පසුගිය පස් වැනි දා මුම්බායි නුවර සිට ඩුබායි වෙත පැමිණි මම වැනීසිය වෙත පිටත්වන ඊළඟ ගුවන් යානයේ වෙලාව එන තෙක් ඩුබායි ගුවන් තොටුපළේ රැදී සිටියෙමි. අලුයම හතරේ සිට ගුවන් ගමනේ යෙදීමෙන් ඇති වූ නිදිමතත් තෙහෙට්ටුවත් මඟ හැරිම සඳහා ළඟම තිබු වැසිකිළිය වෙත ගියේ මුහුණකට සෝදා ගැනීමටය. ඒත් සමග ජංගම දුරකථනය නාද වන්නට විය. මුදල් පසුම්බිය ඇතුළු වටිනා ලියකියවිලි තිබු කුඩා බෑගයෙන් ජංගම දුරකථනය එළියට ගත් මා ඇමතුමට පිළිතුරු දී අවශ්‍ය කාරණය ඉටුකර ගත්තෙමි.
නැවතත් වැනීසිය බලා පිටත්වන ගුවන් යානයට මගින් ඇතුළු කරගන්නා කවුළුව ආසන්නයට පැමිණි මා එහි තිබු පුටුවක හාන්සි වුයේ ගුවන් ගමනට තවත් පැය දෙකකට ආසන්න කාලයක් තිබු බැවිනි. නොදැනුවත්ම නිනද ගියේය. විනාඩි හතළිහකට පසු අවදි වූ මා අන්ද මන්ද වුයේ මුදල් පසුම්බියත් ජංගම දුරකථනයත් ගමන් බලපත්‍රයත් ඉතාලියේ ස්ථිර රැදී සිටීමේ බලපත්‍රයත් ඇතුළු ලියකියවිලි නොමැති කුඩා බැගය මා අසල නොමැති නිසා වෙනි. සිදු වූ අතපසුවිම මතක් වුවත් බෑගයේ ආසාව මා අත්හැර ගත්තෙමි. නැවතත් වැසිකිළිය වෙත ගිය මා බෑගය සෙව්වත් එය එහි නොතිබුණි. වැසිකිළිය හා ඒ අවට පිරිසුදු කරමින් සිටි තරුණයකුගෙන් මා නැති වූ කුඩා බැගය ගැන විමසුවෙමි.
එන්න මා සමඟ ගතවුයේ විනාඩි දෙකකි. ගිනි කන්දක් ලෙසින් ගිනියම් වූ මා ගත ඔහු සිසිල් කළේය. අසු දහසක් වටිනා ජංගම දුරකථනයත් ඉතාලියේ ස්ථිර රැදී සිටීමේ බලපත්‍රයත් ගුවන් ගමන් බලපත්‍රයත් මුදලින් යුරෝ 300ක් ඇතුළු බැංකු කාඩ් පතද එලෙසින්ම කුඩා බෑගයේ විය. මුහුණ සෝදා ගැනීමට වැසිකිළිය වෙත ගිය මා එය අවසන් වනවාත් සමග විදේශිකයින් දෙදෙනෙකු අතර ඇති වූ බහින් බස් වීමත් සමග මා එම ස්ථානයෙන් විගස පිට වුයේ මා සතු වටිනා සියලු දේ එහි තිබියදී ලාකෙෂ් කුට්ටි නම් අවංක ඉන්දියානුවා සදා කල් මා මතකයේ රැදෙනු ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.