IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


නොරෝච්චෝල ලක් විජය සේවකයෝ 9ක් හදිසියේ ලෙඩ වෙති

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ සේවකයින් පිරිසක් හදිසියේ උණ හා අනිකුත් රෝග ලක්ෂණ පෙන්නුම් කිරිමත් සමග අදාල සේවක පිරිස වෛද්‍ය පරික්ෂණ සදහා යොමු කර රාජකාරියට පැමින සිටි 600 කට ආසන්න පිරිසක් නැවත නිවෙස් වෙත යාම නවතා ආරක්ෂීතව නේවාසිකාගාර තුල රදවා ඇති බව වාර් තා වෙයි.

ලක් විජය බලාගාරයේ ගිණුම් හා මානව සම්පත් ඒකකයේ සේවය කරන 9 දෙනෙකු මෙසේ උණ , උගුර අමාරුව ඇතුළු රෝග ලක්ෂ පෙන්නුම් කර ඇති බව කියයි.

අදාල රෝග ලක්ෂණ පෙන්නුම් කල 9 දෙනා පුත්තලම මුලික රෝහලේ විශේෂ දී පි.සි.ආර්.පරික්ෂණ සදහා අදාල ජෛව පටල සාම්පල ලබා ගෙන ඇති බවද ආපසු මොවුන් රැගෙන ගොස් විදුලිබල මණ්ඩල නේවාසිකාගාර තුළ ආරක්ෂීතව රදවා ඇති බව වාර්තා වෙයි.

ලක් විජය බලාගාරය රටේ විදුලි අවශ්‍යතාවයෙන් 60% ආසන්න දායකත්වක් දක්වන ප්‍රධාන විදුලි සැපයුම් කරු වෙයි .

රට තුල පැවති කොරෝනා තත්වය හමුවේ පසුගිය මාස තුනකට ආසන්න කාලයක් ලක් විජය සේවකයින් හා නිළධාරින් 30% ක දායකත්වය දක්වා තිබුනි.

නමුත් දැනට දින කිපයක සිට සුපුරුදු ලෙස සේවක පිරිස් පැවති ක්‍රමයටම සේවයට පැමිනිම ආරම්භ කර තිබුනී.

මෙම ලක්විජය සේවකයින්ගේ පි.සි.ආර් පරික්ෂණ සදහා ජෛව පටල සාම්පල ලබා ගැනිම පිළිබදව පුත්තලම මුලික රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් අත්තනායක මහතාගෙන් කල විමසිමේදි පවසා සිටියේ .

“ මෙම පිරිස එතරම් බරපතල රෝග ලක්ෂණ පෙන්නුම් කර නැහැ .නමුත් මොවුන් හා අනිකුත් පිරිසගේ ආරක්ෂාව වෙනුවෙන් අදාල පිසිආර් පරික්ෂණ සදහා සදහා ජෛව පටල සාම්පල ලබා ගෙන පරික්ෂණ සදහා යොමු කර තිබෙනවා .එම වාර් තා හෙට (23) වන විට ලැබෙන බවයි.

මේ පිළිබදව ලක් විජය බලාගාර කළමණාකරු ඉන්ද්‍රසිරි ගාල්ලගේ මහතාගෙන් කල විමසිමේදි පවසා සිටියේ .
“ අපේ කාර් යාල පරිශ්‍රය තුල සේවය කරන පිරිසක් උගුර අමාරුව ඇතුළු රෝග ලක්ෂණ පෙන්නුම් කිරිමත් සමග අප වහාම සේවයට පැමින සිටි 600 කට ආසන්න පිරිස් නිවෙස් වෙත හා ගම්බිම් වෙත යාම නවතා දැමුවා .
එය කලේ ආරක්ෂීත පියවරක් ලෙසයි .මොකද අපේ අසනිප වු පිරිසේ පරික්ෂණ වාර් තා හෙට දිනයේ ලැබුන පසු අපි එම තත්වය අනුව ක්‍රියාත්මක ආදලා පිරිස් මුදා හරින්න කටයුතු කරනවා.



අදහස් (3)

නොරෝච්චෝල ලක් විජය සේවකයෝ 9ක් හදිසියේ ලෙඩ වෙති

chandima Friday, 22 May 2020 10:18 PM

අර යුද්ධයට ආධාර දෙන්න එපෝ එපෝ කියලා කිව්වා වගේ වයිබර් තාක්ෂනෙන්ම දුන්නු කොන්ත්‍රාත් එකක්වත් නිසාද අපේ රටට මෙහෙම වෙන්නේ? මැරෙන්න කලින් දවසකටවත් ඔටුන්න දාගන්න තියෙනවා නම් රටෙන් භාගයක් මළත් කමක් නැහැ කියලා හිතනවත් ඇතිනේ...

:       0       8

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 23 May 2020 02:13 AM

අපේ රටේ ජනතාව සැමදා සුවපත් වේවා !!! මෙය වෙනත් සුළු අසනීප තත්ත්වයක් වෙන්න ඇති. බුදු සරණයි !!! දෙවි පිහිටයි !!!

:       0       50

පබා Saturday, 23 May 2020 03:01 AM

ඕකේ ස්පෙශලිස්ට්ලා ඕනේතරම් ඉන්නවා. ඉන්ජිනේරු වරු විතරයි අඩු... ඒනිසා බයවෙන්න කාරියක් නෑ...

:       0       61

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 929 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1009 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 402 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site