අතුරුදන් මැලේසියානු එම්.එච්. 370 ගුවන් යානය පිලිබඳව පොතක් ලියා ඇති නයිජෙල් කේව්ත්‍රෝන් එම යානය ඇමරිකාව සහ තායිලන්තය එක්ව කරණ ලද ජෙට් යානා ගුවන්  යුධ  අභ්‍යාසයේ දී බලාපොරොත්තු නොවු ආකාරයට ප්‍රහාරයට ලක්ව දකුණු චීන මුහුදු තීරයේදී කඩා වැටී ඇති බවයි.

යානයේ සිටි බ්‍රිස්බේන් ජාතික මගියකුගේ ඥාතීන් ප්‍රශ්න කරන්නේ තවමත් පරීක්ෂණ කණ්ඩායම් වලට සොයාගත නොහැකි වූ යානය සම්බන්ධයෙන් මෙවැනි අදහස් පළ කරමින් පොතක් ලියන්නේ කෙසේ ද යන්නයි. යානය අතුරුදන් වී දැනට දින 71ක් ගතවී ඇත.

පොත මගින් පෙන්වා දී ඇත්තේ යානය යුද අභ්‍යාසයේ දී ප්‍රහාරයට ලක්ව ඇති බවයි.

ගුවන් යානයේ අතුරුද්නවිම ගැන පරීක්ෂණ පවත්වන කණ්ඩායම මේ කරුණු වසන්කරන බව ද මේ ග්‍රන්ථයෙන් දක්වා තිබේ. එමෙන් ම පොත ලියූ කේව්ත්‍රෝන් පවසන්නේ අති නවීන තාක්ෂණයෙන් යුක්ත බව පැවසුව ද අතුරුදන් වූ යානයේ කළු පෙට්ටියේ පරිගණක මෘදුකාංග ඉතා ප්‍රාථමික මට්ටමේ වූ බවයි.