ලබන වසරේ පැවැත්වෙන මහ මැතිවරණය අවසන් තෙක් අමිත් ෂා භාරතීය ජනතා පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කරන බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
අද (8) පැවැති එම පක්ෂයේ ජාතික විධායක රැස්වීමේදී ඒ බව තීරණය වී තිබේ. භාරතීය ජනතා පක්ෂයේ වත්මන් සභාපතිවරයා වන අමිත් ෂාගේ ධුර කාලය ලබන ජනවාරි මාසයෙන් අවසන් වීමට නියමිතය.
භාරතීය ජනතා පක්ෂයේ නිලවරණය මැතිවරණයෙන් පසුව පැවැත්වෙනු ඇතැයි පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර මහ මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවට දැවැන්ත අභියෝගයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි පැවසේ. කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ විපක්ෂය භාරතීය ජනතා පක්ෂයට එරෙහිව දැවැන්ත ඒකාබද්ධ විපක්ෂ පෙරමුණක් ගොඩනගනු ඇතැයි පැවසේ.

හින්දුස්තාන් ටයිම්ස් ඇසුරිනි
- 055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd