IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


පිච්චුණත් තුවාල වුණත් වේදනාවක් නොදැනෙන ගැහැනියක්

ලෝකෙටම දෙන්නයි

 

 

ඇය සුවිශේෂී කාන්තාවකි. වයස අවුරුදු 65කි. දුර්ලභ ජාන විකෘති වීමක් සහිත ලොව හමුවන පුද්ගලයන් දෙදෙනාගෙන් ඇය ද කෙනෙකි.
ඇයට පිලිස්සුම් සහ කැපුම් වේදනා නොදැනේ ජෝ කැමරන් නම් ස්කොට්ලන්ත ජාතික කාන්තාවගේ විශේෂත්වය එයයි.
ආහාර පිසින විට අත පිලිස්සුණ ද ඇයට එය නොදැනේ.


ජෝ කැමරන්ට මේ තත්ත්වය පිළිබඳව දැනගැනීමට ලැබුණේ ඇය මුහුණ දුන් බරපතළ ශල්‍යකර්මයකින් අනතුරුවය.


ඇයගේ එක් අතකට ශල්‍යකර්මය සිදු කරන අවස්ථාවේ වෛද්‍යවරු කැමරන්ට පවසා ඇත්තේ ශල්‍යකර්මයෙන් අනතුරුව දැඩි වේදනාවක් ඇති විය හැකි බවත්, ඒ සඳහා වේදනා නාශක ලබා දෙන බවත්ය.


එහෙත් තමාට වේදනානාශක අනවශ්‍ය බව ඇය වෛද්‍යවරුන්ට පවසා තිබිණ. වෛද්‍යවරුන් මුලින් එය විශ්වාස නොකළ ද ශල්‍යකර්මයෙන් අනතුරුව ඒ ආකාරයටම ඇයට වේදනාවක් නොදැනුණ බැවින් වෛද්‍යවරුන් පුදුමයට පත් වූ බව කැමරන් පවසන්නීය.


ඉන්පසු ඇයව පරීක්ෂාවට ලක් කළ වෛද්‍ය දෙව්ජිත් ශ්‍රීවස්ටාවා ඇයගේ වේදනාව හා සම්බන්ධිත ජාන පරීක්ෂාව සඳහා ඔක්ස්ෆර්ඩ් සහ ලන්ඩන් විශ්වවිද්‍යාල වෙත යොමු කර තිබේ.


පරීක්ෂණවලින් අනතුරුව කැමරන්ට වේදනාව දැනෙන්නේ අඩුවෙන් බව වෛද්‍යවරුන්ට තහවුරු විය.


“මට වේදනා නාශක අවශ්‍ය නැහැ. කිව්වහම ඒ ගොල්ලො මුලින් හිනා වුණා” ඇය බීබීසී ස්කොට්ලන්ත සේවයට පැවසුවාය.


“ඒ වගේම වෛද්‍යවරු මගේ පෙර වෛද්‍ය වාර්තා පරීක්ෂා කළා. එවිට ඔවුන් තේරුම් ගත්තා මම කවදාවත් වේදනා නාශක අරගෙන නැහැ කියලා” යනුවෙන් කැමරන් පවසන්නීය.
පසුව ඇය එංගලන්තයේ විශේෂඥ වෛද්‍යවරුන් වෙත යොමු කරන ලද්දේ මේ පිළිබඳව තවදුරටත් සොයා බැලීමටය.


“මම සතුටෙන් හිටපු කෙනෙක්. ඒත් මගේ වෙනසක් තියෙනවා කියලා මට තේරුණේ නැහැ.”


තමාට ප්‍රසව වේදනාව පවා නොදැනුණ බව පවසන කැමරන්, ඒක පුදුමයකට සහ විනෝදයට හේතුවක් වූ බව පැවසුවාය. කෙසේ වෙතත් වේදනාවේ වැදගත්කම ද කැමරන් අවධානයට ලක්කරන්නීය.


“වේදනාව තියෙන්නේ හේතුවක් නිසා. එමගින් ඔබට අනතුරු අඟවනවා. ඒ කියන්නේ යම් දෙයක් වීමට පෙර අනතුරු හැඟවීමක් තිබීම වැදගත්.”


යම් තුවාලයක් වූ විට සාමාන්‍ය පුද්ගලයන්ට වඩා ඉක්මනින් ඇය සුව අතට හැරෙන බව වෛද්‍යවරු විශ්වාස කරති.


මෙවැනි ජාන සහිත පුද්ගලයන්ට ඉක්මනින් අමතකවීම් සිදුවන බවත්, ඔවුන් චකිතයෙන් තොර පුද්ගලයන් බවත් වෛද්‍යවරුන් හඳුනාගෙන තිබේ.

 

 


“සමහර අය මට අකමැති ඇති. ඒ මම සෑම විටම සතුටින් ඉන්න නිසාත්, මට බොහෝ දේවල් ඉක්මනින් අමතක වෙන නිසාත්. නමුත් දැන් මට නිදහසට කාරණා තියෙනවා ඒ ගැන” යනුවෙන් ඇය පැවසුවාය.


කැමරන් වැනි තවත් පුද්ගලයන් ලොව සිටිය හැකි බව පර්​ෙ‌ය්ෂකයන්ගේ මතයයි.


“අප මෙතෙක් කළ පරීක්ෂණ උපයෝගි කරගෙන නව ප්‍රතිකාර ක්‍රම නිර්මාණය කළ හැකියි කියල සිතනවා” යනුවෙන් වෛද්‍ය ශ්‍රීවස්ටාවා පැවැසීය.


මෙම සොයා ගැනීම මගින් ශල්‍යකර්මයකින් අනතුරුව දැනට ලබාදෙන වේදනානාශක වෙනුවට නව වේදනා නාශක හඳුන්වාදීමට හැකියාව ලැබෙතැයි වෛද්‍යවරු අපේක්ෂා කරති. එසේම වැඩි ඉක්මනින් තුවාල සුවකර ගැනීමට අවශ්‍ය ඖෂධ සොයා ගැනීමට හැකි වෙතැයි ද පර්​ෙ‌ය්ෂකයෝ කල්පනා කරති.


එමගින් වසරකට ශල්‍යකර්ම සඳහා මුහුණ දෙන මිලියන 330ක් පමණ වන පිරිසකට සෙතක් වේ යැයි අපේක්ෂා කෙරේ.

 


(බී.බී.සී. ඇසුරින්)

 



අදහස් (0)

පිච්චුණත් තුවාල වුණත් වේදනාවක් නොදැනෙන ගැහැනියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 174 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 241 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1115 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site