
අප සිරුරේ සතුටු අස්ථියක් ඇති බව ඔබ දන්නවා ද? බැලූ බැල්මට එය සිනාසෙනවා වැනිය. සතුටු අස්ථිය යැයි ඊට නමක් පට බැඳී ඇත්තේ ද ඒ නිසාය. මේ ‘සතුටු අස්ථිය‘, අප කශේරුකාවේ, නැතිනම් කොඳු ඇට පෙළේ බෙල්ල ප්‍රදේශයේ පිහිටා ඇති හයවන අස්ථියයි. වෛද්‍ය විද්‍යාවේදී මෙන්ම චිකිත්සක ක්‍රමවලදීත් මෙම අස්ථිය, සතුටු අස්ථිය (Happy Bone) ලෙස හැඳින්වෙයි.
මේ සතුටු අස්ථියට කලින් අපි අපේ අස්ථි ගැනත් අපේ ඇටසැකිල්ල ගැනත් කතා කරමු. මිනිස් සිරුර නමැති මහා මන්දිරයේ පදනම අපේ ඇටසැකිල්ලය. බැලූ බැල්මට නිසල, දැඩි ව්‍යුහයක් ලෙස පෙනුණත්, අප අස්ථි පද්ධතිය යනු සැබවින්ම නිරන්තරයෙන් අලුත් වන සජීවී පටක එකතුවකි. උපතේ සිට මරණය දක්වාම අපේ සිරුරේ හැඩය පවත්වා ගැනීමටත්, අභ්‍යන්තර ඉන්ද්‍රියයන් ආරක්ෂා කිරීමටත් කැපවන මේ අපූර්ව අස්ථි පද්ධතිය පිළිබඳව විද්‍යාත්මකව විමසා බැලීම ඉතා රසවත් කරුණකි.
අප සිරුරේ ඇති අස්ථි සංඛ්‍යාව කාලයත් සමඟ වෙනස් වීම පුදුමය දනවන කරුණකි. බිලිඳකු මෙලොවට බිහිවන විට, සිරුරේ අස්ථි 270ක් පමණ පිහිටා තිබුණ ද, වැඩිහිටියකු වෙද්දී සිරුරේ ඉතිරි වන්නේ අස්ථි 206ක් පමණි. දරුවා වැඩෙන විට, කුඩා අස්ථි කිහිපයක් එකිනෙක හා බද්ධ වී විශාල අස්ථි බවට පත්වීම ඊට හේතුවය. සිරුරේ විශාලතම අස්ථිය ලෙස පාදයේ කලව අස්ථිය (Femur) හැඳින්විය හැකි අතර, කුඩාම අස්ථිය වන්නේ කන අභ්‍යන්තරයේ පිහිටි සහල් ඇටයකටත් වඩා කුඩා ස්තම්භකය (Stapes) නමැති අස්ථියයි. මෙම අස්ථි සියල්ලම එකිනෙකට සම්බන්ධ වී අපට ඇවිදීමට, දිවීමට සහ විවිධ ඉරියව් පවත්වාගැනීමට අවශ්‍ය ශක්තිය ලබා දෙයි.
අස්ථියක් සැකසී ඇත්තේ හුදෙක් කැල්සියම්වලින් පමණක් නොවේ. එහි ශක්තිමත් බව සඳහා කැල්සියම් සහ පොස්පරස් වැනි ඛනිජ ලවණ දායක වන අතර, අස්ථියට අවශ්‍ය නම්‍යශීලී බව ලබා දෙන්නේ ‘කොලජන්‘ නමැති ප්‍රෝටීනය මගිනි. අස්ථිවල මැද පිහිටි මෘදු කොටස හෙවත් අස්ථි මජ්ජාව රුධිර සෛල නිපදවන ප්‍රධාන මධ්‍යස්ථානය ලෙස ක්‍රියා කරයි. අපේ ඇටසැකිල්ල නිරන්තරයෙන්ම පරණ පටක ඉවත් කරමින් අලුත් පටක නිර්මාණය කරන බැවින්, සෑම වසර දහයකට වරක්ම අපට ලැබෙන්නේ සම්පූර්ණයෙන්ම අලුත් ඇටසැකිල්ලක් බව කීම අතිශයෝක්තියක් නොවෙයි.
සත්ව ලෝකයේ අනෙක් ජීවීන්ගේ අස්ථි පද්ධති හා සසඳන විට මිනිස් ඇටසැකිල්ල සුවිශේෂ වන්නේ අපේ ‘දෙපයින් ඇවිදීමේ‘ හැකියාව නිසාය. සිවුපා සතුන්ගේ කොඳු ඇට පෙළ දුන්නක හැඩය ගත්තද, මිනිසාගේ කොඳු ඇට පෙළ ‘එස්‘ අකුරේ හැඩයක් ගන්නේ සෘජුව සිටගෙන සිටින විට සිරුරේ බර සමබර කර ගැනීමටය. එසේම, අනෙක් සතුන්ට වඩා මිනිසාගේ අත්ල සහ ඇඟිලි පිහිටා ඇති ආකාරය නිසා ඉතා සියුම් උපකරණ හැසිරවීමේ සුවිශේෂ හැකියාවක් අපට හිමි වෙයි. සතුන්ගේ අස්ථි බොහෝ විට ආරක්ෂාවට හෝ වේගයෙන් දිවීමට හැඩගැසී ඇති අතර, මිනිස් අස්ථි පද්ධතිය හැඩගැසී ඇත්තේ බුද්ධිමත් ලෙස විවිධ නිර්මාණශීලී කාර්යයන්හි නිරත වීමට මඟ පාදමිනි.
අපේ අස්ථි යනු හුදෙක් රාමුවක් පමණක් නොව, එය නිරන්තරයෙන් වැඩ කරන සක්‍රිය රසායනාගාරයකි. අස්ථි තුළ සිදුවන පුදුම සහගතම ක්‍රියාවලිය වන්නේ ‘ප්‍රතිසංස්කරණය‘ (Remodeling) ය. අපේ ශරීරය විසින් පැරණි අස්ථි කොටස් දිය කර හරින අතර ඒ වෙනුවට නව අස්ථි පටක නිර්මාණය කරයි. මෙහි ඇති විශේෂත්වය වන්නේ යම් අස්ථියකට නිරන්තරයෙන් පීඩනයක් එල්ල වන්නේ නම් (උදාහරණයක් ලෙස ක්‍රීඩකයකුගේ පාදවල අස්ථි), එම පීඩනය දරා ගැනීමට හැකි වන පරිදි එම ස්ථානවල අස්ථි වඩාත් ඝනකමින් සහ ශක්තිමත්ව වැඩීමය. මෙය මිනිස් සිරුරේ ඇති සුවිශේෂ අනුවර්තනය වීමේ හැකියාවට කදිම නිදසුනකි.
බොහෝ දෙනකු නොදන්නා තවත් කරුණක් නම්, අස්ථි පද්ධතිය අපේ සිරුරේ ‘බැංකුවක්‘ ලෙස ද ක්‍රියා කරන බවය. සිරුරේ ස්නායු සහ මාංශ පේශිවල ක්‍රියාකාරිත්වයට අත්‍යවශ්‍ය වන කැල්සියම් ගබඩා කර තබා ගන්නේ අස්ථි තුළය. අප ගන්නා ආහාරවලින් ලැබෙන කැල්සියම් ප්‍රමාණය අඩු වූ විට, රුධිරයේ කැල්සියම් මට්ටම පවත්වා ගැනීම සඳහා සිරුර විසින් අස්ථිවල ඇති කැල්සියම් නිදහස් කර ගනී. මේ නිසාම දීර්ඝ කාලයක් කැල්සියම් ඌනතාවෙන් පෙළෙන අයගේ අස්ථි දුර්වල වී ‘ඔස්ටියෝපොරෝසිස්‘ වැනි රෝගී තත්ත්වයන් ඇතිවීමේ අවදානමක් පවතී.
සත්ව ලෝකයේ අනෙක් ජීවීන් සමඟ සසඳන විට මිනිස් අස්ථිවල ඇති තවත් ප්‍රධාන වෙනසක් වන්නේ හිස් කබලේ ව්‍යුහයයි. අනෙකුත් ක්ෂීරපායී සතුන්ට සාපේක්ෂව මිනිසාගේ මුහුණේ අස්ථි කුඩා වී හිස් කබල විශාල ලෙස වර්ධනය වී ඇත. මෙය අපේ විශාල මොළයට ඉඩ ලබා දීම සඳහා ස්වභාවධර්මයෙන් ලැබුණු දායාදයකි. එසේම, අනෙක් සතුන්ගේ මෙන් නොව මිනිසාට පමණක් ඇති හකු ඇටයේ පිහිටීම නිසා අපට ඉතා පැහැදිලිව වචන උච්චාරණය කරමින් කතා කිරීමේ හැකියාව ලැබී තිබේ.
අවසාන වශයෙන්, අපේ සිරුරේ මේ සජීවී කණු පෙළ සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීම අපේ වගකීමකි. දිනපතා අව් රශ්මියට නිරාවරණය වීමෙන් ලැබෙන විටමින් ‘ඩී‘ සහ ව්‍යායාම මගින් අස්ථිවල ඝනත්වය වැඩි කර ගත හැකිය. වයසට යන විට උස අඩු වීම හෝ අස්ථි බිඳීම වැනි ගැටලුවලින් මිදීමට නම්, තරුණ අවධියේ සිටම ඔබේ ඇටසැකිල්ල ගැන සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය වේ.
දැන් අපි ආපසු යමු සතුටු අස්ථියට. බෙල්ලේ පහළ කොටසේ පිහිටි මෙම කුඩා අස්ථිය, අප ශාරීරික සැහැල්ලුවට සහ මානසික ප්‍රබෝධයට සෘජුවම බලපාන සුවිශේෂ මංසන්ධියක් බව වෛද්‍යවරුන්ගේ මතයයි. මෙම අස්ථිය “සතුටු අස්ථිය’ ලෙස හැඳින්වෙන්නේ එහි පෙනුම සිනා මුහුණක් නිරූපණය කරන නිසාම නොවෙයි. මේ අස්ථිය සතුටු අස්ථිය ලෙස හැඳින්වීමට ප්‍රධානම හේතුව වන්නේ එය අපේ දෑත්, උරහිස් සහ මොළය වෙත යන ස්නායු පද්ධතියේ ප්‍රධාන පාලන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කිරීමය.
අප සැහැල්ලුවෙන් සහ සතුටින් සිටින විට මෙම අස්ථිය අවට මාංශ පේශි ලිහිල්ව පවතින අතර, එමගින් මුළු සිරුරටම දැනෙන්නේ මනා සහනයකි. විශේෂයෙන්ම, තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වයට සහ සිරුරේ ශක්තිය නිපදවීමට අවශ්‍ය රුධිර ගමනාගමනයට ද මෙම අස්ථිය මහත් රුකුලක් වෙයි. වර්තමානයේ බොහෝ දෙනෙක් නිතරම ජංගම දුරකථන සහ පරිගණක දෙස පහතට බලාගෙන සිටීම නිසා මෙම සතුටු අස්ථිය දැඩි පීඩනයකට ලක් වෙයි. එය සතුටු අස්ථිය, අසතුටු වෙයි.
මෙහි ප්‍රතිඵලයක් ලෙස උරහිස් වේදනාව, අත්වල හිරිවැටීම සහ අනවශ්‍ය විඩාව ඇති විය හැකිය. ඔබ නිතරම කෙළින් හිඳගෙන සිටීමට පුරුදු වන්නේ නම් සහ වරින් වර ගෙල ප්‍රදේශයට මෘදු ව්‍යායාම ලබා දෙන්නේ නම්, ඔබේ මෙම සතුටු අස්ථිය නිරෝගීව තබා ගනිමින් එදිනෙදා වැඩකටයුතු වඩාත් උද්‍යෝගයෙන් යුතුව කර ගැනීමට ඔබට හැකියාව ලැබෙයි.
ලුසිත ජයමාන්න
ද බ්‍රේන් මේස් ඇසුරිනි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd