IMG-LOGO

2025 ජනවාරි මස 17 වන සිකුරාදා


ලක්‍ෂ ගණන් වියදම් කර 31 රෑ දැමූ සාද

2018 වසර උදා වී අදට (07) හරියටම සතියක් ගත විය. බොහෝ දෙනෙක් 2017 වසරට සමු දීම සඳහාත් නව වසරට ආශිර්වාදය ලබා ගැනීම සඳහාත් විවිධ ක්‍රියාකාරකම් සිදු කරති. ඇතැම් ගම්බද නිවෙස් වල මුළුතැන් ගෙය ගොම මැටි හා පොල් අතු ​ෙසවිලි කිරීමත්, දොර ​ෙරදි ඉවත් කර අලුත් දොර රෙදි දැමීමත් සිදු කෙරේ.   


අැතැම් අය නිවස පිරිසුදු කර තීන්ත ආලේප කොට නව වසරට සැරසෙති.   


නව වසර සඳහා ගම්බද මෙන්ම නාගරික ප්‍රදේශවල ජීවත් වන කුඩා දරුවන් සඳහා නව ඇඳුම් ආයිත්තම් මිලදී ගනු ලබන්නේ දෙසැම්බර් මාසය ආරම්භ වීමත් සමගයි. නව වසරේ අලුත් පන්තියකට යාම සඳහා පාසල් දරු දැරියෝ පොත පතට නව පිට කවර දමා අලුත් ඇඳුම් සූදානම්​ කොට උද්යෝගයෙන් ක්‍රියා කරති.   


මේ අතර නාගරික ප්‍රදේශ වල වෙසෙන තරුණ තරුණියෝ 2017 වසරට සමුදීම සඳහාත් 2018 වසර සැමරීම සඳහාත් විවිධ ප්‍රිය සම්භාෂණ සූදානම් කරති. බොහෝ දෙනා ඊට නොවැම්බර් හෝ දෙසැම්බර් මාස ආරම්භ වූදා පටන් සූදානම් වෙති.   


​ෙම් සඳහා කොළඹ තරු පහේ හෝටල් මෙන්ම මුහුදු බඩ සංචාරක හෝටල් ද සූදානම් වන්නේ සංචාරකයින්ගේ ආකර්ෂණය දිනා ගැනීම සඳහායි. ඒ සඳහා ​ෙහා්ටල් කළමනාකාරීත්වය විශේෂ සූදානමක් වෙයි. ඇතැම් හෝටල් වල රුපියල් 10,000 සිට ලක්ෂය දක්වා විවිධ පැකේජයක් ඔස්සේ ආහාර පාන මෙන්ම මත් පැනින් සංග්‍රහ කිරීමට සැරසෙති.   


අලුත​්ගම වෙරළ තීරයේ ඇති සංචාරක නි​ෙක්තනයක කළමනාකරුවකු ප්‍රකාශ කළේ තම සංචාරක නිකේතනයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට ගැළපෙන පරිදි ආහාර හා මත්පැන් සූදානම් කරන බවයි.   


අපි දේශිය සංචාරකයකුගෙන් රුපියල් 3000 ක මුදලක් අය කරනවා. හෝටලයේ ඇතුළු වීමේ ගාස්තුවක් හැටියට. ඔවුන්ට අපි ​නොමිලයේ බීර වීදුරුවක් පිරිනමනවා. අනිත් සෑම දෙයක්ම ඔවුන් විසින් මුදල් ගෙවා ගත යුතුයි. අපි ඔවුන් වෙනුවෙන් විශේෂ සංගීත කණ්ඩායම් සූදානම් කරලා තිබෙනවා.   


බොහෝ තරුණ තරුණියන් 2017 දෙසැම්බර් 31 වැනිදා මධ්‍යම රාත්‍රිය වන තුරු ඒ සංගීතයට නර්තනයෙන් සහභාගී වෙනවා. 2018 ජනවාරි 01 වැනිදා උදා වීමත් සමග ඔවුනොවුන් සිප වැලඳ ගෙන සුබ පතා ගන්නවා. මධ්‍යම රාත්‍රිය පසුවෙලා තමයි ඔවුන් සිය නිවෙස්වලට යන්නේ.   


