(දයාසීලි ලියනගේ)
ඒකාබද්ධ විපක්ෂය මගින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කිරීමට තීරණය කර තිබූ විශ්‍වාසභංග යෝජනාවට අනෙකුත් දේශපාලන පක්ෂ නියෝජිතයන් බොහොමයක් දෙනාගේ සහාය ලැබී නැති බව වාර්තා වේ.
ඒකාබද්ධ විපක්ෂයේ 54 දෙනා පමණක් විශ්වාසභංග යෝජනා කිරීම සාර්ථක ක්‍රමවේදයක් නොවන නිසා අනෙකුත් පක්ෂවල ද සහාය ලබාගැනීමට තීරණය කර තිබිණි.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රජය පාර්ශ්වයේ සහාය ලබාගැනීමට ගත් උත්සාහය අසාර්ථක වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහාය ලබාගැනීමට නොහැකි තත්ත්වයක් පවතින බව කියති.
මේ තත්ත්වය නිසා විශ්වාසභංග යෝජනාවට බහුතරයේ සහාය ලබාගැනීමට නොහැකි වී ඇතැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd