් කළ පුද්ගලයා වීමේ වාර්තාවත් හිමි විය.
කම්බි මතින් ගමන් කිරීමේදී නික් කිසිදු ආකාරයක ජීවිතාරක්ෂක උපක්‍රමයක් භාවිතා නොකළේය.හදිසියේවත් පය වැරදී ඇදවැටුණේ නම් ඔහුට හිමිවන්නට තිබුණේ මරණයයි.
කම්බි යටින් ආරක්ෂක දැල් පවා එළා නොතිබුණි.
පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ නික් පවසා සිටියේ කම්බි මතින් ගමන් කරමින් සිටියදී තමා සෑම විටම ධනාත්මක සිතුවිලි සිහියට නැගූ බවයි.මදක් හෝ කලබල වූයේ නම් පය පැකිළී මරණයට ඇද වැටෙන බව තමන් දැන සිටි බවද ඔහු කීය.
ඩිස්කවරි නාළිකාව නික් කම්බි දිගේ ඇවිද යනු සජීවීව විකාශය කළේද තත්පර 10 ක පමාවක් ඇතිවය.හදිසියේවත් නික් පහළට ඇද වැටුණිනම් එම කොටස ප්‍රචාරය වීම වැළැක්වීම සදහා එම පියවර ගෙන තිබුණි.
නික්ගේ මී මුත්තාද මෙවැනි හපන්කම් කිරීමට දක්ෂයෙකි.නමුත් 1978 වසරේදී පුටෝ රිකෝ හි ගොඩනැගිලි 2 ක් අතර ඇද තිබූ කම්බියක් තරණය කිරීමට ගිය ඔහු ඉන් ඇදවැටී මිය ගියේය.
තම මුත්තණුවන්ට උපහාරයක් පිණිස මෙම අභියෝගයන් භාරගත් බව කියන නික් තවත් මෙවැනි අභියෝගයන් හඹා යෑමේ අපේක්ෂාවෙන් සිටී.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවත් වැඩද? ඇයි අපේ ලංකාවේ අය ඇස් වහගෙන ගුවනින් යන්නේ? (නි)
ඕක වගේම මෙහෙ මේ මිලියන විස්සකට කිට්ටු ජනතාවකගේම ඇස් වහල අන්දකාරේ අරගෙන යන්නේ .අර මනුස්සය නම් අඩු තරමේ තමන් යන තැන දැනගෙන වත් හිටිය අපි ?(අ)
අයියෝ ඕක මොකක්ද.? අපේ රටේ දේශපාලක තුමන්ලා අවුරුදු හතරකට පහකට සැරයක් අපිව කම්බියේ යවන්නේ. (ර)
සුපිරිම ගණයේ අභියෝගයක්..!! ආයේ ඒකෙ දෙකක් නෑ.(බ)
දක්ෂයි ඇත්තටම.(හේ)
අය්යෝ , අපේ රටේ මේ පැත්තේ ඉඳල එහා පැත්තට යන්නේ කම්බිත් නැතිව පෝලිමේ.(හේ)
ඕවත් වැඩද? අපේ පලා බබෙකුට ගඟේ අනිත් පැත්තේ ලස්සන ගැහැණු කෙනෙක් තියලා පෙන්නුවා නම් කම්බිය නැතුව උඩින්ම තප්පරේට අනිත් පැත්තට ගිහින් පෙන්නයි. (නි)