IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


ලංකාවේ සියලු ප්‍රධාන පක්ෂ සමග චීන කොමියුනිස්ට් පක්ෂයේ දැඩි සබඳතා

 

(ප්‍රේමකීර්ති රණතුංග) 
ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ සියලු දේශපාලන පක්ෂ සමග සෘජු සම්බන්ධතා පවත්වාගෙන යන බව චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ ප්‍රධානී යූ. ජියාන්හුවා මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය. 

චීනයේ බීජිං නුවර කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ ජාත්‍යන්තර අංශයේ ඉකුත්දා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඒ මහතා මේ බව පැවැසීය. 


එක්සත් ජාතික පක්ෂය, ශ්‍රීලනිපය, ජනතා විමුක්ති පෙරමුණ, වාමාංශික පක්ෂ, මුස්ලිම් කොංග්‍රසය සහ දෙමළ ජාතික සංධානය සමග ද තම සබඳතා ඉතා යහපත්ව පවත්වාගෙන යන බව කී ඒ මහතා මෙම වසරේ ඔක්තෝබර් මස 18 වැනිදා පැවැත්වෙන චීන කොමියුනිස්ට් පක්ෂ ජාතික කොංග්‍රසයේ 19 වැනි සමුළුවට ද මෙයින් පක්ෂ කීපයකට ආරාධනා කර ඇති බවද පැවැසීය. 


ජාතික ​කොංග්‍රසයේ කමිටු රැස්වීමක් කැඳවන්නේ වසර 5කට වරකි. එමගින් පත්කරගන්නා නිලධාරීහු ඉදිරි වසර 5 සඳහා චීනයේ පාලන බලයට සුදුසුකම් ලබති. 


මෙහිදී අදහස් දැක් වූ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කමිටුවේ ජාත්‍යන්තර අංශයේ සහකාර ලේකම් කාඕ සින්ගැන් මහතා පැවසුවේ චීන-ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැඩි වෑයමක යෙදී සිටින බවයි. 


චීනය සමග දැඩි සබඳතා පවත්වන රටවල ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂ තම පක්ෂයේ 19 වැනි සමුළුවට ගෙන්වා ගැනීම තම අරමුණ බව කී යූ ජියැන්හුවා මහතා ලෝකයේ රටවල 600කට ආසන්න දේශපාලන පක්ෂවල නියෝජිතයන් මෙම සමුළුවට සහභාගිවනු ඇතැයි ද සඳහන් කළේය. 


චීන කොමියුනිස්ට් පක්ෂයේ පළමු ජාතික සම්මේලනය 1921දී ෂැංහයි නුවරදී පැවැත්වුණු අතර 1928 දී රුසියාවේ මොස්කව් නුවරදී ද ජාතික සමුළුව රැස්වී තිබේ. 1956 රැස් වූ 8 වැනි ජාතික කොංග්‍රසයේ සිට දිගටම මෙම රැස්වීම පැවැත්වෙන්නේ බීජිං නුවරදීය. 1969 වසරේ සිට මෙම ජාතික කොංග්‍රස් මහා සමුළුව වසර 5කට වතාවක් රැස්වේ. 

 



අදහස් (0)

ලංකාවේ සියලු ප්‍රධාන පක්ෂ සමග චීන කොමියුනිස්ට් පක්ෂයේ දැඩි සබඳතා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 262 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 403 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site