IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


ජනතාව බිල්ලට නොදී එතෙර වැඩ වර්ජන කරන්නේ මෙහෙමයි

ජපානයේ බස් රියැදුරන් වැඩ වර්ජනය කළේ ගාස්තු අය නොකර මගීන් ප්‍රවාහනය කිරීමෙන්

 

 

  • ජපානයේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ

ලෝකයේ හැම රටකම වැඩ වර්ජන කෙරෙතත්, ලංකාවේ තරම් හැමදෙයටම වර්ජනය කරන රටක් ලෝකයේ නැතිව ඇති. කිසියම් ඉල්ලීමක් සපුරා ගැනීම සඳහා වෘත්තීය සමිති සාමාජිකයෝ මහමගට බැස, නැතහොත් ගමනාගමනය කඩාකප්පල් කරමින් ආත්මාර්ථකාමී ලෙස හැසිරෙති. 


දහස් ගණනක් මිනිසුන්ගේ දෛනික ගමනාගමනයට බාධා කරමින් කරන ප්‍රවාහන වැඩ වර්ජනවලින් හානි සිදුවෙන්නේ සාමාන්‍ය ජනයාටයි. උපහාසයට කරුණ නම් මෙසේ වර්ජනය කරන්නෝද, වර්ජනයෙන් පීඩනයට පත් වෙන්නෝද යන දෙපාර්ශ්වයම සාමාන්‍ය පන්තියේ මිනිසුන් වීමයි. ඔවුහු පාලකයන්ගේ කීමට හෝ වෙනත් වාසි තකා තමන්ගේම පංතියේ මිනිසුන්ට එරෙහි වන්නෝය. 


වර්ජන පවත්වන්නේ වැටුප් වැඩිකිරීමක්, අක්‍රමිකතාවකට නිසි පියවර නොගැනීමක් වැනි හේතු මත පාලකයන්ට කිසියම් තර්ජනයක් එල්ල කර අවශ්‍ය දේවල් දිනාගැනීමේ වුවමනාවෙන් වුවද, ඒ ක්‍රියාවන් හේතුවෙන් රජයට අපහසුතාවක් ඇති නොවෙන්නේ ඔවුන් පොදු ප්‍රවාහන සේවා භාවිත නොකරන බැවිනි. 


මැති ඇමතිවරුන් හා රජයේ වගකිව යුතු නිලධාරීන් මහමග යාම් ඊම් කරන්නේ සැප පහසු වාහනවලය. තදබදයකදී වුවත් ඔවුන්ගේ නිල බලය පෙන්වා එතැනින් ඉවත් වෙන්නට පුළුවන. එහෙත් දහදුක් විඳගෙන සේවයට යනෙන සාමාන්‍ය මිනිසුන්ට බස් රිය හා දුම්රිය හැරුණු විට වෙනත් විසඳුමක් නැති හෙයින් කුමන ක්‍රමයකින් හෝ පොදු ප්‍රවාහන සේවාවල පිහිට පතන්නට සිදු වේ. ඒ අතින් බලන විට රටේ පොදු ජනයාට එරෙහිව යන්නේ ඒ පොදු ජනයා අතරම සිටින පුද්ගලයෝය. 


පසුගිය සති කිහිපයේ ලංකාවේ පැවති දුම්රිය වර්ජනය හේතුවෙන් පොදු ජනයාගේ ගමනාගමනයට දැඩි බාධා එල්ල විය. දුර බැහැර පළාත්වල සිට දුම්රියෙන් කොළඹ බලා එන මගීන්ට කරකියාගන්නට දෙයක් නැතිව සිටියේ වර්ජකයන්ට දෙස් දෙවොල් තබමිනි. 


