අපි අපේ බලවේග ඉක්මනින් ඈත්කර ගත්තා
බැසිල් රාජපක්ෂ ඉරිදා ලංකාදීපයට කියයි
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
පොදු පෙරමුණු ආණ්ඩුවට මග වැරදුණු බව තමන් පිළිගන්නේ යැයි පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය. ඒ මහතා එසේ ප්‍රකාශ කළේ ඉරිදා ලංකාදීපය කළ විමසුමකට පිළිතුරු වශයෙනි.
නිවැරැදි නොවන තීරණ ගැනීම, නිවැරැදි තීරණ කලට වෙලාවට නොගැනීම මෙන්ම ආණ්ඩුව අභ්‍යන්තරයේ මතු වූ මත ගැටුම් මෙම අර්බුදයට මග පෑදූ බවද ඒ මහතා පැවසීය.
‘අපි අපේ බලවේග ඉක්මනින් ඈත්කර ගත්තා. ඒ වගේම යහපාලනය ආණ්ඩුවටත් වඩා වැඩියෙන් යහපාලනය ක්‍රියාත්මක කරන්න ගියා. අපේ රජයට වැරදුණේ එතැනින්’ යැයි ද බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
ඉදිරි ක්‍රියාමාර්ග කවරේදැයි විමසූ පැනයට පිළිතුරු වශයෙන් ඒ මහතා ප්‍රකාශ කළේ ‘දැන්ම ඒ ගැන කියන්න බෑ’ යනුවෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ වහගන්නවා කට
Basil's wife Pushpa got 4 houses in California.
ආණ්ඩුවලට විතරක් නෙමෙයි රටටම වැරදුනේ 1948 ඉදන්ම අපි මේ ක්‍රමය පවත්වාගෙන ආ නිසා. ජනතාවට උවමනා ක්‍රමයක් නෙමෙයි මේක. විශේෂයෙන්ම ප්රජාතන්ත්රවාදය කිය්ල කියන්නේ න්‍යායාත්මක හා ඒ ඒ රටවල් වල පාලන ප්‍රතිපත්ති මත වෙනස් වන සුලු දෙයක්. එයටම හරියන්න අපිට ස්ර්වජන ජ්න්දබලය ලැබුනා. ජන්දදායකයා ප්රජාතන්ත්රවාදය විශ්වාස කොට හොරෙකුට ජන්දය දීල ඌ අවුරුදු 5න් 5ට මාරුවෙන් මාරුවට හොරකම් කරන දිහා බලාගෙන ඉන්නවා. අපි වගේ රටවල් පාලනය කරන්න තිබුනේ ඕස්ට්‍රේලියාව වගේ මහරැජින යටතේ. එහෙම උනානම් අපේ පාලකයින්ට මේ වගේ දූෂණ අක්‍රමිකතා කරන්න ඉඩක් නැහැ. මින් එදා ඉදල අද දක්වාම හොරකම කරල දැන් අරක නිසා මේක නිසා වැරදුනා කියල වැඩක් නැහැ. ඔය බයිලා ගහල වැලපෙන්න කලින් හොරලම් කල සල්ලි රටට නැවත දීල ඉන්න. මෙතෙක් මේ රට පාලනය කල න්ල්සියලුම පක්ෂ මේ විනාශයට වගකිව යුතුයි
Yes. U tried to take the Country towards America on a hidden agenda instead of balancing China