ඉරණමකටඉඩදී නිකම් බලාගෙන සිටීමේ පුරුද්ද නිසා ජැමෙයිකා සමාජයේ මුල් තැන හිමිව තිබෙන්නේ කාන්තාවට බව එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි.
ජැමෙයිකාවේ කි‍්‍රයාත්මක බොහෝමයක් රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතන වල කළමනාකාරු වැනි විධායක ශ්‍රේණි පදවි උසුලන්නේ කාන්තාව සතුය.සංසන්දනාත්මකව පැහැදිලි කළහොත් ඇමරිකාවේ විධායක ශ්‍රේණියේ රැකියා කාන්තාවන්ගෙන් සියයට 43 ක් හිමිවන වන විට ජැමෙයිකාවේ එම ප‍්‍රතිශතය සියයට 60 කි.
මෙය යහපත් දෙයක් යැයි ලොව අනෙක් රටවල කාන්තාවන්ට හිමිව ඇති තත්ත්වය හා සැළකූ විට සිතිය හැකිවුවත් සැබෑව නම් ජැමෙයිකාවේ සමාජ පද්දතිය කඩා වැටෙමින් තිබීම බව විද්වතුන් කියයි.
පිරිමින් මේ සා පසුගාමී වීමට හේතුව වී ඇත්තේ ජැමෙයිකාවටම අනන්‍ය රෙගේ සංගීත ශෛලියේ බලපෑම හා එම සංගීත සංස්කෘතියේම අංගයක් වන ගංජා වැනි මත්ද්‍රව්‍ය භාවිතය බව ඔවුන් පෙන්වා දේ.මේ දෙකෙහි බලපෑම බොහෝමයක් පිරිමින් කන දෙයක් කා වෙන දෙයක් බලාගෙන සිටීමේ තත්ත්වයට පත්කර තිබෙන බව ඔවුන් කියයි.
ඌණ සංවර්ධිත ප‍්‍රදේශවල මෙය වඩා පැහැදිලිව දැකගත හැකිය.
ජැමෙයිකාවේ පාසැල් ගුරුවරියක් පවසන ආකාරයට පන්තියේ පිරිමි දරුවෙකු හොදින් අධ්‍යාපනය හදාරයි නම් ඔහුට ජැමෙයිකා සමාජයේ හාස්‍යයට ලක්වීමට සිදුවේ.බොහෝමයක් දෙනා ඉගෙනීම කාන්තා පාර්ශවයට අයත් දෙයක් යැයි සිතා සිටින බව ඇය කියයි.
මෙය ජැමෙයිකාවට පමණක් පොදු තත්ත්වයක් නොවන බව එක්සත් ජාතීන්ගේ අධ්‍යන වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.මුළු කැරිබියන් කලාපයේම රටවල තත්ත්වය මෙවැනිය.කෙසේවුවත් මෙම රටවල් වල පිරිමින් අනෙක් රටවල් හා සැසදීමේදී විවේක සුවයෙන් හා සැපෙන් සිටින බව නම් සත්‍යය.
කාන්තා හා පිරිමි දෙපාර්ශවය අතර සමතුලිතතාවය ඇතිකිරීමට මෙම රටවල රජයයන් දැනටමත් මැදිහත්ව සිටී.කෙසේනමුත් පාලකයින් බහුතරයකගේ අදහස වන්නේ රටවල නීති පද්දතිය,ආගමික පද්දතිය හා දේශපාලන පද්දතිය තවමත් පාලනය වන්නේ පිරිමින් යටතේ නිසා බියක් ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තොටිල්ල පදවපු අත මුලින්ම රට පාලනය කලෙත් වෙනසට දිරි දුන්නෙත් ලාංකික දිරිය කතුන් (නදී)
හැම රටකම මේ දේ මෙහෙම වෙන්නේ නෑ (දිල්)
දැන් වත් කාන්තා සංවිධානවලට සතුටුද දන්නේ නෑ, ලිපියේ අවසානයට අනුව නම් තවමන් මේ සංවිධාන අඩන එක නතර කරලා නෑ, පිරිමින් වලපල්ලට යනකම්ම තව අඩයි වගේ. (නදී)
අපි දන්නා තැනක තරුණියක් වංශවත්කම් ගැන විතරක් හිතලා වලව්වකින් බැඳගත්තා. එයත් ගෙදර සිටියදී වැඩක් කළේ නැති කම්මැලි කෙනෙක්. ඔක්කොම වැඩ ටික කළේ ගෙදර වැඩිහිටි කාන්තාවන්. ලැබුණු සැමියාත් එයාටම හරියන කම්මැලියෙක්. රැකියාවක් කරන්නෙත් නැතුව ගෙදර. දැන් සහෝදරයන් සහ නෑදෑයන්ගෙන් යැපෙමින් ඉන්නවා. මහන්සිවෙලා හරි හම්බකරන්න ජෝඩුවටම ඕනෑකමක් නැහැ. (නි)
හැම දේටම පිරිමි අලස නැහැ (නදී)
සමීර කියලා වැඩක් නැහැ. ඊ ළඟ ආත්මේ ඉපදෙමු ජැමෙයිකාවේ. (ස)
ලංකාවේ තත්වයත් මීට වෙනස් නැහැ. කාන්තාවෝ පිටරටයි ඇඟලුම් කර්මාන්තයෙයි. (නි)
අන්න රටවල් අප්පා (නදී)