ජීවිතය යහමගට ගැනීමට නිවැරදි මගපෙන්වීමක් අවැසිය.
මේ විශේෂාංගය ඒ වෙනුවෙනි
බිංගිරිය කොස්වත්තේ ඩී.එන්. දිසානායක මහතා ලියා එවූ කතාවක් මෙසේය.
තම මවට පයින් ගසා එම කකුලම අහිමිකර ගත් පියදාසට අත් වූ ඉරණම
වයඹ පළාතේ ජීවත් වූ ඔහු අපි පියදාස යන නාමයෙන් හඳුන්වමු. පියදාසගේ පියා ගොවිතැනින් බඩවියත රැකගත් අහිංසක ගැමියකු විය. මව කළේ කුලී වැඩය. ඔවුනට දාව පවුලේ හතර දෙනෙක් වූ අතර ඔවුන් සියල්ලෝම විවාහ වී ජීවත් වුණේ එම ගමේමය. පවුලේ බාලයා වූ පියදාස හිතුවක්කාර, දඩබ්බර, නොහික්මුණු ගති පැවතුම්වලින් හෙබි අගඩ විගඩ නැති මත්පැනට තදින්ම ඇබ්බැහි වූ පුද්ගලයෙකු විය. තම බාල පුතා සමග ජීවත් වීමට නොහැකි වූ නිසා පියා දියණියගේ නිවසෙහි පදිංචි වී ගොවිතැන් බත් කළේය. මව පදිංචිව සිටියේ පියදාස සමගින් මහ ගෙදරය. පියදාසගේ මව වයස්ගතය. ඇය රෝගාතුරව අපවිත්‍රව ජීවත් වූ අතර පියදාස ඇගේ අපවිත්‍රකම නොරිස්සුවෙන් ඔහු වෙනම ගේ පැලක් සාදා ගෙන බිරිය හා දරුවන් සමගින් වෙනම ජීවත් වූහ. පියදාසගේ මම ඉතා අපහසුවෙන් යාන්තමින් උයා පිහාගෙන කෑ අතර නිකමටවත් ඇයට ඉඳ හිට හෝ මාළු පින්නක් හෝ වෙන යම් දෙයක් පියදාස ගෙනැවිත් දුන්නේ නැත. බිරිඳට එය තහනම් එය. මේ අතර පියදාස තම මවට මේ අතරේ තහංචියක් ද දැම්මේය. ඒ ඇයට අවට ගෙදරකටවත් යාම ඒම සම්පූර්ණයෙන්ම තහනම් විය. ඒ ඔහුට එය මදිපුංචිකමක් වේය යන අදහස ඇතිවය.
මේ අතර එක් දිනක් මෙම රෝගී මව හදිස්සියේ අල්ලපු ගෙදරට ගියේ බෝතලයකුත් රැගෙන භූමිතෙල් ස්වල්පයක් රැගෙන ඒමේ අදහසිනි. භූමිතෙල් රැගෙන එන අතරතුර ඇගේ බාල පුතු පියදාස මුණ ගැසුණේ අහම්බෙනි. තම යතුරුපැදිය නැවැත්වූ පියදාස එක් වරම තම මව වෙත දිව ගොස් වැරෙන් භූමිතෙල් බෝතලයට පා පහරක් එල්ල කළේ තමාට මදිපුංචිකමක් වන ලෙසට අසල ගෙදරකට යාම නිසාය. පියදාස වැරෙන් එල්ල කළෙ පා පහරින් මව බිම ඇද වැටුණු අතර භූමිතෙල් බෝතලය බිඳී ඇගේ මුහුණු පුරා බෝතල් කටු සහිත භූමිතෙල් විසිරිණි. ඇස් තුළට බෝතල් කටු විසිරීම නිසා ඇයව රෝහල් ගත කළ අතර වෛද්‍යවරු ඉතා අපහසුවෙන් ඇගේ ඇස් තුළ තිබූ බෝතල් කටු ඉවත් කළේ මහත් පරිශ්‍රමයක් දරමිනි. ඇස්වලට වෙදකම් කරමින් සති කිහිපයක් රෝහල් ගතව සිටි ඇය මේ නිසා ඇස් පෙනීමේ දුර්වලතාවකින්ද පෙළෙන්නට වූයේ ඇගේ ඇස් තුළට විසි වූ භූමිතෙල් විෂ වීම නිසාය. රෝහලින් පිටව ආ පියදාසගේ මව තව තවත් ඔත්පලව දුක සේ ජීවත් වූ අතර දිගින් දිගටම ඇස් පෙනීමේ දුර්වලතාවකින්ද පෙළෙන්නට වූවාය.
දිනපතා මත්පැන් බිව් පියදාස තම මව ගැනවත් පියා ගැනවත් කොහොත්ම නොබැලූ අතර දිනක් අධික ලෙස මත්පැන් පානය කළ පියදාස තම යතුරුපැදියෙන් අතුරු මාර්ගයක සිට ප්‍රධාන මාර්ගයකට පිවිසෙත්ම ප්‍රධාන මාර්ගයේ අධික වේගයෙන් ආ ලොරියක හැපී දරුණු ලෙස තුවාල වී රෝහල් ගත කෙරිණි. මෙම හදිසි අනතුරින් බරපතළ ලෙස තුවාල වූ පියදාසගේ දෙපා කොතෙක් ප්‍රතිකාර කළද සුව නොවූයෙන් රෝහලේදී ඔහුගේ දෙපා දණහිසෙන් කපා දැමීමට සිදු වූ අතර කිහිලිකරු දෙකක ආධාරයෙන් ඔහුට ජීවත් වීමට සිදු වූයේ එදා භූමිතෙල් ගෙන ඒමේදී මවට එල්ල කළ පා පහරේ ප්‍රතිවිපාක ඔහුට අත්කර දෙමිනි. ඔහුගේ එම පා පහරින් ඔහුගේ මව අදටත් ඔත්පලව දුක සේ ජීවත් වන අතර ඒ හේතුවෙන්ම පියදාසටද දෙපා අහිමි වීම මේ ජිවිතයේදීම කළ කම් පල දෙන හැටි යස රඟට පඩිසන් දී ඇති බැව් මනාව පැහැදිලි වනු ඇත.
පහළ මලිදුව චිත්‍රානන්ද ගුණවර්ධන මහතා ලියා එවූ කතාවකි.
හරකුන්ගේ ගාත් කපා කරු ගැසූ සේතංට ද කිහිලිකරු උරුම විය.
ගව මස් කෑම හෙවත් ගෙරි මස් බුදින්නා අද වන විට ගම්වල පවා ඉතා පහත් දෙයක් ලෙස සමාජගත විය. ඒ නිසාම බොහෝ දෙනා ගව මසින් සම්පූර්ණයෙන්ම ඈත් වී ඇත.
එසේ වුවත් මීට දශක කීපයකට පෙර තිබූ තත්ත්වය මීට වඩා වෙනස්ය. ගම්දනව්වල ජනයා පවා ගව මස් කෑමට පුරුදුව සිටි අතර එකල එය ජනප්‍රිය ආහාරයක් බවට පත්ව තිබුණි. සමහරු ගව මසට දැඩි ගිජු බවක් දැක්වූහ. එ් හේතුව නිසාම ගම්මානවල ගැමියන් විසින් ඇති කරන ගවයන් පවා සොරකම් කරන හරක් හොරු බහුල විය.
රාත්‍රී කාලයට නිවෙස්, කුඹුරු, වතු පිටි ආදී තැන්වල බැඳ සිටින ගවයන් සොරා ගෙන ගොස් ම්ලේච්ඡ ලෙස මරා ගෙන කෑ අවස්ථා බහුල විය. මේ ආකාරයට ගවයින් සොරාගෙන ගොස් මරා කන්නට පුරුදුව සිටි අයෙකි සේතං.
මීට බොහෝ කලකට ඉහත ඈත දුෂ්කර ගමක දිවි ගෙවූ සේතං ද ගව මසට මහත් සේ ගිජු බවක් දැක් වූ අයෙකු විය. ඔහුට තම කෑම වේලට ගව මස් නැතිවම බැරි විය. ඒ නිසාම හරක් හොරකමට යොමු වූ අතර හරකුන් සොරෙන් ගෙන යාමට ගජ හපනකු ද විය.
හිටි ගමන් ගමේ සිටින ගවයකු සොරකම් කර ගන්නා සේතං ගවයා ඈත කැලයට ඇද ගෙන ගොස් මරා මස් කර ගැනීමට පුරුදුව සිටියේය. සේතංගේ මේ වැඩවලට උදව් වීමට ගව මසට කෑදර තවත් කීප දෙනෙක් ද එක්ව සිටියහ. මේ වැඩවලදී සේතංට එය කදිම සහයක් විය. ගවයකු සොරගෙන තම ගෝල බාලයින් සමග කැලයට ඇද ගෙන ගොස් දස වද දී ඌ මරා ගැනීමට ඔහුට මහත් සතුට ගෙන දෙන්නක් විය.
