ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට අවශ්‍ය සැපයුම් රැගෙන ගුවන් ගතවු ස්පේස් එක්ස් නැමැති රොකට්ටුව ගුවන් ගත කර කෙටි වේලාවකදී පුපුරා ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ෆ්ලෝරිඩාවේ කේප් කැනවරල් තුඩුවෙ සිට ගුවන් ගත කරණ ලද මෙම රොකට්ටුව අනතුරට ලක්වු බව නාසා ආයතනයද ස්ථිර කලේය. නාසා ආයතනය පැවසුවේ පුපුරා ගිය රොකට්ටුවේ කැලි සහ සුන්බුන් අත්ලාන්තික් සාගරයට පතිත වු බව නිරික්ෂණය කළ බවයි.
නාසාහි ජෝර්ජ් ඩිලර් පැවසුවේ මෙම යානය කැඩි ගොස් තිබුන ද අනතුරට හේතුව තමන්ට පැහැදිලි නැති බවයි.
ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට සැපයුම් ගෙන යමින් තිබු යානාවක් අනතුරට පත් දෙවන අවස්ථාව මෙයයි. මීට කලින් පසුගිය අප්‍රේල් මාසයේදී රුසියානු සැපයුම් යානයක් පාලනයෙන් මිදී විනාශ විය. තවත් සැපයුම් යානයක් ගුවන් ගත කරණ අවස්ථාවේදී වු අනතුරක් හේතුවෙන් විනාශ විය.
විනාශ වූ මේ යානයේ වු ද්‍රව්‍ය අතර ආහාර,ඔක්සිජන්, සහ ඉතාමත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ද වුහ. යානය විනාශ වීම ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ කාර්යය මණ්ඩලයට සහ අභ්‍යාවකාශ ගමන සැලසුම්කරුවන්ට දැඩි පිඩනයක් ගෙන දෙන්නක් විය.
නාසා සමග වු ගිවිසුම පරිදි මෙම අභ්‍යවකාශ ගමන ස්පේස් එක්ස් නැමැති පුද්ගලික සමාගම මගින් මෙහෙයවූ හත්වැනි සැපයුම් ගමන විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට වඩා සැලකිල්ලෙන් ක්‍රියා කලොත් හොදයි .. (ර)
කට්ටිය කලබල වෙලා තියෙන්නේ පට්ටලේ කරත්ත රෝද හදනවා වගේ කියලා හිතලද. ඇමෙරිකාව ඒක බලා ගනී. (ර)
අමරිකාවත් පුපරලා යාවි කරන බලු වැඩවලට (බ)
අර මිනිස්සු කන්න බොන්න නැතිව මැරිල යාවි ඉක්මනට මොකක් හරි කරන්න මොකද යානයක් දවසින් දෙකින් හදන්නද (බ)