භාරත මැතිවරණ පරාජයත් සමග කොංග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි පක්ෂ නායකත්වයෙන් ද පුතු රාහුල් ගාන්ධි පක්ෂ මහ ලේකම් ධුරයෙන් ද ඉල්ලා අස්වීමට සැරැසෙන බව ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබේ.

මේ සම්බන්ධයෙන් කොංග්‍රස් පක්ෂයේ කි්‍රයාකාරී කමිටුව අද (18) රැස්වී සාකච්ඡා කිරීමට ද නියමිතව ඇත. කෙසේ නමුත් කොංග්‍රස් පක්ෂ අභ්‍යන්තරයෙන් වාර්තා වන්නේ, සෝනියාගේ සහ රාහුල්ගේ ඉල්ලා අස්වීම් පක්ෂයේ ක්‍රියාකාරී කමිටුව බාර නොගනු ඇති බවයි.

කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය ගතවුණු වසර 10 පුරා පාලන කටයුතු මෙහෙයවීය. ඔවුන් බලයට පැමි‚යේ 2004 වසරේදීය. අවසන් මැතිවරණයේ දී කොංග්‍රසය ප්‍රමුඛ සන්ධානයට ආසන 260 කට වඩා හිමි කර ගැනීමට ද හැකිවිය. දූෂණ චංචා නිසා ජනතාව අතරේ දැඩි ලෙස අපකීර්තියට පත් වුණු කොංග්‍රසය මෙවර මැතිවරණයෙන් දරුණු පරාජයක් හිමි කර ගත්තේ එහි නායකත්වය දුර්වල වුණු නිසාය.

මෙවර මැතිවරණය මෙහෙයවූයේ සෝනියාගේ පුත් කොංග්‍රස් පක්ෂයේ මහ ලේකම් 43 හැවිරිදි රාහුල් ගාන්ධි ය. 

රාහුල්ට මැතිවරණයේ මෙහෙයවීම් කටයුතු පැවැරුව ද ජනතා අප්‍රසාදයට පත් වී සිටි නිසා රාහුල්ට එම කටයුතු සාර්ථකව කිරීමට නොහැකි බව කොංග්‍රසය කල් තියා දැන සිටියේය.

ඔවුන් අගමැති අපේක්ෂයා ලෙස රාහුල් නම් නොකළේ එහෙයිනි. රාහුල් ගාන්ධි අගමැති ධුර අපේක්ෂකයා ලෙස නම් කර තිබියදී, කොංග්‍රසය මෙලෙස දරුණු පරාජයකට ලක් වූයේ නම් එය රාහුල්ගේ ප්‍රතිරූපයට බරපතල හානියක් වීමට ඉඩ තිබු‚.

මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු සෝනියා සහ රාහුල් ගාන්ධි මාධ්‍ය හමුවක් කැඳවමින් නිහතමානීව පරාජය බාර ගන්නා බව පැවැසීය. මැතිවරණ පරාජයට තම පුතු පමණක් වගකිව යුතු නැතැයි ද සෝනියා එහිදී අවධාරණය කළාය. එපමණක් නොව ඇය මෝඩි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂ සන්ධානයට සුබ පැතීමට ද අමතක නොකළාය.

මේ අතර, මැතිවරණයෙන් ලැබූ පරාජයෙන් පසු, බිහාර් මහ ඇමැති ධුරයේ කටයුතු කළ නිතිෂ් කුමාර්   සිය ධුරයෙන් ඉල්ලා අස්විය. නිතිෂ් කුමාර් කොංග්‍රස් පක්ෂ සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන ‘ජනතා දාල්‘ හි නායකයාය.

ජනතා දාල් පක්ෂයට මෙවර මැතිවරණයේ දී හිමිකර ගැනීමට හැකිවුණේ ආදල දෙකක් පම‚. 2009 මැතිවරණයේ දී බිහාර් ප්‍රාන්තයේ ආසන 20 ක් දිනා ගැනීමට ඔවුහු සමත් වී සිටියහ.

කොංග්‍රස් සන්ධාන රජය යටතේ වසර 10 ක් අගමැති ධුරය හෙබවූ මන්මෝහන් සිං ඊයේ (17) සිය ධුරයට සමු දුන්නේය. ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා එම අවස්ථාවේදී කියා සිටියේ මන්මෝහන් සිං නිහ~ සේවයක් කළ ගෞරවŒය දේශපාලනඥයකු කියාය. ඔහුගේ සමුගැනීම ගැන තමන් දුක් වන බව ද ඔබාමා වැඩි දුරටත් කියා සිටියේය.