සේතංගේ මේ මහා පව්කාර වැඩ ගැමියන් බොහෝ දෙනා අනුමත නොකළත් ඒවාට එරෙහි වීමට ඔවුන්ට නොහැකි වුයේ ඔහු වටා සිටි පිරිස් බලය නිසාම සේතං ගමේ චණ්ඩියකු බවට ද පත් වී සිටි නිසාමය. ගැමියන්ට කළ හැකි එකම දෙය වූයේ සේතංගේ මේ කටයුතු නතර කර ෙදන ලෙස දෙවියන්ගෙන් ඉල්ලීම පමණි. ඒ වන විට ගමේ වැසියන් සතු ගවයන් සේතංගෙන් ආරක්ෂා කර ගැනීම මහත් ගැටලුවක් බවට පත්ව තිබුණි. සේතංගේ මේ අමන ක්‍රියා නතර කර දීමට දෙවියන් තීරණය කළා මෙනි.
දිනක් ගමේ සිටි හැඩි දැඩි ගැබ්බර එළදෙනක් කෙරෙහි සේතංගේ සිත ඇදී ගියේ සේතංගේ කරුමයට මෙනි. එළදෙන දකින විට සේතංගේ කටට ෙකළ ඉණුවේ කෙසේ හෝ එළදෙන මරා කෑමේ පව්කාර අදහසිනි. එහෙත් එළදෙන සොරා ගෙන යාම එතරම් පහසු කටයුත්තක් නොවූයේ සතාගේ හැඩි දැඩි බව හා ගැබ්බර බවයි. ඔහු මේ සඳහා ද පහසු උපායක් සැලසුම් කළේය. ඒ සඳහා ගෝල බාලයන් යොදා නොගෙන තනිවම එය ක්‍රියාවට නැංවීම තීරණය කළේය. ඒ සඳහා ඔහු ඝන අන්ධකාර රාත්‍රියක් තෝරා ගත්තේය.
වේලාව මධ්‍යම රාත්‍රියට අාසන්න විය. ගමම සුවබර නින්දක ගිලී ඇත. සේතං ගවයින් මැරීම සඳහාම සකසා ඇති තියුණු පිහිය ද විදුලි පන්දමද රැගෙන එළදෙන බැඳ තිබූ ගස අසලටම ළං විය. එළදෙන බැඳ තිබූ කඹය ලිහා හැකි තරම් සතා ගස අසලටම ඇද ගත්තේය. ගසටම හේත්තු කර ගත් සතා ගසට තබා තදින් වෙලා දැමුවේ සෙලවීමටවත් නොහැකි ලෙසය. සීරුවෙන් තම පිහිය අතට ගත් ඔහු දැවැන්ත මස් පදාසයක් සහිතව එළදෙනගේ පස්සා ගාතයක් කපා ගත්තේ පිහි පහරවල් දෙකකිනි. ඉන් පසුව කලින්ම සකසාගෙන විත් තිබූ පොල්පිති කරුව එළදෙනගේ කපා ගත් පාද කොටසට තබා වෙළා දැමූයේ අඩු වූ කකුල වෙනුවටය. කපා ගත් ගාතය ද කර තබා ගත් සේතං ඉක්මනින් එතැනින් පිටත් වූයේ එහි ඉතිරි කටුයතු සඳහාය.
ඒ අතර ටික වේලාවකට පසු පැටියකු ලැබීමට ආසන්නව සිටි එළදෙන මරු විකාරයෙන්ම පැටියකු ද බිහි කළාය. එහෙත් මේ අහිංසක සතාට තම පැටියාට මවක් වීමේ වාසනාව හිමිව නොතිබුණි.
එළදෙනගේ කැපූ ගාතයෙන් අධික ලේ වහනය වීම නිසා ගසටම හිර වී අවසන් ගමන් යන්නට සිදුවිය. සුපුරුදු ලෙස ගවයා බැඳීමට උදෑසනම පැමිණි ගවහිමියාට දැක ගත හැකි වූයේ ඇස් අදහා ගත නොහැකි දසුනකි. මේ මහා අපරාධය කනවැකුණ ගැමියන් එම ස්ථානයට රැස්ව මේ මහා අපරාධය කළ වුන්ට ඉක්මනින්ම දඬුවම් ලබා දෙන ලෙස ඉල්ලා කන්නලව් කළහ. ගත වූයේ දින කීපයකි. මල් මදින්නකු ද වූ සේතං කිතුල් ගසකින් වැටී කකුලේ උලක ඇනී බරපතළ තුවාල ලබා තිබුණි. මේ හේතුව නිසා සේතංගේ කකුල කපා දැමීමට. සිදුවූ අතර එතැන් සිට ඔහුට කිහිලිකරුවේ පිහිට පැතීමට සිදු විය. කිසිවකුගේ හව්හරණයක් නොමැතිව අන්තර අසරණ පුද්ගලයකු බවට පත් විය. තමා කළ පව් සිහි කරමින් මානසික රෝගියකු බවට පත් වූ සේතං රෝගියකු ලෙස එක්තැන්ව සිට මිය ගියේ කළ කම් පලදීම කිසිවිටකත් නතර කළ ෙනාහැකි බව පසක් කරමිනි.
ඉඟිනියාගල ජයසෝම ෙගා්නපීනුවල මහතා ලියා එවූ කතාවක් මෙසේය.
ඌරු සයිමාට පව් පල දුන් හැටි
අපි ඔහු සයිමන් නමින් හඳුන්වමු. නැගෙනහිර ප්‍රදේශයේ කොළනියක ජීවත් වූ මොහු එතරම් දුරට අධ්‍යාපනය නොලද්දකු වුවත් හේන් ගොවිතැන්වලින් ජීවිකාව ගෙවූ දරුවන් දෙදෙනකුගේ පියෙකි. හේන් වැඩට මෙන්ම බොරුවට, කයිවාරුවට උපන් හපනෙක් වූ සයිමන්, හේන් ගොවිතැනින් එන ආදායමට වඩා ආදායමක් උපයා සපයා ගත්තේ සතුන් දඩයම් කිරීමෙනි. තමන්ම සාදා ගත් ගල්කටස් තුවක්කුව මොහුගේ ගජ මිතුරා විය. මිනිසුන් කියන්නේ මූට ‘ඌරු සයිමා’ කියලයි. සතියකට වරක් දඩයමේ යන සයිමාට මුවකු, ඌරකු වරදින්නේම නැත. ඌරෙකු අසුවූ විට ඌ පුලුස්සා හම ගසා මස් කුට්ටි කර කැබලි වශයෙන් විකුණන මොහු වෙළෙඳාම නිම වූ පසු ගමේ කඩපිලට එක් වෙන්නේ ගමේ බඩුවලින්ම (කසිප්පු) හොඳට සප්පායම් වෙලාය. එහිදී මොහුගේ දඩයම් ද දක්ෂකම් වර්ණනා කිරීම සිරිතක් හෙයින් ගමේ සමහර අයද වැඩ නිමවා ඇඟ රත්කරගෙන කඩේට එන්නේ සයිමාගේ කතා ඇසීමට හරිම කැමැත්තකිනි.
ඔහු ඒවා ඉතාමත් රසවත් හා වර්ණනාත්මකව කරන හෙයිනි.
ඔහු කියූ පොඩි රසවත් කතාවක් ඔබලාටත් දැන ගැනීම සඳහා මෙසේ පවසමි. ඔහු කියන භාෂාවෙන්ම මෙසේය.
මං දවසක් දඩයමේ යන කොට මෙන්න බොලේ එක පාරටම ඌරෙකුයි, මුවෙකුයි දෙන්නෙක්ම එකටම ටෝච් එළියට බැල්ම දාගෙන ඉස්සරහම ඉන්නවා.
දැන් මොකද කරන්නේද? මට හිතුණා මුන් දෙන්නම එකට පත බාවන්න. ඒත් යකෝ තුවක්කුවෙ තියෙන්නේ එකම පතොරොමයි. එතකොටම මං ගණ දෙවි නුවණ පහළ වුණා. ටෝච් එක ඔළුවේ ජටාවේ ගැටගහගෙන ඉණේ තිබුණ පිහිය අරන් තුවක්කුවේ කටටම අල්ලලා කුරුමානම අරගෙන කොකා ගැස්සුවා විතරයි, මොනාද බොලේ පතොරොම දෙකට කැපිලා දෙන්නගේ ඔළුවලට වැදිලා මොළේ පසාරු කරගෙන එතනම එක ගොඩේම හබක්. මේ වැඩේම මගේ ඉහේ මලක් පිපුණා වගේ. හෙමින් හෙමින් කිට්ටු වෙලා මුවා මස් කරලා ගිනි ෙගාඩක් ගහලා ඌරාගේ හමත් පුච්චලා ඌත් කුට්ටි කරගෙන දෙන්නාගෙම මස් ගෙනාවෙ කදක් බැඳගෙනයි. “ඔන්න බොලේ මගේ වැඩ කිඩ” යනුවෙන් කතාව නිම කළේ. පසළොස්වක පෝයකටවත් මලක් පහනක් පූජා නොකරන පන්සල්වත්ත මායිමෙන්වත් නොයන සයිමා පසළොස්වක පෝයදාටවත් දඩයම අත නොහරියි. පුර පසළොස්වක පෝය දිනෙක දඩයමේ ගිය සයිමාට පව්කාර කමට එදත් හොඳ ඌරු නාම්බෙක් එළා ගන්නට හැකි වූ අතර ඌ පුලුස්සා මස් කුට්ටි කර ගෝනියක දමා ෙගනත් ගෙදර මඩුවේ හැංගුවේ හෙට බිස්නස් එකටයි. හොඳටම රෑ වී තිබුණ නිසා මඩුවේ හංගලා තිබුණ කසියා බෝතලය ද හිස් කළ සයිමා බීඩියක් ද පත්තු කරගෙන ඇඳට ගෑටුවේ උදේට වැඩ පටන් ගන්නා අදහසිනි.
