අධ්‍යාපන, පොලිසියත් මුල් පෙළේම
සුජිත් හේවාජුලිගේ
අල්ලස් ගැනීම් වැඩිපුරම සිදුවන ආයතන අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල මුල්තැනට පැමිණ ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
ඊට පසු අල්ලස් ගැනීම් වැඩිපුර සිදුවන ආයතන අතර පොලිසිය, අධ්‍යාපන ක්ෂේත්‍රය, ශ්‍රී ලංකා රේගුව, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය සභා ඇතුළු පළාත් පාලන ආයතන සහ සුරාබදු දෙපාර්තමේන්තුව වෙතියි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරියෙක් ඉරිදා ලංකාදීපයට පැවැසීය.
ජනතාව වැඩිපුර ගැටෙන ආයතනවල අල්ලස් ගැනීම් සුලබව සිදුවන බවත් විශේෂයෙන් බලපත්‍ර නිකුත් කිරීම් වැනි කටයුතු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අල්ලස් ගැනීම් වැඩිවීමට ප්‍රධාන හේතුව බවත් එම නිලධාරියා ප්‍රකාශ කළේය.
මේ ආයතනවල අල්ලස් ගැනීම් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි ප්‍රමාණය ඉතා අල්ප බව පවසන එම කොමිසම පැමිණිලි ඉදිරිපත් නොකෙරෙන අවස්ථා ඉතා වැඩි බවද සඳහන් කරයි.
සමහර පුද්ගලයන් රස්තියාදුවීම වළක්වා ගැනීම සඳහා කුමන හෝ අල්ලස් මුදලක් ලබාදී සිය වැඩ කටයුතු කර ගැනීමට උත්සාහ දරන ප්‍රවණතාවක් ඇතිවී තිබෙන බව කොමිසමේ විමර්ශන නිලධාරිහු පවසති.
රටපුරා ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාල සංඛ්‍යාව තුන්සියයකට අධිකය.
මේ අතර රාජ්‍ය ආයතනවල අල්ලස් ගැනීම් සහ දූෂණ වළක්වා ගැනීම සඳහා විශේෂ වැඩසටහන් ගණනාවක් අලුතින් ආරම්භ කර ඇතැයි අල්ලස් කොමිසම පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රා ලේ තුමන් ලාට සහ කාර්ය මණ්ඩලයට ජයවේවා. ඔබේ ජය අපේ සතුටයි.
මේ ආයතන සියල්ල පෞද්ගලික අංශයට ලබා දෙන්න ඕන.
ගොඩක් හොඳයි, ගොඩක් ලස්සනයි මිනිස්සුන්ට දෙයියන්ගේ පිහිටයි.