IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ලංකාවේ මව්පියන් සොයන ඉතාලියේ ඩිලුකා

උපන් බිමෙන් සැතපුම් දහස් ගණනක් ඈතින් දුරු රටක බහ තේරීමට කලින් සිටම ජීවත්වුවත් අම්මා පුංචි සන්දියේ පෙවු මව් කිරිවල සුවඳ නාස් පුඩුවලට ඇයට තවමත් දැනෙයි.   


අම්මා තන පුඩු පුංචි මුවට තබා දුන් මව් කිරිවල සුවඳ නහයට දැනෙනා සෑම මොහොතකම දෙනෙත්වලින් කඳුළු බිංදු කඩා හැළෙන්නේ ඇයටත් හොරාය.   


දස මසක් කුසේ හොවා ​ලෝකයේ තිබෙන ලොකුම වේදනාව ලෙස සැලකෙන ප්‍රසූත වේදනාව විඳදරා මෙලොවට බිහිකර ලේ කිරිකර පෙවූ අම්මා ගැන මතකය අලුත් වන්නේ ඇයත් දියණියක් සිටින මවක් වන නිසාමය.   


සත්සමුදුර ගොඩ ගලන්න තරම් හැඬුම් එන්​ෙන් මවගේ මතකය අලුත් වී ඇයගේ හදවත රිදුම් කවන නිසාය.   


ලෝකය ජීවය ලබන්නේ මවගේ කි​ෙරන් හා හිරුගේ කිරණින් බව රුසියාවේ ශ්‍රේ‍ෂ්ඨතම ලේඛකයා වූ මැක්සිම් ගෝර්කි පවසා ඇත්තේ ද ඒ නිසාම විය යුතුය.   


ඩිලුකා ප්‍රියදර්ශනී දූ සිඟිත්තිය ඇයගේ මව හා පියා විසින් දරුකමට හදා වඩා ගනු ලැබීමට ඉතාලි ජාතික අඹු සැමි යුවළකට බාර දෙන්නේ ඇයට අවුරුදු දෙකක් පිරෙන්නට ඔන්න මෙන්න කියා තිබියදීය.   


දරිද්‍රතාවේ පතුලේ සිටීම නිසා ඩිලුකා හදා වඩා ගැනීමට හැකියාවක් නොතිබූ නිසා ඇය මෙසේ දරුකමට හදා වඩා ගැනීමට ඉතාලි ජාතික අඹු සැමි යුවළකට බාර දෙන්නේ කතෝලික පියතුමෙකුගේ මැදහත්වීම මත නීත්‍යානුකූලව සිදු කෙරුනු ක්‍රියාවලියකින් අනතුරුවය.   
දරුවන් නොමැතිව ළතැවෙමින් සිටි ඉතාලි ජාතික අඹු සැමි යුවළ දරු කමට පුංචි ඩිලුකා හදා වඩා ගැනීමට ගත්තාට පස්සේ තමන්ගේ අන්තෝනෙල්ලා මුල්ලනු යන නම ඇයට ලැබිණි.   


ඩිලුකා ප්‍රියදර්ශනී හෙවත් අන්තෝනෙල්ලා ඉතාලි ජාතික තරුණයෙක් හා විවාහ වී මේ වන විට වසර හයක පමණ වයසේ පසු වන දියණියක් ද සිටින දයාබර මවක්ද වන්නීය.   


ඩිලුකා ප්‍රියදර්ශනීගේ වයස මේ වන විට අවුරුදු 36 කි.   


මාරවිල මහ රෝහලේ දී ඩිලුකා උපත ලබා ඇත්තේ 1982 වසරේ පෙබරවාරි මාසයේ 26 වැනිදාය. 

 
ඩිලුකාගේ මව හා පියා ඇය ඉතාලි ජාතික අඹු සැමි යුවළකට හදාවඩා ගැනීමට දුන්නාට පස්සේ කිසිම දවසක මේ වන තෙක්ම යළි උපන් බිමට පැමිණ හෝ ඇයගේ සැබෑ මව් පියන් සැබෑවටම දැක නොමැත.   

එහෙත් ඇය ළඟ සදා නොමැකෙන සිහිවටනයක් සුරැකිව තබා ගෙන සිටින්නීය.   

 


ඇයගේ මව හා පියා විසින් ඇය දරුකමට හදා වඩා ගැනීමට ඉතාලි ජාතික අඹු සැමි යුවළකට ලබා දුන් අවස්ථාවේ ගත් ඡායාරූපයකි.  
ඇයගේ මව හා පියා ද ඡායාරූපයේ සිටිති.   

 

මාරවිල මූදුකටුවේ පදිංචිව සිටින කාලයේ ඩිලුකා ප්‍රියදර්ශනීව හදා වඩා ගැනීමට මෙසේ ලබා දී ඇත්තේ ඇයගේ මව වන අවිහාර මල්වත්තගේ අෑන් ප්‍රින්සි හා පියා වන එදිරිසිංහ ගොඩගෙදර චන්ද්‍රදාස යන දෙදෙනාය.   

