IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ලක්ෂ දහයේ ලීස් එකට අලියා පන්සලට

වත්මන් ආණ්ඩුව බලයට පත්වූ පසු ආගමික ස්ථාන කිහිපයක සිටි අලි ඇතුන් රජයේ භාරයට ගැනීම දැක ගත හැකි විය. මෙයට එරෙහිව විවිධ මතවාද මතු වූ අතර සමහරුන් කීවේ මේ නිසා පෙරහර සඳහා ද අලි ඇතුන් නැති වන බවය.


මේ සඳහා විසඳුමක් වනජීවී ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඉකුත් සතියේ පැවැති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කළේය. ඔහුගේ යෝජනාව අනුව පින්නවල අලි අනාථාගාරයෙන් විහාරස්ථාන සඳහා අලි ලබාදෙයි. ඒ සඳහා රුපියල් මිලියනය ගණනක ඇපකරයක් වනජීවී අමාත්‍යාංශයේ තැබිය යුතුය. අලියාගේ වටිනාකම අනුව මිලියන එකේ සිට දහය දක්වා වැඩිවිය හැකි බවද ඇමැති ජයවික්‍රම කීවේය. අලියාගේ නීත්‍යානුකූල හිමිකාරිත්වය රජයට පැවරෙන අතර,  විහාරස්ථානයේ තබාගෙන අලියා නඩත්තු කරගත හැකිය. අලියාට ආහාර සැපයීම ඇතුළු නීති මාලාවකට ද අදාළ විහාරස්ථානය හෝ ආගමික ස්ථානය යටත් විය යුතුය. මෙම යෝජනාවට කැබිනට්ටුවේ අනුමැතිය හිමි විය. පසු පෙළ සිටි ඇමැතිවරයකු මේ සම්බන්ධයෙන් ඇමැති සගයකුට කීවේ “නොම්මර එකයි. ලක්ෂ දහයේ ලීස් එකට අලියා පන්සලට” කියාය.



අදහස් (0)

ලක්ෂ දහයේ ලීස් එකට අලියා පන්සලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 635 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 306 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site