බෝම්බ පුපුරුවමින් මහා ජීවිත විනාශයක් සිදු කිරීමට සැලැසුම් කළ අල් කයිඩා සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ස්පාඤ්ඤ ආරක්ෂක අංශ පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ ස්පාඤ්ඤයේ පදිංචි නූ මඩියෝනී නමැති 23 හැවිරිදි ඇල්ජීරියානු ජාතිකයකු සහ 52 හැවිරිදි එසන් එල් ජවෝනී නමැති මොරොක්කෝ ජාතිකයකුය.
ආරක්ෂක අංශ මොවුන් දෙදෙනා ගැන දීර්ග කාලයක් තිස්සේ සෝදිසියෙන් සිටි බවත්, පෙරේදා (23) රාති‍්‍රයේ මොවුන් අත්අංඩගුවට ගත් බවත් පැවැසීය.
මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ එකිනෙකට වෙනස් ස්ථාන දෙකකදීය.
මොවුන් මාලි රාජ්‍යයේ කි‍්‍රයාත්මක උතුරු අපි‍්‍රකා අල් කයිඩා ජාලය සමඟ සමීප සබඳතා පැවැත්වූ අය බවත් ස්පාඤ්ඤ ආරක්ෂක අංශ වැඩි දුරටත් කියා සිටී.
ඇමෙරිකාවේ බොස්ටන් නුවර මැරතන් තරගයට එල්ල වූ බෝම්බ ප‍්‍රහාරයෙන් පසු බටහිර රටවල් තම තමන්ගේ ප‍්‍රධාන නගරවල ආරක්ෂාව තර කළ අතර, සැක කටයුතු පුද්ගලයන් වහ වහා අත්අඩංගුවට ගනිමින් සිටියි.
කැනඩා පොලිසිය ද අල් කයිඩාවට සම්බන්ධ ඉස්ලාමීය සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත්තේය. එම සැකකරුවන් දෙදෙනා අල්ලා ගත්තේ කැනඩාවේ ටොරෙන්ටෝ සිට ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර බලා ධාවනය වන මගී දුම්රියක්, බෝම්බ අටවා පුපුරුවා පීලි පැනීමට සලස්වා, මහා ජීවිත හානියක් සිදු කිරීමට සැලැසුම් කර තිබියදීය.
|
අත්අඩංගුවට ගත් සැකකරුවෝ දෙදෙනා |
2025 නොවැම්බර් මස 04
392
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2172
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1649
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අල් කයිඩා සැකකරුවෝ දෙදෙනෙක් ස්පාඤ්ඤ පොලිසියට කොටුවෙති
ඩොන් Friday, 26 April 2013 01:42 AM
ලගදීම ලංකාවෙත් බලාපොරොත්තු වෙන්න වේවිද දන්නෙ නැහැ (නි)
රිෂාඩි Thursday, 25 April 2013 11:45 AM
හනේ ඒක නේන්නම් නේ බොස්ටන් ප්‍රහරය් එහෙනම් මේකට හේතුව පව්.(නදී)
මධු Thursday, 25 April 2013 01:06 PM
ලෝකයෙන්ම තුරන් කරන්න ඕනෑ. හොද පුවතක් ! (නි)
මහේෂ් Thursday, 25 April 2013 09:13 PM
දැන් මේගොල්ලන්ට තේරෙනවා ඇති මේ ත්‍රස්තවාදය කියන එකේ තරම. අනිවාර්යයෙන්ම මේ මිනිමරන එක කජු කනවා වගේ කියලා හිතාගෙන ඉන්න, බෙලි කපන්න ගෙදර ඉඳන්ම පුරුදු කරපු මේ ම්ලේච්චයෝ නම් ලෝකෙන්ම තුරන් කරන්න ඕනෑ (නි)