(දයාසීලි ලියනගේ)
කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙන ඇතැම් රෝහල්වල වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයට අවශ්‍ය ආරක්ෂිත කබා ප්‍රමාණවත් තරම් නොලැබීම නිසා බලවත් අසීරුවකට පත්වී සිටින බව වාර්තා වේ.
වෛද්‍යවරු, හෙදියන්, සාත්තු සේවිකාවන් හා කම්කරු සේවකයන් පාවිච්චි කරනු ලබන මෙම කබා එක් රෝගියකු සඳහා එක්වරක් පමණක් පාවිච්චි කරනු ලබන අතර ඉන්පසු ඒවා විනාශ කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සංගමයේ සභාපති සමන්ත කෝරළේආරච්චි මහතා කීය.
සෞඛ්‍ය ඖෂධ සැපයුම් අංශය මගින් මෙම ආරක්ෂක කබා රෝහල්වලට සපයනු ලබයි.
විශේෂයෙන් අයි.ඩී.එච්. රෝහලට මෙම ආරක්ෂිත කබා වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වෙන නමුත් එම රෝහලට ප්‍රමාණවත් තරම් ආරක්ෂක කබා නොලැබෙන තත්ත්වයක් පවතින බව ද ඔහු කීය.
වසංගත රෝග තත්ත්වයක් පිළිබඳව අයි.ඩී.එච්. රෝහල ඇතුළු අනෙකුත් රෝහල් කාර්ය මණ්ඩල විධිමත් ලෙස දැනුවත් නොකිරීම බලවත් ප්‍රශ්නයක් බව ද කෝරළේආරච්චි මහතා කීය.
2025 දෙසැම්බර් මස 04
234
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
387
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වෛරස් රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහල් කාර්ය මණ්ඩලයට ආරක්ෂක කබා හිඟයක්