පාකිස්තානය කිසිදු අවස්ථාවකදී මුලින්ම න්‍යෂ්ටික අවි භාවිත කරන රට බවට පත් නොවන බව එරට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අද (2) පැවැසීය.
මේ වනවිට කාශ්මීරය මුල් කරගනිමින් ඉන්දියාව සහ පාකිස්තානය අතර තිබෙන නොහොඳ නෝක්කාඩු උග්‍ර අතට හැරී තිබේ. සිය පරිපාලනය යටතේ තිබෙන කාශ්මීරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී තිබූ විශේෂ බලතල ඉවත් කිරීමට ඉන්දීය රජය පියවර ගැනීමත් සමඟ දෙරට අතර අර්බුදය තවදුරටත් උග්‍ර අතට හැරිණි.
“අපි දෙගොල්ලොම න්‍යෂ්ටික අවි තියෙන රටවල්. නොසන්සුන්තාවක් ඇතිවුණොත් ලෝකය අනතුරේ. අපි කොයිම වෙලාවකවත් මුලින්ම න්‍යෂ්ටික අවි යොදාගන්නා රට වෙන්නේ නැහැ” යැයි ඉම්රාන් ඛාන් කීවේය.
ලාහෝර් නුවර දී සීක් ආගමික ප්‍රජාවේ සාමාජිකයන් පිරිසක් අමතමින් පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා එම කරුණු කීවේය.
රොයිටර්
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගැහුවොත් ගහනවා නොකියා වෙනත් විදියකට එයම කියන්න ඉම්රාන් දක්ෂයි. ඒ වගේම තමයි එයාගේ වැඩත්.
ජයවේවා ඉම්රාන් ජයවේවා. ක්‍රිකට් ලෝකේ නම තිබ්බා වගේ අගමැති වෙලත් නම තියන්න. ඔයා වැඩකාරයා. ලංකාවෙත් ඉන්නවා.. වැඩකාරයෝ ඒ ගොල්ලෝ ඉතින් නොකියා ඉන්නම්... කවුරුත් දන්නවනේ?