IMG-LOGO

2025 මාර්තු මස 19 වන බදාදා


ලෝකයේ පොහොසත්ම යුවළගේ ව්‍යාපාර

ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි 

  • ප්‍රංශුවා ප්‍රංශ ජාතික ලෝක  ධනවතෙකි
  • පැරිසියේ, ලන්ඩනයේ සහ ලොස් ඇන්ජලිස් නගරවල මිලියන ගණන් වටිනා මන්දිර ඔවුන් සතුය
  • සියයට පනහක් ලෙබනන් සියයට පනහක් ස්පාඤ්ඤ සම්භවයක් ඇති සල්මා උපන්නේ මෙක්සිකෝවේදීය. 

 

ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි විශේෂාංගය වෙතින් අද අප විස්තර කරන්නට සුදානම් වන්නේ ලෝකයේ පොහොසත්ම යුවළ සහ ඔවුන් සතු ව්‍යාපාර ගැනය. කවුද මේ සල්ලිකාර, ධනවත් යුවළ?   
ඇය, සල්මා හායෙක්   
(Salma Hayek) ය.   
ඔහු, ප්‍රංශුවා හෙන්රි පිනෝල්ට්   
(Francois Henri Pinault) ය.  


සුරූපී සල්මා හායෙක් යනු බටහිර චිත්‍රපට නරඹන ලෝ පුරා විසිරී සිටින ප්‍රේක්‍ෂකයන්ට අමුත්තියක නොවේ.  
එතකොට ප්‍රංශුවා හෙන්රි පිනෝල්ට් ද ලෝකයට අමුත්තෙකු නොවන්නේ, ලෝක ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රකට චරිතයක් වන නිසාය.  


සල්මා හායෙක් යනු මෙක්සිකානු සහ ඇමරිකානු දෙරටට අයිති චරිතයකි. ප්‍රංශුවා යනු ප්‍රංශ ජාතික ප්‍රකට ව්‍යවසායකයෙකි.  


මෙක්සිකෝවේ උපත ලද සල්මා අද ඇමරිකානු පුරවැසි කාන්තාවක වන්නීය. ඇයට ප්‍රංශයේ මේ මහා ධනවතා හමුවූයේ කෙසේද? ඊට පෙර මේ දෙදෙනා ගැන විස්තර අපි දැන ගනිමු.  


සල්මා වල්ගර්මා හායෙක් ජිමනෙස් (Salma Valgarma Hayek Jimenez)  


සල්මා උපත ලැබුවේ 1966 සැප්තැම්බර් 2 වැනිදා මෙක්සිකෝවේ කොආට්සාකොඇල්කොවිස් හි වෙරාකෲස් හිදීය. වෙරාකෲස් යනු මෙක්සිකෝවේ දකුණු පළාතේ පිහිටි ප්‍රධාන වරාය නගරයක ඇති කලාපයකි. සුරූපී සල්මා රංගනයේ භූමිකාව ඇරඹියේ 1989 දී මෙක්සිකානු ටෙලි මාලාවක් වන ටෙලිනොවේලා නිර්මානයට දායක වෙමිනි.  


ඊට පෙර ඇයගේ ළමා විය ගැන අපි මොහොතක් එබිකම් කර බලමු.  


