IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සංවර්ධන ව්‍යාපෘති වලදී ව්‍යාපෘති කාර්යාල එපා

 භාණ්ඩාගාර ලේකම්ගෙන් උපදෙස්

(දයාසීලි ලියනගේ)   

විවිධ ව්‍යාපෘති සඳහා ව්‍යාපෘති මෙහෙයුම් කාර්යාල (P.M.U.) අවශ්‍ය නොවන බැවින් ඉදිරි වසර සඳහා ඇස්තමේස්තු සැකසීමේදි ව්‍යාපෘති වියදම් ඇතුළත් නොකිරීමට වගබලා ගන්නා ලෙස භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා සියලු අමාත්‍යාංශ ලේකම්වරු, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු, පළාත් සභා ලේකම්වරු හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් මගින් නියම කර ඇත.   

 දැනට වැඩ ආරම්භ කර භෞතික ප්‍රගතියක් පෙන්නුම් නොකරන වැඩසටහන් යළි සමාලෝචන කර ඉදිරියට පවත්වාගෙන යන්නේ ද යන්න නිශ්චය කළ යුතු අතර එවැනි ව්‍යාපෘති සඳහා ලබන වර්ෂයට මුදල් වෙන් කළ යුතු ද යන්න තීරණය කළ යුතු බව ද සඳහන් කර ඇත.  


 මීට අමතරව අය වැය යෝජනා ලෙස විදේශ මුදල් භාවිත කර ව්‍යාපෘති කාලය අවසන් වූ පසු දේශීය මුදල් භාවිතා කරමින් නිසි ඉලක්ක සපුරා ගත නොහැකිව තවදුරටත් එම ව්‍යාපෘති පවත්වනවාද යන්න පිළිබඳවත් තීරණය කළ යුතු බව සඳහන් වේ. 


ගිවිසුම්වලට එළඹ ඇති නමුත් වැඩ ආරම්භ කිරීමට නියමිත ව්‍යාපෘතීන්ද යළි සමාලෝචනය කිරීමට ද කටයුතු කළයුතු වේ. 

 



අදහස් (0)

සංවර්ධන ව්‍යාපෘති වලදී ව්‍යාපෘති කාර්යාල එපා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site