 


ඉතාලියේ කතෝලික පාසලක ගුරුවරියක ලෙස සේවය කරන ශිරෝමි පෙරේරා කන්‍යා සොහොයුරියට ඩිලුකා හමුවන්නේ අහම්බෙනි.   
ශ්‍රී ලංකා මා පිය යුවළකගෙන් හදාවඩා ගත් ඩිලුකා කියන මේ කාන්තාව මට හම්බවුණු අවස්ථාවේ ඇය ගැන සියලු විස්තර කියා ශ්‍රී ලාංකික මව් පියන් සොයා දෙන ලෙස මගෙන් ඉල්ලීමක් කළා. ඩිලුකා ඇයගේ මව් පියන් විසින් ඉතාලි අඹු සැමි යුවළකට දරු කමට හදා වඩා ගැනීමට ලබා දුන් අවස්ථාවේ එම යුවළ ඩිලුකා ඇයගේ මව් පියන් එක්ක එකට ඉඳලා ගත්ත ඡායාරූපයක් ඇය සතුව තිබෙනවා. ඒ ඡායාරූපයේ පිටපතක් ද මට දුන්නා. මාරවිල මූදුකටුව ප්‍රදේශයෙන් තමන්ට හදා වඩා ගැනීමට ඇය පුංචි කාලයේදීම ලබා ගෙන තිබුණ බව ඇය හදාවඩා ගැනීමට ගත් ඉත​ාලි යුවළ පැවසුවා යැයි ශිරෝමි පෙරේරා කන්‍යා සොහොයුරිය පැවසුවාය.   


ශිරෝමි පෙරේරා කන්‍යා සො​ෙහායුරිය මෙසේද කීවාය.   


මට කොහොම හරි මගේ අම්මයි තාත්තයි හොයා ගන්න උදව් කරන්න සිස්ටර් කියා ඇය හඬමින් මාත් එක්ක කිව්වා. කිහිපවරක්ම මා හමුවීමට පැමිණ ඇය මේ ඉල්ලීම කළා. මම මේ ගැන ලංකාවේ මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීමට නීත්‍යානුකූල ලියවිල්ලක් ද ඇයගෙන් ලබා ගත්තා.   


 

මම නිවාඩුවක් ගත කිරීමට ලංකාවට ආපු වෙලාවේ මාරවිල මූදුකටුවේ ඇය පදිංචිව සිටි ගමට ගියා. මම ඡායාරූප පෙන්වා ඇයගේ මව් පියන්ගේ නම කියා ඔවුන් ගැන විස්තර විමසුවා. දරුවා හදා ගන්න දුන්නට පස්සේ ඒ දෙන්නා ගමෙන් යන්න ගියා. දැන් ​ෙකාහේ ඉන්නවාද කියන්න දන්නේ නැහැ කියා ගමේ අය මාත් එක්ක කිව්වා. මම ලබන සතියේ ආයෙත් ඉතාලියට යනවා. මම රටින් පිට වෙලා යන්න කලින් කොහොම හරි ඩිලුකාගේ මව් පියන් ගැන තොරතුරක් සොයා ගන්නයි උත්සාහ කරන්නේ. මව් පියන් ගැන තොරතුරක් මා සොයා ගෙන එයි කියා ඇය ගොඩක් බලාපොරොත්තු තබා ගෙන ඉන්නවා. ඇයගේ මව් පියන් ගැන නිශ්චිත ​ෙතාරතුරක් සොයා ගන්න හැකියාව ලැබුණොත් ඩිලුකා ඇයගේ සැමියා හා දියණියද සමග ඔවුන් මව් පියන් බැහැ දැකීමට ඒමට නොයිවසිල්ලෙන් බලාගෙන ඉන්නවා.   


ඔවුන්ට ආධාර උපකාර කරන්නත් ඇය හරිම ආශාවෙන් ඉන්නේ.   


ඉතාලියේ වෙසෙන ඩිලුකාගේ මව් පියන් දෙදෙනා ගැන යම් තොරතුරක් දන්නේ නම් කන්‍යා සොහොයුරියගේ ඥාතියෙක් වන වෙන්නප්පුව වයික්කාලේ පිදිංචි එච්.ඩී.එල්. කරුණාරත්න (බොස්කෝ මහතා) මහතාගේ 0718064445 සහ 0775412525 යන දුරකථන අංකවලට කතා කරන ලෙස කන්‍යා සොහොයුරිය කාරුණික ඉල්ලීමක් කරන්නීය.

 



අදහස් (0)

ලංකාවේ මව්පියන් සොයන ඉතාලියේ ඩිලුකා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 650 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 316 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site