සල්මාගේ පියා ලෙබනන් සම්භවයක් ඇති මෙක්සිකානු ජාතික සැමි හායෙක් ඩොමිංගෝස්ය. කාර්මික උපකරණ සමාගමක් ඔහු සතුවූ අතර තෙල් සමාගමක විධායක නිලධාරියකු ලෙස කටයුතු කළේය. තවත් විදියකට කිවහොත් සල්මාගේ පියා වත් පොහොසත්කම් ඇති ඉහළ මධ්‍යම පාංතික චරිතයක් විය. මව ඔපෙර ගායිකාවක ලෙසද බාල දක්‍ෂ අංශයේ චරිතයක් ලෙස එවකට කටයුතු කළ ඩයනා ජිමනෙස් මෙදිනාය. 1972 උපන් එකම සහෝදරයා වන සැමී (Sami) ගෘහභාණ්ඩ මෝස්තර නිර්මාණ ශිල්පියෙකි. සල්මාග් මවගේ පාර්ශවය පැවත එන්නේ ස්පාඤ්ඤයේ සිටය. ඒ අනුව බලන කල සල්මා යනු සියයට 50 ක් ලෙබනන් සහ සියයට 50 ක් ස්පාඤ්ඤ සම්භවය ඇති තැනැත්තියකි. මෙක්සිකෝවේ උපන්නද පියා සහ මවගේ පරපුර එලෙසින් ලෙබනන් සහ ස්පාඤ්ඤවීම ඊට හේතුවය. වත් පොහොසත්කම් ඇති කතෝලික පවුලකට අයත් වූ සල්මා වයස අවුරුදු 12 දි පමණ ඇමරිකාවට ගොස් ලුසියානාහි රෝමානු කතෝලික කාන්තා පාසලකින් අධ්‍යාපන කටයුතු කර තිබේ. එම වයසේදී ඇය කථන ආබාධයකින් පෙළී ඇතැයි සඳහන් වේ. ඩිස්ලෙක්ෂියා යන එම තත්ත්වයේදී ඉගෙනීම හරිහැටි වටහා ගත නොහැකි වීම සහ කියැවීමේ අපහසුතා ඇති කරවයි. නමුදු වයසින් වැඩි වන විට ඇය මේ තත්ත්වයෙන් ටිකෙන් ටික වෙනස් වී යහපත් අතට පැමිණි බව සඳහන් කරන්නීය. මෙක්සිකෝවේ වඩාත් පිළිගත් සරසවියක් වන ඉබෙරෝ ඇමරිකානා සරසවියෙන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳව ඇය හදාරා ඇත. ඊට පෙර ඉතා කෙටි කළක් විදේශිකයකු ලෙස නීත්‍යානුකූල ලෙස නොවී ඇමරිකාවේ සිටි බවද සඳහන් වේ.  


තරු ගමනේ ආරම්භය.  


1989 දි වයස අවුරුදු 23 ක පසු වූ රූමත් සල්මා හායෙක් එක් රැයකින් මෙක්සිකෝවේ තරුවක් බවට පත්වූයේ ඉතා සාර්ථක ටෙලි මාලාවක් වූ ටෙලිනොවේලා නාට්‍ය මාලාවේ තෙරේසා නමැති චරිතයට පණ දීම නිසාය. එය සම්මානනීය චරිතයක් ලෙස ගෞරවයට ලක්වුණි. 1991 දී ඇය ඇමරිකාවේ ‘ලොස් ඇන්ජලීස්’ නගරය වෙත ගියේ ලෝක සිනමාවට ප්‍රවිශ්ඨ වීමේ අරමුණ ඇතිවය. එහි ගොස් සිටි ඇය ඇමරිකානු රංගන ශිල්පිනියක මෙන්ම රංගන විෂයෙහි ගුරුවරියකු වූ ස්ටෙලා ඇඩ්ලර් යටතේ හැදෑරීම් කළ බව සඳහන්ය. එසේ හැදැරීම් කරද්දී ඉංග්‍රිසී භාෂාව චතුර ලෙස හැසිරවීමට නොහැකිවීම සහ ඉහත සඳහන් කළ පරිදි ‘ඩිස්ලෙක්ෂියා’ තත්ත්වයෙන් පෙලුණ නිසා ඉගෙනීම් කටයුතුවලදී ඇය අපහසුතාවයට පත්ව තිබේ. වරෙක චිත්‍රපට නිෂ්පාදන ස්ටුඩියෝවක සිටින විට එහි ප්‍රධානියා ඇයට පවසා තිබුණේ  


“ඔයා වැරදි රටක ඉපදිලා තියෙන්නේ. බැරි වෙලාවත් ඔයා ඇමරිකාවේ ඉපදී සිටියේ නම් මේ වන විට ඔයා ඇමරිකාවේ ලොකුම තරුවයි.”  

යනුවෙනි.  


මක් නිසාද යත් එදා ඇයට හරිහැරි ඉංග්‍රීසි බස හැසිරවීමට නොහැකිවීම නිසාය. කෙසේ වුවද 1995 මෙක්සිකානු චිත්‍රපටයක් වන ‘‘Miracle Alley'' රඟපෑම නිසා ප්‍රධාන සම්මාන උළෙලකදී ඇය සම්මානයට නිර්දේෂ වුවාය. පසුව Fools Rush in the Faculty, Dogma චිත්‍රපටවලට දායක වූ අතර ලෝකයම වගේ කතා කිරීමට පටන් ගත්තේ Frida (ෆ්‍රීඩා) චිත්‍රපටයේ රඟපෑමත් සමගය. එහි සම නිෂ්පාදිකාව වුවේද ඇයයි. ඉනික්බිතිව දිගින් දිගටම 2021 දක්වා සෑම වසරකදීම හොලිවුඩ් චිත්‍රපට සමග බටහිර සිනමාව බබලවමින් සිටින සල්මා මේ වන විට සම්මාන රැසකට හිමිකම් කියන්නීය. රඟපෑමට පැමිණි නිසා කාර්ය බහුල වීමත් සමග මෙක්සිකානු ජාතික සරසවියේ ඇය හදාරමින් සිටි දේශපාලන විද්‍යා අංශයේ උපාධි ඉගෙනුම අතර මග නවතා දැමීමට ඇයට සිදුවිණි. මේ සියල්ලට පෙර යොවුන් වියේදී ඇයගේ ‘මුහුණේ’ කුරුලෑ ඇතිවීම නිසා ඇය මහත්සේ පීඩනයට පත්වූ අතර ඒ නිසා විෂාදයෙන් පවා පෙලුණු බව පසු කලෙක සල්මා සඳහන් කළාය.  
‘‘ඒ නිසා මම එක මොහොතක්වත් ගෙදරින් එළියටවත් ගියේ නැහැ’’ එසේ ඇය ‘පිම්පල්ස්’ නිසා පීඩාවිඳි අවදියට පෙර ළමා වියේදී ස්කුබා ඩයිවින් හෙවත් දිය යට කිමිදීමේ ජල ක්‍රිඩාවට පිවිස සිට අතර වයස 10 දී ඒ වෙනුවෙන් ඇය සහතිකලත් (බලපත්‍ර ලාභී) ක්‍රීඩිකාවක වූවාය. එකී වයසේ සිටියදී ඇයගේ ඇහි බැම, කැපීම මෙන්ම, කොණ්ඩය කැපීම දිගින් දිගටම කළේ ඇයගේ ආච්චි අම්මාය. පසු කළෙක සල්මාට හොඳ හිස කෙස් කළඹක් ලැබුණේ එදා ආච්චි අම්මා ඊට කළ සත්කාර නිසාවෙන් යැයි ඇය රූපවාහිනී වැඩසටහනකදී ප්‍රකාශ කර තිබුණි. මේ විදියට විස්තර කියැවෙන සල්මා හට වයස අවුරුදු 39 ක් වන තෙක් විවාහ නොවී සිටියේ පෙම්වතකු නොසිටි නිසාද? ප්‍රකෝටිපති ප්‍රංශූවා ඇයට හමුවුණේ කෙසේද?  


සල්මා-ප්‍රංශුවා විවාහය  


සල්මා සහ ප්‍රකෝටිපති ප්‍රංශුවා අතර විවාහය සිදු වුයේ 2009 වසරේදීය. ඒ වන විට සල්මා පසුවුයේ තිස් නව (39) වැනි වියේය.  


‘‘ආදරවන්තයකු සෙවීමේදී මම හරියට ඒ ගැන හිතුවා. මට, මම කියන කරන දේවලට සීමාවන් පනවන කෙනෙකුට මම කැමති නැහැ.’’ 

 
වරෙක එසේ කියා සිටි සුරූපි සල්මා හට ප්‍රංශුවා හඳුන්වා දී ඇත්තේ 2006 වසරේදී ප්‍රංශූවාගේ බාරකාර මව හෙවත් කුඩම්මා විසිනි. ඒ වනවිට ප්‍රංශූවා පළමු විවාහයෙන් දික්කාසද වී සිටියේය.   


