මේ සිකුරාදා(10) ප්‍රංශයේදී ආරම්භ වීමට නියමිත යුරෝ 2016 පාපන්දු තරගාවලියට ප්‍රහාරයක් එල්ල කිරීමේ අදිටනින් පැමිණි පුද්ගලයකු අවි ආයුධ විශාල ප්‍රමාණයක් සමග අත් අඩංගුවට ගෙන තිබේන බවට යුක්රේන නිලධාරීහු පවසති.
ග්රෙගොයිර් මෞටක්ස් (25) නමින් හදුන්වන මොහු පෝලන්ත යුක්රේන දේශසීමාවේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
එම පුද්ගලයා ප්‍රංශය පුරා ප්‍රහාර 15 සැලසුම් කර ඇති බවත් අන්තවාදී අදහස් ඇති අයෙක් බවත් බලධාරීහු සදහන් කරති.
පාලම්, අධිවේගී මාර්ග,පල්ලියක් ද ඔහුගේ ඉලක්ක අතර බවද ඔහු නවීන ආයුධ සහ වෙඩි බෙහෙත් කිලෝ 125ක් රැස් කර තිබු බවද සදහන් වේ.
මෙම තරගාවලිය ඉස්ලාමීය සටන්කාමීන්ගේ ඉලක්කයක් විය හැකිය යන බියෙන් යුතුව ඉදිරි යුරෝ ශූරතාව ආශ්‍රිතව ඉහළ ආරක්ෂාවක් සැලසුම් කර ඇති බව නිලධාරීන් පවසයි.
COMMENTS
මේ සිද්දිය මම දුටුවෙමි.කියන්න කනගාටුයි යුරෝපයේ ඉදිරිය සුබ නැත (පසුගිය කාලයේ සිදුවූ සිද්ධීන් සමග )තවම සිදුවූ දේවල් හොද අවබෝධයක් නැත.ප්‍රංශයේ ගංවතුරින් විශාල විනාශයක් සිදු වෙමින් ඇත.අලුත් රැකියා නීති ප්‍රශ්නයට ප්‍රධාන නගර වල ඊට විරුද්දව යාම තවම ඉවර නැත. මගී ප්‍රවාහන ඊට හවුල් වී ඇත.මහා ජනතව මේ නිසා දැඩි පිඩාවට පත් වෙයි (බ)