IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


අලුත් පරපුරේ කතාබහ

සෙයිලමේ යෑම   


ගැමියා සෙයිලමේ යනවා කියන්නේ කඩපිළට යනවා කියන්නටය. අතීතයේ දී ශ්‍රී ලංකාව සෙයිලෝන් කියා හැඳින් වූ බව අපි දනිමු. පෘතුගීසිකාරයෝ ද ලංකාව එලෙසින් හැඳින් වූහ. විශේෂයෙන්ම පෘතුගීසි පාලනය යටතේ පැවති ප්‍රදේශ හැඳින්වීම සඳහා එම වචනය භාවිත විය. අතීත සිංහලයා සෙයිලමේ යනවා කියා ගියේ පෘතුගීසී පාලනය පැවති ප්‍රදේශවලටය. කඩපාස්පු ආදිය පැවතියේ සෙයිලමේය.   


මම සෙයිලමට ගොහින් එන්නම්කො.   


සාප්පු යෑම   


මේ වචනය ඉංග්‍රීසී භාෂාවේ එන ෂොප් shop යන්නෙන් නිර්මාණය වූවකි. එහි තේරුම කඩසාප්පු යන්නයි. කඩසාප්පුවලට යන වර්තමානික සිංහලයා කියන්නේ ෂොපින් යනවා කියාය. 

 
අපි ෂොපින් යනවා 

 
සවාරි යෑම 

 
ඉංග්‍රීසියේ එන සෆාරි safari යන්නෙන් මෙය නිර්මාණය වූවා යැයි සිතිය හැකිය. ගමන් බිමන් යන අවස්ථා හැඳින්වීමට සුලභව ව්‍යවහාර වෙයි.   


ෂෝටීස්   


සුද්දන් කෙටි ආහාරවලට කියන්නේ shot eats කියාය. මේ වචන දෙක සන්ධි කළ සිංහලයෝ එය ෂෝටීස් (short - eats) ලෙස වැහැරීමට පුරුදු වූහ. අද සෑම හෝටලයකම පාහේ කට්ලට් සැන්ඩ්විච් වැනි කෙටි කෑම වර්ග හඳුන්වන්නේ ෂෝටීස් කියාය.   


ටොනික් බෝතලය   


ඉස්සර අපි කුඩා බීම බෝතල් ටොනික් බෝතල් ලෙස හැඳින්වූයෙමු. හොඳ ගුණදායක බීම බෝතල් එනමින් හැඳින්විණ.   


ඔරේන්ජං බාර්ලි   


සිසිල් බීම අතර ඇති එක් බීම වර්ගයක් වන්නේ ඔරේන්ජ් බාර්ලිය. ගැමියා මේ වචනය උච්චාරණය කළේ ඔරේන්ජං බාර්ලි ලෙසය. ඊට හේතුව සිංහල භාෂාවේ ජ් අක්ෂරයෙන් අවසන් වන වචන නැති නිසාය. 

 
රෝස් පාන්   


ටෝස්ට් බ්‍රෙඩ් tost bread සුද්දන් අතර ජනප්‍රිය ආහාරයකි. පාන් ටෝස්ට් කර ආහාරයට ගැනීම යනු එහි අර්ථයයි. සිංහලයා එය රෝස් පාන් බවට පත් කර ගත්තේය.   


ඥානකතා විස්කිරිඤ්ඤා   


පාන් හා තවත් බොහෝ පිටි ආශ්‍රිත කෑම වර්ග සිංහලයා අතර භාවිතයට පැමිණියේ පෘතුගීසින්ගෙනි. ඥානකතා විස්කිරිඤ්ඤා යනු ද එලෙස පරංගින්ගෙන් පැමිණ අප අතර ජනප්‍රිය වූ දේවල්ය.   


ලෑතර විස්කෝතු   


අකුරු හැඩැති විස්කෝතු හැඳින්වීමට සිංහලයෝ මේ ව්‍යවහාරය සකසා ගත්හ. පරංගි භාෂාවෙන් අක්ෂර හඳුන්වන්නේ ලෙට්ටෙරා යනුවෙනි. ඉංග්‍රීසියෙන් නම් ලෙටර් ය. අකුරුවල හැඩය ඇති විස්කෝතු හඳින්වීමට ලෑතර යන ශබ්දය නිර්මාණය වූයේ එම  පෘතුගීසි හා ඉංග්‍රීසී ශබ්ද අනුව විය යුතුය.   

සුම්මා 

 
සුම්මා යනු දෙමළ වචනයකි. එහි තේරුම කිසිවක් නෑ යන්නය. කිසිවක් නැති හා යම් සිදු නොවන දෙයක් ගැන අදහස් කිරීමේ දී සිංහලයෝ මෙම ‘සුම්මා’ යන යෙදුම භාවිත කරති.   


ඒවා නම් සුම්මා තමයි.   


බාල් නටනවා 

 
සුද්දන් හොඳට ඇඳ පැලඳ ඉඩකඩ සහිත ශාලාවල නර්තනයෙහි යෙදෙන අවස්ථා බාල් නැටුම් යැයි හඳුන්වයි. ගැහැනු හා පිරිමි එවැනි නැටුම්වලට සම්බන්ධ වෙති. සිංහලයේ දී ද මේ බාල් නැටුම් යන යෙදුම ව්‍යවහාර වෙයි.   


මෙච්චර ප්‍රශ්න තියෙද්දි එයා බාල් නටනවා   


ජවුසන් නටනවා   


මේ ජවුසන් යන වචනය සිංහල භාෂාවට කවර භාෂාවකින් පැමිණියේ ද යන්න අපහැදිලිය. කෙසේ වෙතත් විකාරරූපි හැසිරීම් හැඳින්වීමට එය බහුල ලෙස භාවිත වෙන අවස්ථා දැකිය හැකිය.   


බයිලා කියනවා 

 
බයිලා යනු ගීත විශේෂයකි. බයිලා රේ යන පරංගි භාෂා යෙදුමේ අර්ථය නම් සංගීතය අතරතුර නටනවා යන්නය. අපි එය බයිලා වශයෙන් කෙටි කර ගත්තෙමු. කෙනෙකු වැඩකට නැති දේවල් කියන විට එම පුද්ගලයා හැඳින්වීමට   

මෙයා බයිලා ගහනවා 

 බයිලා කියනවා   

වශයෙන් කියන අවස්ථා කොතෙකුත් ඇත.   


කෝචොක් කරනවා   


මේවදන ද කුමන භාෂාවකින් පැමිණියේ ද යන්න අපහැදිලිය. සරදම් කරනවා වැනි අර්ථයකින් එය භාවිත වෙයි.   

 

 

සටහන - උපුල් වික්‍රමසිංහ   



අදහස් (0)

අලුත් පරපුරේ කතාබහ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28661 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18203 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11126 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 684 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 205 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 861 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site