ඔහුගේ පළමු විවාහය සිදුවූයේ 1996 වසරේදී ඩොරෝතී ලෙපරේ සමගය. ඒ විවාහය පැවැතියේ 2004 දක්වා පමණෙකි. එකී විවාහයෙන් ප්‍රංශුවා හට දරුවන් දෙදෙනෙකි. ඉන්පසුව පංශුවා කැනේඩියානු ජාතික සුපිරි නිරූපණ ශිල්පිනියක වන ලින්ඩා එවැන්ජෙලිස්ටා සමග සබඳතාවයක් පවත්වාගෙන ගියේය. වසරක් පුරා පැවැති එම සබඳතාවයේදී විවාහ නොවුණද එවැන්ජෙලිස්ටා ප්‍රංශුවාට දාව දරුවකු බිහිකළාය. පසුව මේ දරුවා වෙනුවෙන් නඩත්තු මුදලක් සුරූපී නිරූපිකාව ඉල්ලා සිටි අතර ඒ මුදල ඇයගේ ගිණුමට බැර කරන ලෙසද ඉල්ලා සිටියාය. නමුත් ප්‍රංශුවා ඒ ඉල්ලීම එක හෙළාම ප්‍රතික්ෂේප කළේ ඇයගේ එම ක්‍රියාමාර්ගයට අකමැති වූ නිසාවෙනි. මෙලෙසින් කාන්තාවන් දෙදෙනෙකුගෙන් වෙන්ව තම ලෝක ප්‍රචලිත කෙරීන් (Kering) ව්‍යාපාර සමූහය මෙහෙයවමින් සිටි ප්‍රංශුවාගේ ජීවිතය සෑබැ ලෙස සතුටට පත් කරවූයේ කවරකුවත් නොව මේ සුරූපී ‘සල්මා හායෙක්’ය. ප්‍රංශුවා සමග පෙමින් බැඳී සිටින අතරේ ඇය ඔහුට දාව දියණියක බිහිකළාය. ‘වැලන්ටිනා’ නම් වූ ඒ දියණිය උපන්නේ 2007 වසරේදීය. ඒ වන විටත් සල්මා සහ ප්‍රංශූවා විවාහ වී නොසිටි අතර විවාහය ප්‍රකාශ කළේ සහ විවාහ උත්සවය පැවැත්වූයේ ‘2009’ වසරේ පෙරබරවාරි 14 වැනිදා එනම් වැලැන්ටයින් දිනයේදී පැරිස් නගරයේදීය. විවාහයෙන් පසු සම්භාවනීය සභාව අමතා සල්මා ප්‍රකාශ කළේ මෙවැන්නකි.  
“මම ඇත්තටම සැබෑ වාසනාවන්තියක්. මේ ලෝකයේ හොඳම සැමියා ලැබී තිබෙන්නේ මට. ඉතින් ඊට වඩා සම්පතක් තවත් අවශ්‍ය නැහැ. මට ඒ හොඳටෝම ඇති”. 

 
සැබැවින්ම සල්මා හට ප්‍රංශුවා අසීමිතව ආදරය කරන අතර ගෞරවයද දක්වයි. කොහොමටත් ප්‍රංශුවා යනු කාන්තා අයිතීන් උදෙසා මෙන්ම කාන්තාවන්ගේ ගෞරවය උදෙසා පෙනී සිටින හොඳ මිනිසෙකි. සල්මා සහ ඔහුගේ විවාහයේ දසවැනි සංවත්සරය දා ප්‍රංශුවා සල්මා මවිතයට පත් කරවුවේ ප්‍රංශ පොලිසීනියා දුපතේ උත්සවයක් සංවිධානය කරමිනි. මෙම දූපතට නිවාඩුව ගත කිරීමට බොහෝ විට පැමිණෙන්නේ ලෝකයේ මහා සල්ලිකාර උදවියයි. හරි අමුතු සුන්දර මෙම දූපත ස්කුබා ඩයිවින් (මුහුදේ කිමිදීම) සඳහා ද ප්‍රචලිතව ඇති ස්ථානයකි. සල්මා එම ක්‍රීඩාවට හපනියක බව අපි මුලින් සඳහන් කළෙමු. ප්‍රංශුවා ඇයගේ හැඟීම් හොඳටම හඳුනාගෙන ඇති වග ප්‍රකාශ කිරීමට එය කදිම සාක්‍ෂියකි. හැබෑවටම මේ තරමටම සල්මාට ආදරය කරන මේ ප්‍රංශුවා මොන වගේද? එයාගේ පවුල් පසුබිම සහ ව්‍යාපාර ජාලය මොන වගේද කියා මීළගට අපි බලමු.  


ප්‍රංශුවා හෙන්රි (එන්රි) පිනෝල්ට්  


1962 මැයි 28 වැනිදා පිනෝල්ට් උපත ලැබුවේ ප්‍රංශයේ අති සුන්දර පළාතක් වන රෙනස් හෙවත් රෙන් හිදීය. ජිනෝල්ට් පැරිසියේ HEC කළමනාකරන පාසලෙන් උපාධිය ලද උපාධිධරයෙකි. ඔහුගේ පියා ඒ වන විටත් පවුලේ ව්‍යාපාරය ගොඩ නගා ගෙන සාර්ථකව සිටි අතර ඒ ව්‍යාපාරය නම් වූයේ පිනෝල්ට් ප්‍රින්ටෙම්ස් නමිනි. ප්‍රංශුවා පිනෝල්ට් වෘත්තීය ජිවිතය ඇරඹියේ එහි කළමනාකරුවකු ලෙසය. 1990 දි එහි ප්‍රධාන කළමනාකරු ලෙස උසස්වීමක් ලබා ගත්තේය. 2005 දි PPR නමින් හැඳින්වූ එම පවුලේ ව්‍යාපාරයට ලස්සන හැඩයක් ඇති කළේ මේ ප්‍රංශුවා යැයි කීමට පුළුවන. තාත්තා එතෙක් කළ ව්‍යාපාර ස්වභාවයට මේ පුතා අලුත් අංශ විවර කර දුන්නේය. ඒ සමගම ලෝ ප්‍රකට විලවුන් හා විලාසිතා නාමයක් වන ‘ගුචි’ (Gucci) සමූහය හා ඒකාබද්ධ වී කටයුතු කිරීමට පටත් ගත් ප්‍රංශුවා ලෝකයට ගියේ සුපිරි විලාසිතා නාම පෙළක පෙළහර පාමිනි. තිරසාර සංවර්ධනය උදෙසා ක්‍රියාමාර්ග රැසක් ගෙන සිටි ප්‍රංශුවා ව්‍යාපාර සමුහයට නායකත්වය ලබා දෙමින් සමාජිය වශයෙන් වූ කටයුතුවලටද මෙහෙවරක් කිරීමට පුරෝගාමී චරිතයක් වූවේය. කෙරින් පදනම පිහිට වූයේ කාන්තා අයිතීන් උදෙසා කටයුතු කිරීම වෙනුවෙනි. පාරිසරික හිතකාමීත්වය ගැන ද සිතා කටයුතු කළ ප්‍රංශුවා 1963 දී තම පියා විසින් ආරම්භ කර තිබූ PPR සමූහය Kering ලෙස 2013 දී අලුත් නාමයකට හැරවූයේය. ලක්‍ෂරි හෙවත් සුපිරි ‘විලාසිතා’ ඇතුළත් ලොව අංක එකේ ආයතනයක් ලෙස කෙරින් (Kering) ලෝ ප්‍රකට වුයේ නිමේෂයකිනි. Ker යන්නෙහි තේරුම ප්‍රංශ බසට අනුව Home (නිවස) යන්නය. එය ශබ්ද වන්නේ කෙයාරින් (Caring) ලෙසය. කෙරින් බවට ඒ ශබ්දය පරිවර්තනය වූයේ එලෙසිනි. මෙම සමූහයෙහි ප්‍රධානියා ප්‍රංශුවාය. මෙම සමස්ත ව්‍යාපාර ජාලයෙහි වටිනාකම 2018 දී සඳහන් වූයේ ඩොලර් බිලියන 74.5 ක් ලෙසිනි. මෙහි සමස්ත සේවක පිරිස 45,000 කට ආසන්නය.

1963 පියා ආරම්භ කළ ගොඩනැගිලි අලෙවි කිරීමේ ව්‍යාපාරය වසර 39 කට පසුව පුතා ලෝකයේ අංක එකේ සුඛෝපභෝගී භාණ්ඩ හා විලාසිතා අලෙවි කරන ලොව ප්‍රමුඛතම ආයතනයක් බවට පත් කිරීම මගින් ප්‍රංශුවා කෙතරම් දක්‍ෂයකුද යන වග මැන ගත හැකිය.  


Kering Group එකට අමතරව ප්‍රංශුවා හට තව තවත් වෙනත් ව්‍යාපාර අංශද සතුය. අතිශය රමණීය ‘බෝර්ඩවුක්ස්’ ප්‍රදේශයේ ඇති මිදිවතුයාය හෙවත් Vineyard ඔහු මිලදී ගත්තේ නිදහසේ විවේකය ගත කිරීමට වුවද ඉස්තරම්ම වයින් නිෂ්පාදනය කෙරෙන තැනැක් බවට පසුව එය පරිවර්තනය වුණි. එය ලෝකයේ ලොකුම මිදිවතු යායකි. මෙලෙසින් ප්‍රංශුවා හට ප්‍රංශයේ දේපොළ, ව්‍යාපාර තිබුණද සල්මා සහ දියණිය වැලැන්ටිනා සමග ජිවත් වන්නේ ‘ලන්ඩන්’ නුවර ඇති ඔවුන් සතු සුපිරි මන්දිරයේය. ඊට හේතුව මහා ධනවතුනට ප්‍රංශයේ පනවා ඇති අධික බදු අයකිරීම් නිසාය. යුරෝපයේ වැඩිම බදු අය කරන රටවල් අතර බෙල්ජියම පුමුඛ රටකි. එහිදි 40‌% ක් බදු අය කෙරේ. ඊළඟට ජර්මනිය 39% ක් බදු ගන්නා රටකි. තෙවැනි ස්ථානයේ පසුවන්නේ ඩෙන්මාර්කයයි. 36% ක බදු එහිදී අය කෙරේ. ඒ අනුව බලන කළ ප්‍රංශය අය කරන්නේ ඉතා අඩු ප්‍රතිශතයකි. එනම් සියයට 20% ත් 30% ත් අතර ප්‍රතිශතයකි. හැබැයි ඒ සාමාන්‍ය හා මධ්‍යම පාංතික ජනතාව ගෙනි. මහා ධනවතුන්ගෙන් ප්‍රංශය 75% ක බද්දක් අය කර ගනී. ඉතින් ‘ප්‍රංශුවා’ ලන්ඩනය තෝරාගැනීම වරදක් නොවේ නේද?  


එතකොට ලන්ඩනයේදී බදු අයකර ගැනීම අඩු යැයි ඔබ සිතන්නට පුළුවනි. නමුදු ප්‍රංශයට සාපේක්‍ෂව මහා ධනවතුන්ගෙන් අය කරන බදු ප්‍රතිශතය අඩුය. ඒ හැරත් ප්‍රංශුවා ලන්ඩනයෙහි වෙසෙන්නේ ආදරණිය බිරිඳ සල්මා ගේ සිනමා කටයුතුවලටද පහසුවක් වී ඇති නිසාය. කොහොමටත් ප්‍රංශුවා පිනෝල්ට් නමැති ලෝක ධනවතුන්ගේ ලැයිස්තුවේ සිටින ව්‍යවසායකයා හට ලොව පුරා මන්දිර ඇති වග සඳහන් කළ හැකිය.  
ලන්ඩන් හි ඇති සුපිරි මන්දිරයෙහි වටිනාකම ඩොලර් මිලියන 26 කි.  


පැරිසියේ ඇති මන්දිරයට අමතරව, ලොස් ඇන්ජලිස් නුවර මන්දිරය ගත්තේ දියණියගේ අනාගතය උදෙසා ආයෝජනයක් ලෙසය. එහි වටිනාකම ඩොලර් මිලියන 16.5 පමණ වේ. ප්‍රංශුවාගේ පියා උසස් කලා කෘතිවලට ඉතා කැමැත්තක් දක්වන අයෙකි. ලෝකයේ ඉතා වටිනා අගනා කලා නිර්මාණ 35,000 ක් පමණ ඇති කෞතුකාගාරයක් ඔහු සතුය. එහි වටිනාකම ඩොලර් බිලියන 1.25 ක් පමණ වේ.  


ප්‍රංශුවා සහ සල්මා සතුව සුපිරි ජෙට් යානයක් මෙන්ම ඔවුන් වෙනුවෙන්ම නිෂ්පාදනය වූ සුපිරි මෝටර් රථ කීපයක් ඇත.  


මේ සියල්ලට වඩා වටින්නේ ලෝප්‍රකට මේ තරු යුවළ 2006 සිට මේ දක්වා අරුත්බර පවුල් ජීවිතයක් ගත කිරීමය. එය වඩා ප්‍රීතිමත් යැයි මේ යුවළ සඳහන් කරයි. ඔවුන් සතු මහා බූදලයට වඩා ඔවුනට වටින්නේ ඒ තෘප්තියයි. එය සල්ලිකාර මෙන්ම සාමාන්‍ය ජනතාවටද ඔවුන් ලබා දෙන හොඳ පණිවුඩයකි. එත් ඒ කෙසේ වුවද තම ආදරණිය සැමියා ප්‍රංශුවා හට කාන්තා පාර්ශවයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම දුරකථනයට එන මැසේජස් (කෙටි පණිවුඩ) දකින ‘සල්මා’ හට ඊර්ෂ්‍යාවක් ඇතිවන බව ඇය සඳහන් කරන්නීය. ඕනෑම කාන්තාවකගේ හැටි එහෙම නොවේද?

 

 

පරිවර්තන සටහන : 
සඳුන් ගමගේ
[email protected] 



අදහස් (0)

ලෝකයේ පොහොසත්ම යුවළගේ ව්‍යාපාර

ඔබේ අදහස් එවන්න

 

තක්සලාව

අතුරුදහන් ලුතිනන්වරයා වළක් තුළ හිඳ සොයා ගැනේ
2025 මාර්තු මස 12 196 0

ප්‍රහාරය සිදුවූ මහාමාර්ගයට යාබද තැනක සෙබළු කිහිප දෙනකු රැස්ව සිටි අතර, ඔවුන් සියලු දෙනාගේ දෙනෙත් එක එල්ලේ යොමුවී තිබුණේ එහි වූ වළක් තුළටය.


ක්‍රීඩා ඇමතිගේ අමුතු තීරණ
2025 මාර්තු මස 12 55 0

‘වැටත් නියරත් ගොයම් කා නම්, කාට කියන්නද ඒ අමාරුව’ ලෙස කියමනක් මෙරට ගැමි වහරේ තිබේ.


පෘථීවිය එක්ක සෙල්ෆි ගත් නිල් භූතයා
2025 මාර්තු මස 12 90 0

සඳේ භූතයෙක් සිටී. මේ භූතයා, “බ්ලූ ගෝස්ට්” නමැති රොබෝ ගවේෂණ යානයයි. බ්ලූ ගෝස්ට් යනු ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ ඔස්ටින් නගරය කේන්ද්‍රකොට ගත් “ෆයර්ෆ්ලයි ඒ


ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?
2025 මාර්තු මස 04 917 2

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්


කොරෝනා එන්නතෙන් පසු එන කකුල් වේදනාව අතරයිටිස් ද ?
2025 මාර්තු මස 04 113 0

කකුල් පොඩ්ඩක් රිදෙන බව කවරෙකු හෝ පැවසූ සැණින් - “ඇයි හන්දිපත් රුදාව දැයි” නක්කලේට ඇසූ අතීතයක් අපේ මුතුන් මිත්තන්ට තිබුණි.


බාධක ආවත් සැහැල්ලු ක්‍රිකට් පන්දුව ක්ලීන් කරනවා - ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනයේ සභාපති තිසර ගුණසිංහ
2025 මාර්තු මස 03 41 0

ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනයේ නිලවරණය ඉකුත්දා පැවැති අතර එහිදී සභාපති ධුරයට තිසර ගුණසිංහ පත්විය. මේ ඔහු සමග කළ සාකච්ඡාවකි.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 405 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 917 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 331 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site