ජපානය වැනි දියුණු රටවල වර්ජන සිදු කෙරෙන්නේ මීට වඩා හාත්පසින්ම වෙනස් ආකාරයෙනි. පසුගිය වසරේ ජපානයේ ඔකායමා නගරයේ බස් රියැදුරෝ, තම බස් සමාගමට තරු පෙනෙන අන්දමේ වර්ජනයක් සිදුකළෝය. වර්ජකයෝ සුපුරුදු පරිදි බස් ධාවනය කළ අතර ඔවුහු මගීන් සියලු දෙනා මුදල් අය නොකර ප්‍රවාහනය කළෝය. 
තවත් බස් සමාගමකින් එල්ල වුණු තරඟය හමුවේ ඔවුන්ගේ වෘත්තීය සුරක්ෂිතභාවය අභියෝගයට ලක්වීම ඔවුන්ට තිබුණු ගැටලුවයි. සතුරු සමාගමේ බස් ආකර්ෂණීය පෙනුමකින් යුක්ත වූ අතර ගමන් ගාස්තුවද අඩු විය. 


සමාගමකට තවත් සමාගමක් හා තරඟ කරන්නට සිදුව තිබෙන විට බස් ප්‍රවාහනයෙන් ලැබෙන ආදායමත් අහිමි වීම සමාගමට සම්පූර්ණ අලාභයකි. එහෙත් නොමිලේ ලැබෙන සේවය නිසා එම සමාගමේ බස්රථ, මගීන් විසින් තෝරාගන්නා ලදහ. එමගින් තරඟය හමුවේ පාරිභෝගිකයන් ආකර්ෂණය කරගැනීමට අර්බුදයට ලක්වූ බස් සමාගම සමත්ව ඇත. 


ජපාන බස් රියැදුරෝ වර්ජනය කළ ආකාරයෙන් පෙනී යන්නේ සමාගම සමඟ මගීන්ගේ දිගුකාලීන සබඳතාව පවතිනු ඇති බවය. සිදුවන පාඩුව නිසා කළමනාකාරිත්වයටද වර්ජනය හොඳින් දැනෙනු ඇත. ඒ සියල්ලට වඩා වැදගත් වන්නේ තම ඉල්ලීම් දිනාගැනීම සඳහා ඔවුන් මහජනයා බිල්ලට නොදීමයි. 
ජපානයේ බස් රියැදුරෝ බුද්ධිමත් ලෙස වර්ජනය කළ බැවින් ඔවුන්ගේ ගැටලුවටද කඩිනම් විසඳුම් ලැබුණු අතර මගීන්ට අසාධාරණ ලෙස වධ විඳින්නට සිදු නොවිණි. 
ජපානයේ මෙම සිදුවීම වූයේ පුද්ගලික බස් සමාගම් දෙකක් අතරය. එහෙත් ලංකාවේ වර්ජනය කළෝ රජයේ දුම්රිය සේවාවයි, ලංකාවේ තිබෙන එකම දුම්රිය සේවාවයි. ප්‍රවාහනය කඩාකප්පල් වීම හේතුවෙන් මිනිස් ශ්‍රමය හා වැඩ කළ හැකි වටිනා කාලය අපතේ යාම ජාතික මට්ටමේ අපරාධයකි. 


.................................


ඕස්ට්‍රේලියාවේ නගර කිහිපයකදීද වර්ජන හේතුවෙන් මෙසේ නොමිලේ මගීන් ප්‍රවාහනය කර තිබේ. 


ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ පොදු බස් සේවය පුද්ගලිකකරණය කිරීමට ගත් තීරණයකට විරෝධය දැක්වීම සඳහා පොදු බස් රියැදුරන් විසින් නොමිලේ මගීන් ප්‍රවාහනය කරමින් වර්ජනයක් කරන ලදී. පොදු බස් සේවාව පෞද්ගලීකරණය කරන්නට උත්සාහ ගත් රජයට විරුද්ධව ඔවුහු මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළැඹුණහ. 
සිඩ්නි නගරය අවට ඩිපෝ 12ක පමණ රියැදුරෝ සහ කොන්දොස්තරවරු එකතු වී නිදහස් ප්‍රවාහන දිනයක් ප්‍රකාශයට පත් කර, ඔවුන්ගේ බස් රථවල මුදල් ගෙවන කාඩ් යන්ත්‍ර ක්‍රියා විරහිත කළහ. රජය එම ක්‍රියාමාර්ගය ගන්නට හේතුවු කරුණ වශයෙන් කියා තිබුණේ පොදු බස් සේවාව පිළිබඳව කර තිබුණු චෝදනා ගොන්නකි. බස් රථ ධාවකයන්ගේ වෘත්තීය සමිතියේ අදහස වූයේ බස් සේවාව පුද්ගලිකකරණය නිසා ප්‍රවාහන ගාස්තු ඉහළ යනු ඇති බවයි. 


ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරයේ බස් රියැදුරෝද මෙවැනිම වර්ජනයක් සිදුකළෝය. ඔවුන්ගේ ඉල්ලීම වූයේ වැටුප් වැඩි කිරීමයි. මෙම වර්ජනය සඳහා එරට දුම්රිය, හා ට්‍රෑම් රථ සංගම්ද එකතු වී සිටියත්, නොමිලේ ප්‍රවාහනය සිදුකළේ බස් රථවල පමණි. නමුදු එහි පාලනාධිකාරිය කියා සිටියේ එම වර්ජනයෙන් කවුන්සිලයට කිසිදු හානියක් නොවෙන බවයි. ඊට හේතුව වශයෙන් ඔහු සඳහන් කළේ පොදු ප්‍රවාහන සේවාවලින් ලැබෙන ආදායම් සියල්ල රජයට යැවෙන නිසා, ආදායම අහිමි වීමේ බර, බදු ගෙවන්නන් මත පැටවෙනු ඇති බවය. 


ඕස්ට්‍රේලියාවේ වේගයෙන්ම වර්ධනය ​ෙවන නගරයක් වන මෙල්බර්න් නගරයේ දිනකට සෑහෙන දුම්රිය ගමන් වාර ප්‍රමාණයක් සිදු වේ. එහි දුම්රිය සේවය සම්පූර්ණයෙන්ම පුද්ගලීකරණය වී ඇත. එය රජයට වාසිදායක නමුත් දුම්රිය සේවකයන්ට හා මගීන්ට එකසේ අවාසිදායකය. නියමිත වෙලාවට ගමනාන්තයට ළඟා නොවුනහොත් දුම්රිය රියැදුරන්ට දඩ ගෙවීමට සිදු​ෙවන නිසා ඔවුහු අතරමග හමුවෙන නැවතුම් කිහිපයක් මග හැර ගමන් කරති. එක් රියැදුරෙක් පමණක් නොව, බොහෝ රියැදුරන් මෙසේ කාලය ඉතිරි කරගැනීමට උත්සුක වෙන බැවින් එම නැවතුම්වල සිටින මගීන් හට අසාධාරණයක් සිදු වේ. 

 

 


වසර ගණනාවකට පෙර නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නගරයේද මෙවැනි නොමිලේ ගමන් සහිත දුම්රිය වර්ජනයක් පැවැත්විණි. එහෙත් එම රටවල වර්ජන මෙසේ දින ගණන් ඇදෙන්නේ නැත. පෙර දැන්වූ දවසක පැය දෙක තුනක් හෝ වරු කිහිපයක් උපරිම වර්ජන කාල සීමාවකට යටත් වේ. යම් හෙයකින් වර්ජකයෝ අතිශය අසාධාරණ ලෙස කටයුතු කරන්නට උත්සාහ ගත හොත් එම රටවල රජය මැදිහත්වී අර්බුද දුර දිග යා නොදී විසඳති. 


ලෝකයේ සංවර්ධිත රටවල ප්‍රවාහන වර්ජන කරන්නේ බොහෝ විට නොවිසඳුණු පරිපාලන ගැටලු විසඳා ගැනීමටය. එම වර්ජන වැඩි ප්‍රමාණයකට හේතු​ෙවන්නේ වෘත්තිකයන්ට සිදු​ෙවන අසාධාරණකම්ය. එසේ වුවද, අසාධාරණකම් ගැන කියමින් වසරකට දෙතුන් වරක් වර්ජනය කරන්නේ ද නැත. දේශපාලන පගා ගෙන, ගැටලුව නොවිසඳී තිබියදීම වර්ජන අවසන් කරන්නේද නැත. ඒ සියල්ලට වඩා වැදගත් කරුණ වන්නේ දේශපාලන වාසි තකා උසිගැන්වීම් මත වර්ජන නොකිරීමයි. ලංකාවේ ජරාජීර්ණ පක්ෂ දේශපාලනය මේ සඳහා වගකිව යුතුය. 

 


නිසංසලා දිසානායක 
අන්තර්ජාලය ඇසුරිනි



අදහස් (0)

ජනතාව බිල්ලට නොදී එතෙර වැඩ වර්ජන කරන්නේ මෙහෙමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

තක්සලාව

බෙරගල කන්දේ වැඩසිටින රහතන් වහන්සේලා
2025 මැයි මස 08 30 0

ඒ උතුම් පංච අභිඤ්ඤාලාභී උතුමන් පස්නමම වැඩ සිටින්නේ එකට. උන්වහන්සේලාගෙන් දෙනමක් ලංකාවාසි වන අතර, තුන් නමක් ඉන්දියාවේ වාසය කරන අයයි.


ඉදිරි දහ අට මාසයේ පෙරළි බහුලයි
2025 මැයි මස 08 23 0

ලෝකය සහ සොබා දහමේ හට ගන්නා වෙනස්වීම් පුරෝකථනය කිරීම සඳහා වූ පැරණිතම විද්‍යාව වන්නේ Mundane Astrology හෙවත් ලෝකායන නක්ෂත්‍ර විද්‍යාව ය. යටත් පිරිසෙයින් එහි භාවිත


සූර්යවංශි, ක්‍රිකට් වංශකතාවේ යෝධයෙක් වෙයිද
2025 මැයි මස 08 22 0

මේ දිනවල ක්‍රිකට් හිතැති හැමදෙනාම කතා කරන්නේ වෛභව් සූර්යවංශි ඉන්දියානු යෞවනයා ගැන. ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ වේගවත්ම ශතක ලැයිස්තුවේ දෙවැනි තැ


වෙසක් මස ග්‍රහ ගමන ඔබේ ලග්නයට කෙරෙන බලපෑම
2025 මැයි මස 08 31 0

මෙම මස ග්‍රහ ගමන් සිදුවෙන ආකාරය අනුව ඔබ උපන් ලග්නයට අදාළව ඔබේ අධ්‍යාපන - ආර්ථික - රැකියා හා ව්‍යාපාරයන්හි තත්ත්වය පිළිබඳව කෙරෙන විග්‍රහය


සඳු කේන්දරයේ පිහිටන ආකාරය අනුව ඔබේ අනාගතය ගැන කියවෙන රහස්
2025 මැයි මස 08 12 0

කේන්ද්‍ර සටහන යනු අපගේ අනාගතය පිළිබඳව කියැවෙන ග්‍රහ පිහිටීම් සහිත ලේඛනයකි. මෙකී කේන්දරය තුළ විවිධ ග්‍රහ ස්ථානයන්හි විවිධ ග්‍රහයන් පිහිටා තිබීම මත එම


රජෝදර්ශන කාලයේදී ස්නානය සුදුසු ද
2025 මැයි මස 08 17 0

ගැහැනු ළමයකු ගේ දෙවන උපත ලෙස මල්වර වීම හඳුන්වන්න පුළුවන්. එය නව දිවියකට පා තබන සංක්‍රමණික අවධියක් වන්නා සේම, එහිදී දරුවකු ශාරීරිකව මෙන්ම මානසිකව ද යම් ය


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 27 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1294 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 333 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site