සත්තු මැරුවාට තමන්ගේ ඇඟේ මඳුරුවන් වහලා කනවාට බය සයිමා ඇඳේ නෙට් එකද දාගෙන බීඩිය උරමින් ඉන්නා විට ඉබේම නින්දට වැටිණ. නින්දේම බීඩිය කටින් කොට්ටය උඩට වැටී හෙමින් හෙමින් පුළුන් පිච්චී එක පාරටම ගිනි පත්තු වී සයිමාගේ ඇඟට හා ඇඳුම්වලටද ගින්න ඇවිළී ඇත. කලබලයෙන් නැගිට්ට සයිමා එක සැරේම ඇඳෙන් පනින්න හදන කොට මදුරු දැල කකුල් දෙකේ පැටළී බේරෙන්න බැරිව මරහඬ තළමින් ඇඳත් සමග පිළිස්සී තිබුණේ, ගෙදර දරුවන්ගේ බිරිඳගේ කෑ ගැසීමට අහල පහළ අය බලන්නට දුවගෙන එන විටය.
ටික වේලාවක් ඌරෙකු මෙන් හඬ තැළුෑ සයිමා මිය ගියේ ඌරෙකු පුලුස්සන විට හම පිච්චී ඇට, නහර, ඇස්, කන්, නාසය ඉලිප්පී තියෙන ආකාරයටමය.
බලන බලන අය පැවසුවේ සත්තු මරපු, ඌරෝ පුච්චපු සයිමාට කරුමය මෙලොවෙදිම පඩිසන් දුන් බවයි.
යන අයට මිනිය බලන්නටවත් නොහැකි වූයේ පෙට්ටිය සීල් කර තිබුණ හෙයිනි. අවට පැතුරුන දුර්ගන්ධය නිසා මිනිසුන් සිටියේ නාස්පුඩුද වසාගෙනය.
මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට ලියා එවන්න.
සකස් කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
අප මරණයට පත්වන අවස්ථාවේ දී මොළය තුළ සිදුවන්නේ කුමක්දැයි යන්න - සියවස් ගණනාවක් තිස්සේ විද්‍යාඥයන්ට ප්‍රහේළිකාවක් ව තිබුණි.
ඇන්ටාක්ටිකාව තරණය කිරීම යනු ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයි. ඒත් හිමාලය තරණය කළ ඔහුට එය තවත් අභියෝගයක් පමණක් වුණි.
හුදකලාව සොබාදහම විඳින්න කැමති බොහෝ දෙනා අතරේ තමන්ගේ ළබැඳි සමීපතමයන් සමගින් ඒ හෝරාවන් බෙදාහදා ගන්නට කැමති වූ ඔහු - අද සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය සංචාරකයන
කුණු වෙරළ තීරයේ පිහිටි සුන්දර වෙරළ තීරයන් අතුරින් Blue Beach Island නිල්වැල්ල වෙරළ තීරයට හිමිවන්නේ සුවිශේෂි තැනකි.
නිවර්තන පාරාදීසයක් වන ශ්‍රී ලංකාවේ දර්ශනීය කඳුහෙල් මෙන්ම, විශ්මය ජනක ගිරිශිඛර කන්දක් මුදුනට ළඟා වීමත්, ඒ අතරතුර කඳවුරු ගසා ගෙවන රාත්‍රීන් ද ජීවිතයේ ලබ
චීන ජනතාව අතර පවතින මතයක් වන්නේ - චීනයේ චොන්ග් චිං නගරයේ සිටිමින් සිචිකොව් (Ciqikou) නගරය වෙත නොයන්නේ නම්, අදාළ අය චොන්ග් චිං වෙත පැමිණීමෙන් පලක් නැතිය යන්නයි
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
තම මවට පයින් ගැසූ පවට කකුල අහිමි වූ පියදාස