ඇන්ටාක්ටික් අයිස් තට්ටුවට යටින් ජීවය පවතින බවට නිශ්චිත සාක්ෂි ප්‍රථම වරට සොයාගෙන ඇත.
අයිස්තට්ටුවට සැතපුම් එකහමාරක් ගැඹුරින් අවුරුදු ලක්ෂ ගණනකින් මෙපිට ලෝකයට නිරාවරණය නොවූ විලක මේ පරිසර පද්ධතිය හමුවී තිබේ. පරිසරයේ පවතින ස්වභාවික මීතේන් හා ඇමෝනියම් වලින් ශක්තිය නිපදවන ඉතා කුඩා ජීවී කාණ්ඩයක් මෙලෙස සොයාගෙන ඇත්තේ බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් පිරිසක් විසිනි.
ඔවුන් පවසන්නේ ඒ අනුව ඔවුන් පවසන්නේ ඇන්ටාක්ටිකාව යනු මළ මහද්වීපයක් නොවන බව මෙයින් තහවුරුවන වන බවයි. පර්යේෂණය කළ කණ්ඩායමේ ප්‍රධානී මොන්ටානා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජෝන් ප්‍රිස්කු පවසන්නේ හමුව ඇත්තේ ආදිකල්පික ක්ෂුද්‍ර ජීවී පවුලකට අයත් සත්ත්ව කොට්ඨාශයක් බවයි. ආචියා නමින් හඳුන්වන පවුලකට ඔවුන් අයත් බව ද ඔහු කියා ඇත.
2013 වර්ෂයේ ජනවාරි මාසයේ දී එනිස් විලාන්ස් නම් උප ගැලක්සියෙන් මේ විල හමුවී ඇත.
මහාචාර්ය ප්‍රිස්කු මෙසේ කියයි.
‘‘තද සීතලේ හා ඝන අඳුරේ නොනැසී ජීවය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් තොරතුරු රැසක් මොවුන්ගෙන් අපට ලබාගත හැකි වේවි. අභ්‍යාවකාශයේ අයිස්වලින් පිරුණු අනෙක් ලෝකවල ද ජීවයේ පැවැත්ම පිළිබඳ සාධක මොවුන්ගෙන් අපට දැනගත හැකිවේවි. “





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකේ වටේ විස්තර තව කොතෙකුත් ඇත්ද.. (දිල්)
අැන්ටාක්ටිකාවට ඔබ සැම සාදරයෙන් පිළිගනිමු. (නදී)
ලෝකයම මෙහෙම හාරන්නේ මොකටද මන්දා? (නි)
ඉසුරන්දි - යමුද අපි දෙන්නත් එක්ක ලෝකේ වටේ විස්තර හොයන්න...(දිල්)
අනේ! උන්ට නිදහසේ ඉන්න දෙන්නකෝ... දැන් උන්වත් අරගෙන ගෑස් හදන්න පුලුවන්ද බලයිද දන්නෙ නැහැ (නි)
ඕව මොනවද මල්ලි අපි ලංකාවේ ජීවත් වෙන හැටියට (අ)
ලෝකේ පුරාම සිද්ද වෙන අලුත් විස්තර දැන ගන්න හරිම ආසයි ඒවා පළ කරන ලංකාදීපයට ස්තූතියි(දිල්)