(මහින්ද නිශ්ශංක)
රථවාහන වැරදි පහක් සඳහා රුපියල් 25,000 බැගින් දඩ මුදල් නියම කිරීම ඇතුළු වාහන දඩ වැඩි කිරීමේ නීතිය ඉදිරි සතියේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පවසයි. 
මෙම රථවාහන දඩ මුදල් වැඩි කිරීම සඳහා අවශ්‍ය කෙරෙන නීතිමය රාමුව මේ වන විටත් සකස් කර අවසන් බවද පවසන වෛද්‍ය කෝදාගොඩ මහතා දඩ මුදල් වැඩි කිරීමේ විශේෂ ගැසට් නිවේදනයද ඉදිරි සතියේදී නිකුත් කරන බවද කීය. රුපියල් 25,000 බැගින් දඩ නියම කෙරෙන රථවාහන වැරදි අතර රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය පැදවීම, මත්ද්‍රව්‍ය පාවිච්චි කර රිය පැදවීම, වලංගු රක්ෂණ බලපත්‍රයක් නොමැතිව රිය පැදවීම, දුම්රිය හරස් මාර්ගයක අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම හා බාල වයස්කරුවන් රිය ධාවනය කිරීම යන වැරදි පහ වෙතැයි සභාපතිවරයා පවසයි.
මේ අතර අධික වේගයෙන් රියපැදවීමේදී වේගය අනුව දඩ මුදල නියම කෙරෙන බවත් පවසන මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය කෝදාගොඩ මහතා රථවාහන දඩ මුදල් රුපියල් 25,000 බැගින් නියම කිරීම ඇතුළු දඩ මුදල් වැඩි කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතියද ලැබී ඇතැයි කියා සිටී.
2025 දෙසැම්බර් මස 04
349
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
430
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
402
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වාහන දඩ මුදල් 25,000 දක්වා වැඩිකිරීම ලබන සතියේ සිට