IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අධිකරණයේ තීන්දුවට එරෙහිව ඊජිප්තුවේ විරෝධතා: 32 ක් මරුට

පුද්ගලයන් 21 දෙනකුට මරණ දඬුවම නියම කිරීමට ඊජිප්තු අධිකරණයක් තීරණය කිරීමත් සමඟ ඊට විරෝධය පළ කරමින් කයිරෝ අගනුවර යළිත් වරක් විරෝධතා ආරම්භ වූ අතර විරෝධතාකරුවන් සහ කැරැලි මර්දන පොලිස් නිලධාරීන් අතර ඊයේ (27) හටගත් දරුණු ගැටුම්වලින් තිස් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. සියයකට වැඩි පිරිසක් තුවාල ලැබූහ.
එම 21 දෙනාට මරණ දඬුවම වූයේ පසුගිය වසරේ පාපන්දු කී‍්‍රඩාංගණයක සිදුවූ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලට සම්බන්ධ යැයි චෝදනාවලට වරදකරු වීමෙනි. එම පාපන්දු කී‍්‍රඩාංගණයේ ගැටුම හට ගත්තේ පා පන්දු ලෝලීන් දෙපිරිසක් අතරය. එම ගැටුම්වලින් මියගිය ගණන 74 කි. එම අවස්ථාවේදී ද සියයකට වැඩි පිරිසක් තුවාල ලැබූහ.
අධිකරණය දුන් තීන්දුවට විරෝධය පළ කරමින් ආරම්භ වූ නව විරෝධතා හේතුවෙන් ඊජිප්තුව යළිත් වරක් අස්ථාවර වීමේ ලකුණු පෙන්නුම් කරන බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
මේ වනවිට ඊජිප්තු ජනපති මොහොමඞ් මොර්සි අභියෝග රැසකට මුහුණ දී සිටින අතර රට අභ්‍යන්තරයේ දේශපාලන අර්බුද රැසක් හටගෙන තිබේ.
මේ අතර ඊජිප්තු පාලනයේ වෙනසක් ඉල්ලමින් ඉකුත් 25 වැනිදා එරට කයිරෝ නුවර පිහිටි ජනපති මැඳුර අබියසට රැස් වූ ජනයා දැවැන්ත විරෝධතාවක නිරත වූහ. රැලියට සහභාගී වූ දහස්ගණනක් වූ ඊජිප්තු වැසියන් ඉල්ලා සිටියේ එරට වත්මන් ජනපති මොහොමඞ් මොර්සිගේ පාලනයේ වෙනසක් සිදු විය යුතු බවයි.
දිගු කාලයක් ඊජිප්තුව පාලනය කළ හොස්නි මුබාරක් බලයෙන් පහකර දෙවසරක් සැපිරීම නිමිති කර ගෙන එරට විපක්ෂය එම රැලිය සංවිධානය කර තිබුණි.

 

කයිරෝ නුවරට රැස් වූ විරෝධතාකරුවෝ....

 



අදහස් (0)

අධිකරණයේ තීන්දුවට එරෙහිව ඊජිප්තුවේ විරෝධතා: 32 ක් මරුට

ලාල් Monday, 28 January 2013 04:34 PM

මෝඩ වැඩක්නේ. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 29 January 2013 11:19 AM

පහුගිය දවස්වල අපේ අයත් මේ විදියට හැසිරුණා..!(නු)

:       0       0

අජිත් Wednesday, 30 January 2013 07:47 AM

අධිකරණයේ තීන්දුව අවසාන තින්දුවයි (දී)

:       0       0

නීල් Tuesday, 29 January 2013 05:21 PM

ඇමරිකාව මුළු ලෝකෙම ගැටලු ඇතිකරනවා...!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 704 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site