IMG-LOGO

2025 පෙබරවාරි මස 14 වන සිකුරාදා


ජනතාව දුක් විඳින මොන්ටෙනීග්‍රෝ රට

වළපල්ලට ගිය රටවල්

 


ලෝකයේ තවත් වළපල්ලට ගිය රටකි නැගෙනහිර යුරෝපයේ පිහිටි මොන්ටෙනීග්‍රෝ රාජ්‍යය. ඇඩ්‍රියාටික් මුහුදු තීරයේ බොස්නියාව, සර්බියාව, කොසෝවෝ, ඇල්බේනියාව හා ක්‍රොඒෂියාව යන රටවලට මැදිව පිහිටි මේ දේශය තුළින් සෞභාග්‍යය පලා ගොස් ඇත්තේ ජනතා පීඩනය දෙගුණ තෙගුණ කරමිනි. මේ රට තුළින් ඇසෙන්නේ ද දුක් විඳින ජනතාවගේ ශෝකාලාපයයි.   


2006 මැයි මාසයේ දී ස්වාධීන රාජ්‍යයක් බවට පත් වී නිදහස් ජාතියක් වශයෙන් හිස ඔසවා ගැනීමට වෙර දැරුවත් මේ රට ද ලබාගෙන ඇත්තේ වල් බූරු නිදහසකි. මෙයත් ඇති එකා තර වෙන නැති එකා නැත්තටම නැති වන තවත් අවාසනාවන්ත දේශයකි.   


50,000 ක් අනාථ කඳවුරුවල 

 
විශාලත්වය ව.කි.මී. 13,812 ක් හෙවත් ව.සැ. 5333 කි. කුඩාම රටකි. ජනගහනය හත් ලක්ෂයකට මඳක් වැඩිය. යුරෝපයේ බොහෝ රටවල විවිධ ජාතීන් එක් වී භූමියට ගහ මරා ගන්නා මේ අසමත් රාජ්‍ය තුළින් ඇසෙන්නේ ද දුක් විඳින පොදු ජනතාවගේ ශෝකාලාපයයි. මේ රටේද දුක, ශෝකය, පීඩනය අසහනය කරපින්නා ගෙන සිටින්නේ එදා වේල පිරිමසා ගැනීමට ඉමහත් ජීවන සටනක නිරත වන අසරණ ජනතාවයි. මේ රටේ ද දේශපාලකයින්ට හොඳට සැපය. සනීපය. ඔවුන්ට නම් සුර සැප. මෙහි ජනාධිපති මිලෝ ඩුකනොවික්ය. අගමැති ඩුස්කෝ මාර්කොෂික්ය.   


මුළු ජනගහණයෙන් සියයට 7 ක් හෙවත් 50,000 කට වැඩි පිරිසක් අනාථ කඳවුරුවල ඉතා දුක්ඛිත දිවියක් ගෙවන, රැකියා විරහිතවූවන්ගෙන් පිරුණ මොන්ටෙනීග්‍රෝ රාජ්‍යය තුළ ගිලී පවතින්නේ දරිද්‍රතාවයේ අඳුරු සලකුණුය. බෝර්ගන් ව්‍යාපෘති වාර්තාව කියන පරිදි යුරෝපයේ අසමත් රාජ්‍යයන් පිළිබඳ ලැයිස්තුවේ ඉහළින්ම සටහන් වී ඇති රටකි.   
මෙහි කෘෂි කර්මාන්තයෙන් දිවි ගෙවන ගොවි ජනතාවට රජය මගින් පහසුකම් සපයා නැත. සෞඛ්‍ය සේවය අඩාළ වී ඇත. තරුණ පරපුර තුළ ඇත්තේ ඉමහත් අසහනයකි. පාසල් නොයන ළමයින්ගේ සංඛ්‍යාව අතිමහත්ය. අධ්‍යාපන පහසුකම් ලබාදීමට රජය අපොහොසත් වී සිටිති.   


රැකියා විරහිත තරුණ තරුණියන් රට අතහැර යාම ශීඝ්‍රයෙන් සිදුවෙමින් පවතී. බොහෝ තරුණ තරුණියෝ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට ඇබ්බැහි වී සිටී. බොහෝ තරුණ තරුණියෝ නීති විරෝධී ක්‍රියා සිදු කිරීම නිසා බන්ධනාගාරගතව සිටිති.   


අගනුවරින් ඈත ගම්වලට තවමත් ගමනාගමන, විදුලිය, ජලය, කැළිකසළ, කැසිකිළි ආදී පහසුකම් සපයා නැත. රට පුරා ලෙඩ රෝග පැතිරෙමින් පවතී. සෞඛ්‍ය පහසුකම් නොමැති නිසා මියයන රට වැසියන්ගේ සංඛ්‍යාව අතිවිශාලය. යුරෝපයේ මෙවැනි රටක් ඇත්තටම තිබේ දැයි විශ්වාස කළ නොහැකි පරිද්දෙන් රට විනාශ මුඛයට පත් වී හමාරය.   


පල්ලම් බැස්ස ආර්ථිකය   


ලෝක බැංකුව සඳහන් කරනුයේ ජනගහණයෙන් සියයට 23 ක් දිළිඳු ජනතාව බවය. සර්බියාව මෙන්ම මොන්ටෙනීග්‍රෝ රාජ්‍ය්‍යට ද කණකොකා හඬා ඇත්තේ බලයට පත් වූ දේශපාලකයින්ගේ හපන්කම් නිසාය.   


පල්ලම් බැස්ස ආර්ථිකය ගොඩනැංවීමට මෙහි පාලකයින් අසමත් ව සිටී. දිළිඳු බව හේතු කොට ගෙන අපරාධ ශීඝ්‍රයෙන් සිදුවන රටකි.   


මෙහිද නීතිය හරහට හිටින්නේ නැති බැරි එකාගේ අවාසියටය. ඇති අය අපරාධ හොරකම් දූෂණ සිදු කර නීතියේ පිළිසරණ ලබා යහතින් දිවි ගෙවන තවත් රටකි. දූෂිත දේශපාලකයින්ගෙන් පිරුණ තවත් රටක් වශයෙන් හැඳින්විය හැකිය.   


කුසගින්නෙන් පෙළෙන ජනතාව වැඩි වශයෙන්ම සිටින මේ රට අගාධයට ඇද වැටී ඇත්තේ දේශපාලකයින් තරගයට හොරකම් කරන නිසාය. මේ දේශපාලකයින්ට රජයේ ඉහළම නිලධාරීන් පොලිසිය හා අධිකරණය සහය දීම තුළින් ලෝකයේ බොහෝ රටවල් මෙන්ම මේ රට ද විපතින් විපතට පත්ව ඇත.   


ජනතාව මර්දන කරන ජනපති   


ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් වාර්තාවක සඳහන් වන්නේ මොන්ටෙනීග්‍රෝ රටේ වැඩි වශයෙන්ම දූෂණ ක්‍රියා සිදු කරනුයේ එහි දේශපාලන පක්ෂ මගින් බවය. දේශපාලන ක්‍රියාධරයින් මුදලට ජනතාවගේ ඡන්ද ලබාගැනීම තුළින් මෙහි නියම මහජන මතය ප්‍රකාශයට පත් නොවන බව එම වාර්තාව දක්වයි.   


බෝල්කන් ඉන්සයිට් මාධ්‍ය වාර්තාවක් මොන්ටෙනීග්‍රෝ රටේ දේශපාලකයින් සිදු කළ දූෂණ වංචා පිළිබඳ දීර්ඝ ලිපියක් 2019 පෙබ. 15 දා පළ කර තිබුණි. මෙහි විශේෂයෙන්ම සඳහන් වී තිබුණේ ජනතාව දහස් ගණනින් පොඩ්ගෝරිකා අගනුවර රැස් වී උද්ඝෝෂණය කරමින් මොන්ටෙනීග්‍රෝ ජනපති මිලෝට සහ රටේ නීතිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සිටි බවයි. ජනපති පොලිසිය යොදවා උද්ඝෝෂකයින් මර්දනය කළ අයුරු ද එම ප්‍රවෘත්ති වර්තාවෙහි සඳහන් විය. දීර්ඝ කාලයක් තිස්සේ ජනපති පදවිය දරන මිලෝ දූෂණයට මුල් තැන දෙන බව බහුතර ජනතාවක මතයයි.   


හිතවතුන්ට සැලකූ ජනපති   


මුදලට ඡන්ද ලබා ගනිමින් මුදල් විශුද්ධිකරණය සිදු කරමින් රජයේ දේපොළ විකුණමින් ජනපතිවරයා සිදු කරන ක්‍රියා පිළිබඳ ජාත්‍යන්තර මාධ්‍යයන් කාලයක් තිස්සේ විවිධ පුවත් පළ කරන්නට පටන් ගෙන තිබේ. මේවා නොඇසුණාක් මෙන් ජනපතිවරයා මහජන මතය යටපත් කරමින් බලයේ රැඳී සිටී.   


රට ප්‍රපාතයට ඇද වැටී ඇත්තේ මේ නිසාය. ජනපතිවරයා තම හිතවතුන්ට රාජ්‍ය දේපොළ අවභාවිත කරන්නට ඉඩදී රටට සිදු කළ හානිය ඩොලර් මිලියන 500 කට වැඩි බව මාධ්‍ය වාර්තා දක්වයි.   


බ්‍රිතාන්‍යයේ පළවන ඉන්ඩිපෙන්ඩන්ට් පත්‍රය ලෝකයේ පොහොසත්ම පාලකයින් 20 දෙනාගේ ලැයිස්තුවට මොන්ටෙනීග්‍රෝ රාජ්‍යයේ ජනපති මිලෝ ඩිජුකොන්වික්ගේ නම ද ඇතුළත් බව සඳහන් කරයි. මෙවැනි දූෂිත පාලකයින් නිසා රටවල් අඳුරෙන් අඳුරට පත් වන අයුරු වසර එක හමාරක් තිස්සේ මේ තීරුවෙන් මම පෙන්වා දුනිමි.   


මොන්ටෙනිග්‍රෝ පාලකයාගේ වත්කම ඩොලර් මිලියන 14.7 ක් බව ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත තම වාර්තාවෙහි සඳහන් කර තිබේ. එහෙත් ඇතැම් විදේශ මාධ්‍යයන් සඳහන් කරනුයේ ඔහු රටේ මහා භාණ්ඩාගාරයෙන් හොරකම් කළ මුදල් සම්භාරය මෙම මුදල් ප්‍රමාණය මෙන් දහ ගුණයකින් වැඩි බවය. අසාර්ථක හැම රාජ්‍යයකම පාහේ සිදුවන්නේ මෙයයි.   


මොන්ටෙනීග්‍රෝ රාජ්‍යයේ මහජන මුදල් සොරකම් කළ රාජ්‍ය දේපොළ අවභාවිත කළ, මුදල් විශුද්ධිකරණයෙහි නිරත වූ ඥාති පරපුරට ර​ටේ දේපොළ පවරා දුන් දේශපාලකයින් 86 දෙනෙකුට එරෙහිව ​චෝදනා එල්ල වී ඇතත් නීතිපති සහ අධිකරණය ඔවුන් ආරක්ෂා කිරීමේ ඉතා සියුම් සංවිධානාත්මක ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බව බෝල්කන් නිව්ස් මාධ්‍යය දක්වයි. දූෂිත නඩුකාරයින් සිටින තාක්කල් මොන්ටෙනීග්‍රෝ නමැති මේ අවාසනාවන්ත රට කෙසේවත් ගොඩගත නොහැකි බව මාධ්‍ය වාර්තා දක්වයි.

 

 

සිරි හීන්පැල්ල
 නිව්‌යෝර්ක් නුවර සිට ලියයි  

 



අදහස් (0)

ජනතාව දුක් විඳින මොන්ටෙනීග්‍රෝ රට

ඔබේ අදහස් එවන්න

 

 

තක්සලාව

පළමු වතාවට ඇන්ටාක්ටිකාවේ උසම කන්ද තරණය කළ ශ්‍රී ලාංකිකයා
2025 පෙබරවාරි මස 11 21 0

ඇන්ටාක්ටිකාව තරණය කිරීම යනු ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයි. ඒත් හිමාලය තරණය කළ ඔහුට එය තවත් අභියෝගයක් පමණක් වුණි.


සොබාදහමට ආදරය කරද්දී අපේ ජීවිතවල ආතතිය අඩු වෙනවා
2025 පෙබරවාරි මස 11 23 0

හුදකලාව සොබාදහම විඳින්න කැමති බොහෝ දෙනා අතරේ තමන්ගේ ළබැඳි සමීපතමයන් සමගින් ඒ හෝරාවන් බෙදාහදා ගන්නට කැමති වූ ඔහු - අද සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය සංචාරකයන


දකුණට ආවොත් යන්නම ඕනැ නිල්වැල්ලේ නිල් දුපත
2025 පෙබරවාරි මස 10 66 0

කුණු වෙරළ තීරයේ පිහිටි සුන්දර වෙරළ තීරයන් අතුරින් Blue Beach Island නිල්වැල්ල වෙරළ තීරයට හිමිවන්නේ සුවිශේෂි තැනකි.


කඳු නගින්න කෑම්පින් කරන්න කැමතිද ? එහෙනම් මේ කතාව ඔබට ...
2025 පෙබරවාරි මස 10 27 0

නිවර්තන පාරාදීසයක් වන ශ්‍රී ලංකාවේ දර්ශනීය කඳුහෙල් මෙන්ම, විශ්මය ජනක ගිරිශිඛර කන්දක් මුදුනට ළඟා වීමත්, ඒ අතරතුර කඳවුරු ගසා ගෙවන රාත්‍රීන් ද ජීවිතයේ ලබ


චීනයේ සිච්කෝ පැරණි පන්නයේ ගල් ඇති රූ වීදි දිගේ දවසක්
2025 පෙබරවාරි මස 10 22 0

චීන ජනතාව අතර පවතින මතයක් වන්නේ - චීනයේ චොන්ග් චිං නගරයේ සිටිමින් සිචිකොව් (Ciqikou) නගරය වෙත නොයන්නේ නම්, අදාළ අය චොන්ග් චිං වෙත පැමිණීමෙන් පලක් නැතිය යන්නයි


ලෝකයේ පළමු පාලි - සංස්කෘත හා සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානය බිහිවූ හැටි
2025 පෙබරවාරි මස 07 31 0

“මම පුංචි මිනිහෙක් මම ඒක කරන්නේ කොහොමද” උන්වහන්සේගෙන් මම විමසුවා.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 166 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 131 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 920 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site