මෙවර ජනවාරි පළමු වැනිදා පස​ෙළාස්වක පොහොය දිනය යෙදී තිබූ නිසා අපි පෙරදා මධ්‍යම රාත්‍රියෙන් පසු මත්පැන් බෙදා හැරීම නතර කළා. ඒත් සංචාරකයන් ඊට පෙර මිලදී ගත් මත්පැන් පානය කළා. අපිට ඒක සීමා කරන්න බැහැ. මොකද ඔවුන් මිලදී අරගත් ඒවා නිසා අපි කාරුණිකව ඉල්ලීමක් කළා සීමා කරන්න. බොහෝ අය ඊට එකඟත්වය පළ කළා. මත්පැන් පාලනය කරලා සිටින නිසා ඇතැම් අය විරෝධය පළ කළා. ඒත් අපි ඔවුන්ට කාරුණිකව වටහා දුන්නාට පස්සේ ඔවුන් ද ඊට අවනත වුණා. වෙනදා වසර වලට වඩා බොහෝ දෙස් විදෙස් සංචාරකයන් පිරිසක් කා බී විනෝද වුණා.   


මේ අතර ගල්කිස්ස මුහුදු තීරයේ සංචාරක නිකේතනයක ප්‍රකාශිකාවක් පැවසුවේ වැනිදාට වඩා වැඩි සංචාරකයින් පිරිසක් මේ වසරේ පැමිණි බවයි. මෙවර අපේ ආදායමද ඉහළ ගියා වෙනත් වසරවලට වඩා.   


අපි මේ වසරේ අපේ සංචාරක නිකේතනයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට ටිකට් පත් නිකුත් කළේ නැහැ. සමහර තැන්වල ටිකට් පත් නිකුත් කරනවා. අපි එසේ නොකළ නිසා අපේ සංචාරක නිකේතනයට පැමිණි පිරිස වැඩි වුණා. ඔවුන්ගේ කැමැත්ත පරිදි විවිධ සංගීත කණ්ඩායම් (ඩී.ජේ.) අපි සූදානම් කළා. ආහාර පානත් එහෙමයි. දෙස් විදෙස් සංචාරකයන්ගේ කැමැත්ත පරිදි අපි ඔවුන්ට අවශ්‍ය ආහාර පාන සූදානම් කළා.   


අපේ කාර්ය මණ්ඩලය ඒ සඳහා මහන්සි නොබලා කටයුතු කළා.   


මොකද සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගැනීමයි වැදගත්. ඒ නිසා අපේ සංචාරක නිකේතනයට මෙවර වැඩි පිරිසක් පැමිණියා. අනික් කාරණය තමයි අපි ඒ සියලු දේවල් සූදානම් කළේ වෙරළ තීරයේ. විදෙස් සංචාරකයන් අපේ වෙරළ තීරයේ සුව විඳින්න බොහෝ කැමැත්තක් දක්වනවා.   


​ෙම් වසරේ අපි ලබපු අත් දැකීම් සමග ලබන වසරේ සංචාරකයන් වැඩි පිරිසක් සහභාගී කරවා ගැනීමට කටයුතු කරනවා. මේ වසරේ දෙසැම්බර් 31 වැනිදාට අපි ඒ අත්දැකීම් උපයෝගී කරගෙන නව ක්‍රමයකට සංචාරකයින්ට උපරිම වින්දනයක් ලබා දීමටයි කටයුතු කරන්නේ.   


පසුගිය වසරවලට වඩා මේ වසරේ දෙසැම්බර් 31 අවසන් කොට ජනවාරි 01 වැනිදා නව වසරේ ප්‍රීතිය භූක්ති විඳීමට බොහෝ නාගරික තරුණ තරුණියන්ගේ විශාල උද්යෝගයක් පැවතිණ.   
දෙසැම්බර් 31 වැනිදා බොහෝ දෙනෙකු විවිධ අයුරින් එය සැමරූ අතර අපට හමු වූ කිහිප දෙනෙකුගෙන​් අපි විමසීමක් කළෙමු. බොහෝ දෙනෙකු සිය අනන්‍යතාව හෙළි නොකළ ද ඔවුන් ලැබු අත්දැකීම් අපට විස්තර කළේ මෙලෙසිනි.   


රාගම ටානියා මෙනෙවිය අප සමග අදහස් දක්වමින් කියා සිටියේ මෙවර උපරිම වින්දනයක් ලබා ගත් බවයි.   


අපි අපේ යාළුවෝ කිහිප දෙනෙක් ඒකරාශී වෙලයි මෙවර දෙසැම්බර් 31 වැනිදා සැමරුවේ. අපි දන්න කියන හෝටලයකට ඒකරාශී වෙලා මධ්‍යම රාත්‍රී පසුවෙනකම් නටලා සිංදු කියලා ​ෆුල් ෆන් එකක් ගත්තා. අපේ බෝයි ​ෆ්‍රෙන්ඩ්ලත් එක්ක. ඒ අය නම් සැර මත්පැන් පානය කළා. අපි නම් බියර් ටිකක් විතරයි පානය කළේ. හැබැයි හොඳට සිංදු කියලා විනෝද වුණා. අපි ඉතින් දෙසැම්බර් 31 වැනිදා වෙනකම් බලන් ඉන්නේ ඊට මාස කිහිපයකට කලින් ඉඳලා මුදල් එකතු කරලා ලෑස්ති වෙනවා. මේ පාර අපිට අපි දන්න කියන හෝටලය ඉතා සාධාරණ මිලකට කෑම බීම ලබා දුන්නේ. ඒක අපිට ලොකු සහනයක් වුණා. අපි මේ වසරේදිත් දෙසැම්බර් 31 වැනිදා සමරන්න දැන් ඉඳලම ලෑස්ති වෙනවා. 

 
කොළඹ කැරෝකේ සමාජ ශාලාවක දී හමු වූ ලක්ෂාන් අප සමග අත්දැකීම් බෙදා ගත්තේ මෙසේය.   


අපි නිතරම යන කැරෝකේ ශාලාවේ දෙසැම්බර් 31 වැනිදා 2017 වසරට සමු දෙන්න විශේෂ උත්සවයක් ලෑස්ති කරලා තිබුණා. අපි දන්න කියන තරුණියන් තමයි එතන ඉන්නේ. ඇතුළු වීමේ ගාස්තුව වෙනුවෙන් රුපියල් 1000 ක මුදලක් අය කරනවා. ඊට පස්​සේ අපිට කැමති ඕනෑම තරුණියක් තෝරාගෙන එළි වෙනකම් නටනවා. හැබැයි ඇතුළුවීමේ ගාස්තුවට අමතරව මත්පැන් ආහාර පාන අප විසින් මිලදී ගත යුතුයි. ඒ යෙහෙළියගේ ඕනෑ එපාකම් ඒ කියන්නේ මත්පැන්, ආහාර පාන අපි මිලදී ගෙන දෙන්න ඕනෑ. අපිත් එක්ක එයාලා එළිවෙනකම් නටනවා වෙනත් අකටයුතුකම් ඇති වෙන්නේ නැහැ. කළමනාකාරීත්වය නිතරම බලාගෙන ඉන්නේ. ඒ නිසා වෙන යම් දේවල් සිද්ධ වෙන්නේ නැහැ. නටන එක තමයි කෙරෙන්නේ. කොහොම හරි එළිවෙනකොට රුපියල් තිස් හතළිස් දාහසක් වියදම් වෙලා ඉවරයි. අවුරුද්දකට එක පාරයිනේ. ඉතින් ගාණක් නැහැ. කනවා බොනවා නටනවා. ජීවත් වෙලා ඉන්න කම්නේ මේ ඔක්කොම. වයසට ගියාම කරන්න බැහැනේ. තරුණ කාලේ ගන්න ෆන් එකක් තමයි. හැමදාමත් නැහැනේ. අවුරුද්දකට එක පාරයිනේ. ඉතින් උපරිම ෆන් එකක් ගන්නවා.   


බොහෝ හෝටල්වල කළමනාකරුවන් ප්‍රකාශ කළේ පහුගිය වසරවලට වඩා මෙවර නව වසර සැමරීම සඳහා බොහෝ ලාංකික තරුණ තරුණියන් තුළ දැඩි උද්යෝගයක් තිබූ බවකි. ශ්‍රී ලාංකිකයන්ට අමතරව ​විදේශිකයන් ද මෙවර අවුරුද්ද සැමරීම සඳහා වැඩි උනන්දුවක් තිබු අතර ඒ නිසා සිය ආදායමද වෙනත් වසරවලට වඩා ඉහළ ගිය බව ඔවුහු පැවසූහ.  


කෙසේ වෙතත් මෙවර ජනවාරි 01 වැනිදාට පොහොය දිනය යෙදී තිබුණු නිසා ඊට පෙර දිනයේ බොහෝ මත්පැන් අලෙවිසැල්වල දිගු පොලිම්ද දක්නට ලැබුණි. මත්පැන්හල් හිමිකරුවන් කිහිප දෙනකු ප්‍රකාශ කළේ මෙවර 31 වැනිදා වන විට සිය ආදායම් තත්ත්වයද ඉහළ ගිය බවයි.  කෙසේ වෙතත් වසර අවසානයේ දී මෙතරම් විශාල මුදලක් වැය කොට උත්සව සමරද් දී එදා වේල සඳහා අපේම පිරිසක් බඩගිනි ඉසිලීමද දක්නට ලැබුණි. මේ නිසා එක් දිනකට පමණක් මෙසේ මුදල් වැය කිරීම සාධාරණද යන්න සොයා බැලිය යුතුයි. 

 

 

 

 

 

 

 


සටහන 
නිශාන්ත කුමාර බණ්ඩාර



අදහස් (0)

ලක්‍ෂ ගණන් වියදම් කර 31 රෑ දැමූ සාද

ඔබේ අදහස් එවන්න

 

 

තක්සලාව

‘මම ආසයි මේ කඳු ඇතුළෙ තියෙන සැඟවුණු - ගුප්ත ඉතිහාසයට ’ - මදුෂාන් නෙරංජන්
2025 ජනවාරි මස 16 20 0

පරිසරයේ නිමැවුම් මායාකාරී බව සොබාදහම පිළිබඳ තියුණු නිරීක්ෂකයෙකුට පසක් කරගත හැකි පරම සත්‍යයයි.


මේ ගස් හැර තවත් ගස් තිබේ ද?
2025 ජනවාරි මස 16 15 0

මිහිපිට ජීවත් වන මිනිසා ඇතුළු සියලු සත්වයින් හට ජීවය සදන්නේ ගස්වැල්ය. ගසකට තරම් අයිතියක්, උරුමයක් වෙනත් කිසිවකුට නොමැත.


බෙල්වුඩ් සීතල පාරාදීසයට
2025 ජනවාරි මස 15 26 0

මධ්‍යම කඳුකරය යනු ශ්‍රී ලංකාවේ සොබාව සෞන්දර්යයේ අපූරු පරාදීසයකි. මහනුවර නගරයට කිලෝමීටර 19ක දුරින් හරිත වර්ණයෙන් අනූන සෞම්‍ය පරිසරයක පිහිටා ඇති පුංචි


කල්වාරි පාලමෙන් එගොඩ වී කුරුස කන්ද පුදබිමට
2025 ජනවාරි මස 15 29 0

දකුණුලක අගනගරය යන විරුදාවලිය ලත් ගාලු පුරවරය ඓතිහාසික වටිනාකම්වලින් මෙන්ම ස්වභාව සෞන්දර්යයෙන් පරිපූර්ණ වූ පුරවරයකි.


පතුලක් නැති දිය ඇල්ල බලන්න යමුද ?
2025 ජනවාරි මස 15 39 0

අප රටේ ඇති සුන්දර දිය ඇලිවලින් වෙනස්ම හැඩයක් ගන්න, නෙත් සිත් සනහනා, පහන්තුඩාව බලන්න යමු ද? ස්වාභාවික පරිසරයක පහනක හැඩයට ස්වාභාවිකවම නිර්මාණය වුණු දිය ඇ


දරුවා දැඩිසත්කාරයේ පසුවෙද්දී ස්වාමියාට ත්‍රස්තවාදී ප්‍රහාරයක්
2025 ජනවාරි මස 15 42 0

ශල්‍යකර්මයෙන් අනතුරුව යුද හමුදා රෝහලේ නිලධාරී වාට්ටුවට ඇතුළු කළ මේජර් සමීරට ප්‍රකෘති සිහිය ලැබෙද්දී රාත්‍රිය උදාවී තිබිණ. ඒ වනවිට ඔහු බොහෝ වේදනාවෙන්


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 303 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 579 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 321 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site